IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අජන්තා විජේවර්ධනගෙන් Millionaire


 

කෙටි චිත්‍රපටයක් සොයා යන ඔබ එයින් අධි තාක්ෂණික මෙන්ම සිනමාත්මක ගුණ බළාපොරොත්තු වන්නේ නැති වන්නට පුළුවන්. නමුත් මෙහි බොහෝවිට ඉදිරිපත් වන කෙටි චිත්‍රපට අතරේ රංගනය, කැමරාකරණය, ආලෝකකරණය, අධ්‍යක්ෂණය, සංස්කරණය සහ තිර රචනය ඉතා විශිෂ්ඨ මට්ටමක තිබෙන බව දැකිය හැකියි. මෙම චිත්‍රපටයද එයට හොඳ සාක්ෂියක්.

“මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා අජන්තා විජේවර්ධන නගන අදහස්. මම මේකට දසුන් පතිරණව අරගත්තේ මා ඔහුව හොඳින් හඳුනන නිසායි. එය ඔහුට ගැලපෙන චරිතයක්. ඉන්පසුව මම මෙහි ප්‍රධාන නළුවා ලෙස අංජන ප්‍රේමරත්න තෝරාගත්තේ මිතුරන්ගේ මාර්ගයෙනුයි. මෙහි තියෙන්නේ මා ඇසූ කතාවක්. මා ඒ ඇසූ කතාවේ නම් මරණයක් සිදුවන්නේ නැහැ. මෙහි ප්‍රධාන නළුවා තමන්ගේ සියළු ප්‍රශ්න දරාගෙන ජීවත් වන අයෙක්. නමුත් ඔහුගේ ප්‍රශ්න විසඳෙනවායැයි හැඟෙන මොහොතෙහි ඔහු ඔහුගේ සියළු සඟවාගත් ජීවිතය වමාරනවා. ඒ වැමෑරීමෙන් පසුවයි අනෙකාට තමන් සෙල්ලම් කළේ මෙතරම් ඛේදානීය තත්ත්වයක් සමග බව වැටහෙන්නෙත්. මම මේ තුළ අද සමාජයේ තරුණයා විඳින අර්බුදයන් පවා ගෙන හැර දක්වන්නට උත්සාහ කරනවා.”

උපාධිධාරියෙකුට රැකියාවක් කරලාවත් ගොඩ යන්න බැරි තත්ත්වයක් කියන්නේ රටක නරක තත්ත්වයක්. මේ ව්‍යසනය අජන්තා සිය කෙටි චිත්‍රපටය තුළ සාර්ථකව දක්වා තිබෙනවා. නිහඬ මිනිසෙකු තමන් තුළ කොතෙක් සඟවාගෙන සිටිනවාද, ඔවුන් ලද ඇසිල්ලකින් ඒ සිහින සියල්ල තනි වස්තුවක් මත පටවනවාද, එය ඔවුන්ගේ ආවේගයට කොතෙක් බළපෑම් කරනවාද යන්න පිළිබඳ මේ හරහා අදහසක් ගන්නටත් ඔබට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

 

තිර රචනය සහ අධ්‍යක්ෂණය

  • අජන්තා විජේවර්ධන

 

රංගනය

  • අංජන ප්‍රේමරත්න
  • දසුන් පතිරණ

 

සම්මාන සහ නිර්දේශයන්

  • Agenda 14 හොඳම කෙටි චිත්‍රපටය සඳහා නිර්දේෂය
  • ජාත්‍යන්තර කාන්තා චෙන්නායි චිත්‍රපට උළෙලට තෙරී පත්වීම
  • තිස්ස අබේසේකර අනුස්මරණ සිනමා උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය 
  • තරුණ සේවා සභාවේ තරුණ අස්වැන්න යොවුන් සම්මාන උළෙලේ කුසලතා සම්මානය



අදහස් (0)

අජන්තා විජේවර්ධනගෙන් Millionaire

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 543 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site