අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මෙසේ විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි වාර්තාවේ.
රටේ ණය හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විශේෂ කැබිනට් රැස්වීමක් පසුගිය සිකුරාදා පැවැති අතර එහිදී ගත් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
පද්මිණී Tuesday, 08 March 2016 05:44 AM
අපේ මව්බිම ඔබට බාර දුන්නේ අහිංසක ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කිරීමටයි. ජයවේවා!! (නි)
සරත් Tuesday, 08 March 2016 06:04 AM
හැමදාම විශේෂ ප්‍රකාශනේ ඔබතුමා කරන්නේ (නි)
ශාන්ත Tuesday, 08 March 2016 06:25 AM
නලින් ඔබ ඔය කියපු බඩු ගොඩක දැන් ගණන් අඩුයි. මාර්කට් එකට ගිහින් ඔලුව දාල බලන්න. බඩු නිකන් දෙන්න බෑ ඒවා වවන අයත් රැකෙන්න ඕනේ. (ර)
සමන්ත Tuesday, 08 March 2016 06:26 AM
තව තවත් කතා කිය කියා ඉමු. ආර්ථිකය වළපල්ලේ (නි)
ද සිල්වා බර්ලින් Tuesday, 08 March 2016 06:30 AM
මහත්වරුනි, රටේ ආර්ථිකය නඟාසිටුවීමට නම් සුලු හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කළයුතුය. උදාහරණයක් වශයෙන් ගත්තොත් අද රටේ පවතින සාමකාමී වාතාවරණය සහ අරාබිකරයේ සහ උතුරු අප්‍රිකාවේ මුස්ලිම් ගැටුම් නිසා ඒවාට යන්න බැරි නිසාත් සංචාරකයෝ විශාල ලෙස ලංකාවට පැමිණෙති. නමුත් ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයාට ආණ්ඩුව කිසිම සහනයක් නොදේ. රාජපක්ෂ කාලයේද මෙසේම සිදුවිය. අද රැකියා නොමැති තරුණ තරුණියන් බොහෝ ගණනක් සිටියත් හෝටල් ක්ෂේත්‍රයට පුහුණු සේවක සේවිකාවන්ගේ බොහෝ අඩුපාඩු ඇත (නි)
විපුල Tuesday, 08 March 2016 06:39 AM
ජනතාව සතුටු කරන්න අමාරු වෙන්නේ එක තැනකින් අඩුකරලා තව තැනකින් වැඩිකළාම. ධන ඍණ කරනවා කියන්නේ මේ වගේ වැඩ. (නි)
මිලානෝ Tuesday, 08 March 2016 06:54 AM
මොන ප්‍රකාශ කළත් කමක් නැහැ. අර ඉන්දියාව බලෙන් පටලවන්න එන ගිවිසුම සාධාරණීකරණය කරන්න නම් එන්න එපා. ඒකෙන් ලංකාවම නැතිවෙනවා. (නි)
නලින් Tuesday, 08 March 2016 02:34 AM
අල, ලුණු, පෙට්‍රල්, සුදු ලුණු, සහල්, පාන් පිටි, කිරි පිටි මිල සැළකියයුතු ලෙස පහත හෙළනු ඇතැයි අපි විශාල ලෙස බලාපොරොත්තු සහිතව ඔබගේ කතාව අපේක්ෂාවෙන් සිටිමු. ජය වේවා !! (නි)
ශානක Tuesday, 08 March 2016 02:49 AM
ප්‍රකාශනම් කරයි (බ)
සිරිල් ආර් කොතලාවල Tuesday, 08 March 2016 02:42 AM
රටක ආර්ථිකය දියුණු කිරීමට නම් බඩු මිල විශාල ලෙස පහත වැටිය යුතුයි. බඩු මිල පහත හෙලීමෙන් ජනතාවගේ අතේ වැඩියෙන් මුදල් ඉතුරු වෙනවා. මේ මුදල් ආයෝජනය වීම තාම රටක දියුණුවට බලපාන ප්‍රධානම සාධකය. ඒ නිසා රටේ ආර්ථිකය නංවාලීමට නම් ඉක්මනින් බඩු මිල අඩු කළ යුතුයි. (බ)
