
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ උපදේශක යුවාන් රුයිඩොං මහතා ඇතුළු දූත පිරිස අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (18) පැවැත්විණි.
මානව සම්පත සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙරටේ මැදිහත්වීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාවේ ආධුනික ශිෂ්‍යයන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් සඳහා අවස්ථා වැඩි කිරීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා චීනයේ සහයෝගීතාව ලබාදීම මෙන්ම චීන සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතන අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සහ චීන රජයන් අතර අනාගත සහයෝගීතාව ඉහළ නංවාගත යුතු ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.


2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ කොමියුනිස්ට් පක්‍ෂය හමුවෙයි