IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි  අංක තහඩු ලබා ගැනීම සඳහා  ව්‍යාජ  පැමිණිලි පිටපතක් ලබා දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ  පොලිසියකට අනුයුක්ත සැරයන්වරයෙකි.

හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමි  මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනෙගම විහාරස්ථානය කරා වැඩම විම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් බව පවසා පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය  තිබෙන බවට පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ටී 56 ගිනි අවියකින් එම හිමිනම ඉකුත් ජනවාරි 23 වෙනි දින වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සැකකාර සැරයන්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, පොලිස් අධිකාරී රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආනන්ද ලාල් පොලිස් කොස්තාපල්වරුන්වන 79162 රුවන්, 35501 පෙරේරා යන මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් අල්ලයි

Premasiri Saturday, 21 December 2024 08:31 AM

එහෙමනම් ඉතින් අනෙක් වැඩකිඩ ඔක්කෝමත් ඔහුට සම්බන්ධයක් ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 100 0

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 433 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 663 2

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 730 2

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 144 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1908 4

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 681 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1207 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site