නාමල් Tuesday, 08 March 2016 02:50 AM
විශාල සහනයක් ඔබගේ දුරදක්නා නුවණින් සිතා බලා ලබනු ඇති බව සහතිකය. මේ සමග පුද්ගලික අංශයක වැටුප් වැඩිකිරීමක් ලබාදෙන්න. රුපියල් 20000.00 මාසික පඩිය අවම වශයෙන් 30000.00 කරලා දෙන්න (බ)
ප්‍රියාන් Tuesday, 08 March 2016 02:53 AM
අපෝ..දැන් නම් විශේෂ ප්‍රකාශ අහල ඇතිවෙලා..ආයේ නම් එපා..විෙශ්ෂ ප්‍රකාශ කියන්නේ රාජපක්ෂලාට බනින එක නෙවෙයි..අඩුම තරමින් තෙල් මිල ගැනවත් සඳහන් කරන්න..(බ)
යෙනුර Tuesday, 08 March 2016 03:11 AM
නලින්, ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවද? මෙයාලට පඩි ගෙවන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ජය වේවි, ජය වේවි ඔහොම යනකොට. (නි)
එන්. ලක්ෂ්මන් Tuesday, 08 March 2016 03:07 AM
විශේෂ ප්‍රකාශ කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා නේද? එක්කෝ ජනාධිපති විශේෂ ප්‍රකාශ කරනවා. නැත්නම් අගමැති විශේෂ ප්‍රකාශ කරනවා. විසිල් විතරයි බල්ටි නැහැ (නි)
අනුර Tuesday, 08 March 2016 03:08 AM
මොන දේ දුන්නත් ජනතාව සතුටුකරන එකයි අමාරු (නි)
විකුම් Tuesday, 08 March 2016 03:12 AM
මොනවා කියයිද කියලා හිතට බයයි (නි)
බමුණු ආරච්චි Tuesday, 08 March 2016 03:25 AM
ඔය කීවෙනි විශේෂ ප්‍රකාශයද? (නි)
ප්‍රදීප් Tuesday, 08 March 2016 03:30 AM
නලින් බඩුමිල අඩුකරලා ණය ගෙවන්නේ කාගේ දේපොළ විකුනලද ?(හේ)
බන්ධුල Tuesday, 08 March 2016 07:40 AM
ප්‍රකාශ කලා ඇති අනේ. දැන් වැඩ කරමු මේ අවුරුද්දත් ඉවර වෙන්න පෙර වැඩ කරමු නේද? (ම)
සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 04:17 AM
විශේෂ ප්‍රකාශ නම් දැන් එපා වෙලා. (හේ)
මොහාන් Tuesday, 08 March 2016 04:34 AM
නලින්, මේක අය වැය කතාවක් නෙමේ. රටේ ආර්ථිකය ගැන මන්ත්‍රීවරු දැනුවත් කරන කතාවක්. (බ)
සුරවීර Tuesday, 08 March 2016 07:51 AM
තෙල් මිල අඩු වුනාට බස් ගාස්තු අඩු නැහැ. මේකටත් මොනවා හරි කරලා දෙන්න. ගොඩක් පින් (හේ)
නිමල් Tuesday, 08 March 2016 04:37 AM
පුළුවන් නම් බස් ගාස්තුත් අඩු කරලා දෙන්න. (බ)
සුගත් Tuesday, 08 March 2016 05:01 AM
පහු ගිය මාස කියකදී විශේෂ ප්‍රකාශ කළාද? (හේ)
අසිත මාන්නප්පෙරුම Tuesday, 08 March 2016 05:13 AM
ඔය විශේෂ ප්‍රකාශ දැන් සාමාන්‍ය ඒවා වෙලා. (ර)
චන්ද්‍රා Tuesday, 08 March 2016 05:13 AM
ප්‍රකාශ වලින් පමණක් ආර්ථිකය නැංවිය නොහැක. (ර)