IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘අකුර‘ විල්පත්තු යයි

අධ්‍යාපනික සහ බාහිර කටයුතු සඳහා උපකාර අවශ්‍ය පාසල් දරුවන්ට  පිහිටක් වීමේ අදිටනින් ආරම්භ කළ " අකුර " ප්‍රජා ව්‍යාපෘතිය මඟින් ඔවුන්ගේ කුළුඳුල් අදියර වශයෙන් විල්පත්තු මායිමේ ඇති, ඇති දුෂ්කර ඊට්ටිකුලම ප්‍රාථමික විදුහලේ දරුවන්ට නව වසර සඳහා අවශ්‍ය පොත්පත් සහ අනෙකුත් පාසල් උපකරණ ලබා දීම සඳහා කටයුතු කර ඇත.

මෙම සත් ක්‍රියාව සංවිධානය කර ඇත්තේ ඔක්තෝම්බර් මස 1වැනි දිනට යෙදුනු විශ්ව ළමා දිනයට සමගාමීවය.

නොච්චියාගම රෝහල අසලින් ගම ඇතුලට වැටී ඇති  මාවතෙහි කි.මි 16 ක් පමණ ගමන් කළ විට ඊට්ටිකුලම ප්‍රාථමික පාසල හමුවෙයි. මෙහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියෝ බහුතරයක් ජිවිකාව සඳහා කරන්නේ මහාපරිමාණ හේන් වල කුලී වැඩය. 

මේ පිළිබඳ අදහස් දැක්වූ එම විදුහලේ විදුහල්පති වරයා පවසා ඇත්තේ "නගරයේ පාසල් වලට යාමට මූල්‍ය ශක්තියක් ඇති ගමේ සිසුන් නගරයට යද්දි මේ දරුවන් ගමේ පාසලට එන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට දවස්පතා තම දරුවන් නඟරයට යැවීමට අවශ්‍ය වියදම් සොයාගැනීමට තරම් වත්කමක් නැති නිසා" බවය. 

මෙය කලක් වසා දමා තිබී මෑතකදි යළි අරඹන ලද පාසලකි.

පාසැල වෙත අවශ්‍ය ආධාර ලබාදීමේ කටයුත්ත සඳහා ඩිලාන් ශ්‍රීෂාණු ලොකුපතිරගෙ, තුල්‍යා ද සිල්වා, නිලක්ෂ රත්නායක, ශිරෝමා ලියනගුණවර්ධන, රොමෙරො සිල්වා සමඟ  99 එක්ස් සේවා ආයතනයේ පිරිසක්ද එක්වුහ. 

විදුහල් පතිවරයා සකස් කරදුන් ලැයිස්තුවෙහි සඳහන්ව තිබු පාසලේ දරුවන්ට අවශ්‍ය පොත් පත් සහ පාසල් උපකරණ ආදිය ඉතා සහනදායි මිලකට ලබා ගැනීමට චන්දන මුණසිංහ කටයුතු කළ අතර අදාල පොත්පත්, දිවා අහාර භාජනය සහ පොත් මලු ආදිය ඒ ඒ තැන්වලින් සපයාගෙන නිසි ලෙස අසුරා පාසැල වෙත  ප්‍රවාහනයකිරීම සඳහා  දායකත්වය ලබා දී ඇත්තේ හර්ෂණ වීරසිංහ විසිනි.

ඩෙස්පුටු ආදිය නොච්චියාගම ලීබඩු නිෂ්පාදනය කරන පුද්ගලයින් ලවා සුදුසු ලෙස සාදවා පාසැල වෙත ප්‍රවාහනය කිරීමට 99 එක්ස් සේවා ආයතනය විසින් කටයුතු කර ඇත.

ඊට්ටිකුලම ප්‍රාථමික විදුහලේ විදුහල්පති, ගුරුමණ්ඩලය, සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්  ළමා දිනයෙදි තවත් අර්ථවත් කටයුත්තක් සංවිධානය කර තිබුණි. ඒ පාසල් භූමිය තුළ පළතුරු පැළ සිටු වීමයි. 

