IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අගමැති ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ධූරයෙන්  ඉල්ලා අස්විය.

ඉල්ලා අස්වීමේ ලිපිය ගුණවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  බාර දෙනු ලැබීය. අගමැතිවරයා එම ධූරයෙන් ඉවත් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යන්නේය.

අනුර කුමාර දිසානායක මහතා අද  ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇත. පසුගිය 2022 වසරේ ජුලි මාසයේදී  අගමැති ධුරයට පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතා  මෙරට තිස් දෙවැනි අගමැතිවරයා විය.



අදහස් (14)

අගමැති ඉල්ලා අස්වෙයි

Nirmala Monday, 23 September 2024 09:44 AM

රනිල් හොරා කියපු කටින්ම රනිල් හොඳා කියපු තවත් රටට සත පහක වැඩක් නැති දේශපාලුවෙක්...

:       63       88

Nimal 1Monday, 23 September 2024 01:19 PM

ගෞරවනීය පියාණන්ටත් අපහාසයක්...

:       2       10

Kazi Shajahan Monday, 23 September 2024 10:24 AM

ලොකු දෙයක් රට කාලා කාලා බංකොලොත් කරලා තොලොන්චි වෙන එකට දෙවියෝ බැලුවා ලක් මාතාවට සුබ කාලයක් යන්ඩ

:       6       45

ranjith Monday, 23 September 2024 10:53 AM

පාර්ලිමේන්තුවේ කෑගහපු ලැජ්ජාවක් කියලා දෙයක් දන්නේ නැති කෙනෙක්...!

:       2       45

Jayasekara Monday, 23 September 2024 11:03 AM

මෙයාගෙන් සත පහක රටට වැඩක් වෙලා නෑ... අපරාදේ අපේ සල්ලි මෙවුන් නඩත්තු කරපු

:       2       43

Asith Monday, 23 September 2024 11:16 AM

ඔබ දක්ෂ නායකයෙක්. ඒත් ඔබතුමාට ඉස්සරහට එන්න රාජපක්ෂලා ඉඩ දුන්නෙ නෑ. ඔබව අගමැති කරෙත් එයාලට කෙලම වෙලා යන බව දැනුනම උන්ගේ ගැලවීමට. රටට වැඩක් ගත්තෙ නැති දක්ෂ නායකයන් ගොන්නෙන් ඔබත් කෙනෙක් බව අපි දන්නවා. ඔබතුමාට දීර්ඝායු වේවා!

:       26       10

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 11:16 AM

අන්තිම මොහොතේදී හරි ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කරන්න තීරණය කළ එක හොදයි.

:       1       26

ලක්විදු Monday, 23 September 2024 12:13 PM

Asith Monday, 23 September 2024 11:16 AM අසිත් මහත්තයා...., පුලුවනිනං මෙයාගෙ දක්ෂකං එකක් කියන්න අපිට දැනගන්නත් එක්ක!

:       2       3

ලක්විදු Monday, 23 September 2024 12:14 PM

අසිත් මහත්තයා, පුළුවනිනං මෙයාගෙ දක්ෂකං එකක් කියන්න අපිට දැනගන්නත් එක්ක!

:       2       1

fairoos Monday, 23 September 2024 12:28 PM

ඔතන ඉන්න සෙට් එකේම ගෙදර යවන දවසට තමයි රටට සෙත...

:       1       7

අපට එපා පඹ රූකඩ Monday, 23 September 2024 12:29 PM

නමට හිටපු ජාතික ඇඳුම් රඳවනයක්... රූකඩයක්...!

:       2       11

Buddika Monday, 23 September 2024 01:15 PM

මෙලෝ වැඩක් නැහැ. මෙතෙක් කලක් හංවැල්ල, අවිස්සාවේල්ල පළාතේ ආපු නැති මේ මිනිහා අගමැති වුණාම මාසෙකට කීප සැරයක් සීතාවක ප්‍රා. ලේකම් කාර්‍යාලයට එන්න ගත්තා. වැඩකරන්න නෙවෙයි, දේශපාලන වැඩට. එන දවසට කලින් දවසේ ඉඳලා stf හතර වටේම බෝම්බ චෙක් කරනවා. වටේටම මදුරු තෙල් ගහනවා. ඒ මිනිස්සු මදුරුවෝ කයි කියලා නෙවෙයි. මේ මිනිහාව මදුරුවන් කයි කියලා. ඒ මදිවට පොලිසිය, stf බස් කීපයකුත් ගේනවා. මේ රටේ සල්ලි එයාගේ බූදලයක් වගේ නාස්ති කළේ...

:       1       9

GamageMonday, 23 September 2024 01:58 PM

හිටපු 222 දෙනාට බනින්න ඕනේ නැහැ දැන් . මහමැතිවරණයෙන් ඇපත් නැතිකරලා දේශපාලනයෙන් අතුගාලම දාපල්ලා

:       1       6

Gamage Monday, 23 September 2024 01:57 PM

හිටපු 222 දෙනාට බනින්න ඕනේ නැහැ දැන් . මහමැතිවරණයෙන් ඇපත් නැතිකරලා දේශපාලනයෙන් අතුගාලම දාපල්ලා

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 109 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site