(අංජුල මහික වීරරත්න)
නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී තිබේ.
ඒ අනුව වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
මෙි අතර ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබන සඳුදා (16) ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
විසඳුම් දීමට පෙර ජනතාවට ඇත්ත කියා පටන් ගැනීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අගමැති සඳුදා ජනතාවට ඇත්ත කියයි
chandima Friday, 13 May 2022 06:56 PM
තවත් මාකස් කෙනෙක් නොවී ලී ක්වාන් යූ කෙනෙක් වෙන්නට ලැබේවා... !
මැක්ස් Friday, 13 May 2022 07:34 PM
අගෙයි. අප රටේ දැනට ඇති නිවාඩු ප්‍රමාණය කෙතරම්ද? ලෝකයේ කිසිරටක එසේ නොවේ. ඊට වර්ජනකාරයින්ගේ කඩාකප්පල්කාරී දින ගණන් ද එකතු වූ පසු වැඩ කරන්න දින ඉතිරි නොවේ. මේ සුබසාධන රාජ්‍ය ව්‍යුහයට තවදුරටත් ගමනක් නැත. එම තත්ත්වය වෙනස් කරන්න. නර්ස්වරුන්ගේ සමිති ලොක්කෙක් ඔබ සමග නිසා ඔවුන් ඔබට එරෙහි නොවනු ඇත. ජවිපෙත් හීලෑ කරගෙන කෙසේ හෝ මේ ගමන යමු. වර්ජන හරහා හෝ අයිතිවාසිකම් වැඩි කිරිම මගින් නොව රටක් ගොඩ නැගිය හැක්කේ වැඩ කිරීමෙන් පමණක් බව කාට කාටත් ඒත්තු ගන්වමු.
KamalFriday, 13 May 2022 08:40 PM
වැඩ කිරීමට අකමැති කම්මැලියන් අන්ලයික් කරන්න...
Deepal Nirosh Friday, 13 May 2022 08:13 PM
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පළමුව තම කාර්යාලය තුළින්ම මෙවැනි තීන්දු ගෙන රටට ආදර්ශ සැපයීම අගය කළ යුතු ක්‍රියාවක්... හැබැයි වෙසක් පෝය දිනය පමණක් කාර්ය මණ්ඩලයට ලිහිල්කර දිය යුතුයි. මේ සුබසාධන ආර්ථිකයෙන් මිදී අපි අනිවාර්යයෙන්ම නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. ඉදිරියේ දී අපිත් එකතු වෙමු. අගමැතිතුමාට සුබගමන්!
sarath Friday, 13 May 2022 08:13 PM
මාලිගාවෙන් බැහැලා මිනිස්සු ඉන්න පෝලිමකට ගියා නම් අදම රටේ ඇත්ත තත්වය දැන ගන්න පුළුවන්...
tissaFriday, 13 May 2022 09:26 PM
ඇත්ත... සඳුදා වෙනකම් ඉන්න ඕනේ නැහැ...
Amal Friday, 13 May 2022 08:29 PM
ඔබට එය කළ හැකියි...
Rata Perata Friday, 13 May 2022 11:06 PM
දැන් පොහොට්ටුව මෙච්චර කල් බොරුද කියලා තියෙන්නේ..? හ්ම්... !
chandima Saturday, 14 May 2022 12:41 AM
දිගටම බොරු කියපුවාම, පස්සේ ඇත්ත කිව්වත් මිනිස්සු හිතන්නේ බොරුවක් කියනවා කියලා. ඒක නිසා වෙන කෙනෙකුට කියලා කියවන්න. අර මහබැංකු අධිපතිතුමා හොඳයි ඒකට...
Sunil Saturday, 14 May 2022 07:14 AM
මේ අය දවසේ පැය 24ම සතියේ දවස් 7ම වැඩ කළත් හාල් ඇටයක්වත් නිපදවෙයිද? තෙල්, ගෑස් සහ ඖෂධ ලැබෙයිද? විකාර කතා. අපි නම් මේ තත්වයේ කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
සෙනෙවිරත්න Saturday, 14 May 2022 10:35 AM
රාජපක්ෂවරු රකින්න ගියොත් ඔබතුමා ඉවරයි. ඒක මතක තබාගන්න..
BamunuarachchiSunday, 15 May 2022 08:27 AM
ප්‍රබාකරන්ට දෙන්න හදපු රට රාජපකෂවරු අපිට රැක දුන්නා එකට මමනම් ජාති ජාතිත් ණය ගැතී. සිංහලයින්ට සුමාන දෙකෙන් අමතක වෙනවා කියන එක මට අදාළ නැත..
Bamunuarachchi Saturday, 14 May 2022 01:20 PM
අනේ මහත්තයෝ බොරු අහලාම දැන් අපි ඇත්ත වටහාගෙන තිබෙනවා. මෙ සැරේ රත්‍රන් චේන්, බ්‍රේස්ලට් දෙනවා කියන්නේ නැහැ නේද? දැන් තේරෙනවද එකවර රුපියල් 10000 වැටුප් වැඩි කිරීමේ විපාක, මන්ත්‍රී දීමනා ලක්ෂ ගණන්වලින් දීමේ විපාක...