මෙම පාසැල සඳහා ආධාර සැපයීම අවශ්‍ය බව දන්වා ඇත්තේ ආර්. ඩි කුළතුංග සහ පාසලේ විදුහල්පති විමල් මහින්දරත්න විසිනි.

කලක් වසා තිබු මෑතදී යළි ආරම්භ කර ඇති පාසැලේ අබලන්ව ඇති ගොඩනැඟිලි අලුත්වැඩියා කරගැනීමට උදව් විය හැකි සංවිධානයක් හෝ පුද්ගලයින් ඇත්නම්  ඔවුනට ස්තුතිවන්ත වනබව විදුහල්පති වරයා පැවසිය.

" අකුර " සංවිධානය ඔක්තෝම්බර් 10 වැනිදා තිස්සමහාරාම ප්‍රදේශයේ දුෂ්කරතා මැද ඉගෙනුම් කටයුතු කරන සිසුවියන් දෙදෙනෙකුට අවශ්‍ය පොත්පත් ලබා දීමටද කටයුතු යොදා ඇත. මේ සඳහා අවශ්‍ය පොත් පොත් පත් ආදිය කොළඹ සිට ගෙනයන ලද්දේ දසුන් සමීර විසිනි. අදාළ තොරතුරු ලබාදී ඇත්තේ එක සිසුවියක ඉගෙනුම ලබන පාසලක ගුරුතුමියකවූ පවිත්‍රී ද සිල්වා විසිනි.

12045747_401602916700519_729589201510136983361737792_o Akura_20151013 Akura_20151013-2 Akura_20151013-3 Akura_20151013-5 Akura_20151013-6



අදහස් (0)

‘අකුර‘ විල්පත්තු යයි

ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 06:27 AM

ලංගම පාසල හොඳම පාසල වැඩ පිළිවෙලට හොඳම මග පෙන්වීමක්.මෙවැනි දහසක් පාසල් ඈත ගම්බද පෙදෙස්වල හොඳම පාසල වීමට බලාසිටිනවා. (බ)

:       0       0

නවරත්න Thursday, 15 October 2015 04:37 AM

සුබ ආරංචියක් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 13 October 2015 08:19 PM

සපත්තු කුට්ටමක් නැතිව පාසල් යාම පුංචි සිතකට වේදනා ගෙන දෙන දෙයක්. මම එය ළදරුවියේ විඳ ඇත්තෙමි.යම් අයෙක් එවැනි දරුවන්ට සපත්තු ලබාදීමට සළස්වන්නේ නම් මටද එයට දායක වියහැක. (නි)

:       0       0

ගයාන් ශාමින්ද Tuesday, 13 October 2015 07:15 AM

කොහොමද අපි සම්බන්ධ වෙන්නේ. (ර)

:       0       0

අකුර ව්‍යාපෘතිය Tuesday, 13 October 2015 01:26 PM

ඔබට දායක වීමට අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවියේ ඇති දුරකතන අංක වෙතද ඇමතිය හැක. 2016 වසරේදි උඩවලව ප්‍රදේශයෙ සිසුවකුට නිවසක් තනා දීමට අප සූදානම් වෙනවා. ස්තුතියි. (ර)

:       0       0

චන්න Tuesday, 13 October 2015 01:44 PM

හොද වැඩක්. නමුත් සහයෝගය දුන්න අයගේ නම් ඕනෑවටත් වඩා උලුප්පා දැමීමෙන් සත් ක්‍රියාවේ අගය අඩු වුණා (බ)

:       0       0

දිමුත් Tuesday, 13 October 2015 08:49 AM

මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ මුහුණු පොත හරහා. ෆෙස්බුක් එකට බනින අයට පේන්න ඒකත් කියන්න. (ර)

:       0       0

සුමිත් Tuesday, 13 October 2015 09:22 AM

අනේ අර සුදු ලස්සන දුව රබර් සෙරෙප්පු දාගෙන ඉන්නවා දැක්ම හරිම දුක හිතෙන දෙයක්, එත් කෙල්ලගේ හිනහව රටක් වටිනවා, මගේ චුටි දුවේ හොඳින් ඉස්කෝලේ වැඩ කරන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site