IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අගුණකොළපැලැස්සේ දෙදෙනෙක් මරුට

අගුණකොළපැලැස්සේ උස්වැව දී අද (02) සවස වෙඩි තැබීමකින් සිදු වී ඇත.

දෙදෙනෙක් යතුරු පැදියකින් ටී 56 ගින් අවියක් රැගෙන පුද්ගලයෙකුට වෙඩි තැබීමට සොයා යැමේ දී ඔහු ඉදිරියට හමු වී ඇත. එහිදී එම පුද්ගලයා යතුරු පැදිය පෙරලා  දෙදෙනාට පහර දී තමාට වෙඩි තැබීමට ගෙන ආ ගිනි අවියෙන්ම ඔවුන්ට වෙඩි තබා ඇත.

පුද්ගලයන් දෙදෙනා ජීවිතෂයට පත්ව ඇත. සැකකරු පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. ගිනි අවිය පොලීසිය බාරයේ ඇති අතර සැකකරු සොයා පොලිසි මෙහෙයුම් සිදු කරන බව පොලීසිය පවසයි.



අදහස් (0)

අගුණකොළපැලැස්සේ දෙදෙනෙක් මරුට

යසිත් Sunday, 03 January 2016 06:56 AM

හොඳ චණ්ඩියෙක් වගෙයි (නි)

:       0       0

සෙනරත් Sunday, 03 January 2016 10:20 AM

මෙය විත්තිකරු විසින් ගෙතුව කතාවක් විය හැකි. ඔහු විසින්ම තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කර නීතියෙන් ගැලවීමට යෙදුව උපායක් විය හැකි. නඩු විභාගයේදී පවසාවි "ආත්මාරක්ෂාවට තුවක්කුව උදුරාගෙන වෙඩි තැබූ බව. (බ)

:       0       0

ටෙරන්ස් Saturday, 02 January 2016 04:42 PM

හරියට හින්දි චිත්‍රපටියක ජවනිකාවක් වගේ. (නි)

:       0       0

උදිත Saturday, 02 January 2016 06:37 PM

මොහු නම් සැබෑම දක්ෂයෙක් වගෙයි (නි)

:       0       0

සිවඥානම් Sunday, 03 January 2016 01:59 PM

ලංකාවත් දැන් මෙක්සිකෝව වගේ (බ)

:       0       0

ඉඳුනිල් Saturday, 02 January 2016 07:22 PM

මදැයි දෙන්නෙක් එක්ක ගිහින් කරගත්ත දේ? (නි)

:       0       0

සුලෝචන Saturday, 02 January 2016 08:26 PM

හරියටම පරණ චිත්‍රපට ජවනිකාවක් වගේනේ. (නි)

:       0       0

ශානිකා Saturday, 02 January 2016 08:34 PM

නියම කොල්ලෙක්නේ බලාගෙන යනකොට (නි)

:       0       0

වසන්ජය Saturday, 02 January 2016 10:20 PM

ටී56 වැනි ගිනි අවි සාමාන්‍ය ජනතාව අතට පත්වෙන ආකාරය පිළිබඳ සොයාබැලිය යුතුය (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 02 January 2016 11:36 PM

මේ වගේ රම්බෝ වැඩ දාන්නේ, හමුදාවෙන් පැනගිය කෙනෙක්වද්ද මෙයා? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 03 January 2016 12:16 AM

පදක්කමක් දීමට තරම් දක්ෂ මෙම සැකකරු ක්ෂණික විහිදුම් බලකායට බඳවා ගැනීමට තරම් සුදුසු පුද්ගලයෙකි (නි)

:       0       0

කුමාර Sunday, 03 January 2016 01:20 AM

පැනගියාට පසුව බාරවේවි. මාස තුන හතරකින් ඇප ලැබී නිදහස් වේවි. ලංකාවේ දැනට ක්‍රියාත්මක නීතිය ඕකනේ.හැමදාම මිනිස්සු මරාගන්නවා. යහපාලන රජයෙනුත් නීතිය ස්ථාපිත කර නැහැ. (නි)

:       0       0

මානෙල් Sunday, 03 January 2016 01:31 AM

හැමදාම අහන්න ලැබිලා දැන් මේවා සුපුරුදු ප්‍රවෘත්ති වෙලා (නි)

:       0       0

තිසේරා Sunday, 03 January 2016 03:40 AM

කුමාර, මේ මනුස්සයා මේ නඩුවෙනුත් නිදහස් වේවි. හේතුව ඒ මනුස්සයා වෙඩිතිබ්බේ ආත්ම ආරක්ෂාවට. කවුරුන් හෝ මේ සිද්ධිය දැක ශාක්ෂි තියනවා නම් මේ මනුස්සයාට පැනලා යන්න කිසිම හේතුවක් නැහැ . බාරවෙන එක තමයි හොඳම වැඩේ (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 03 January 2016 04:54 AM

මරණයට ඇති බිය සහ ආත්මාරක්ෂාව, පළිගැනීමේ චේතනාව සහ පළිගැනීම... නමුත් ඔහු නිර්භීත අති දක්ෂයෙක් (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 03 January 2016 05:05 AM

දැන් හැමකෙනා අතේම ගිනි අවිනේ. ලංකාවට මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

චමල් Sunday, 03 January 2016 05:18 AM

මේ මනුස්සයාට සම්මානයක් පුදන්න ඕනෑ කළ වැඩේට. වෙන කෙනෙකුට නම් දෙන්නෙක් තුවක්කුවක් අරගෙන මරන්න එනකොට මොනවා වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site