IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අකුරැස්සෙනුයි මිරිහානෙනුයි නූල් බෝල දෙකක්

මහින්දගේ අකුරැස්සේ රැලියේ සිදුවූ සිදුවීම ගැන දැන් තවත් අර්ථකථනයක් ලැබී ඇත. කවුදෝ මිනිහකු වෙන කාගේදෝ අත යටින් අත දමා මහින්දගේ අත ඇල්ලුවාලු. ඒ සමගම තෙරපීමක් ආවාලු.

මහින්ද වැටෙන්න ගියේ ඒ තෙරපීම නිසාලු. නමුත් රූපරාමු හා එම කථා අතර හාමුවීමක් නැතිලු.

පොලිසියයි බුද්ධි අංශයි දැන් ඒ වීඩියෝ බල බලා ඒවායේ සිටින මිනිසුන් සොයා යනවාලු. ඒ වගේ හැඩරුව ඇති අයටත් ඒ පැත්තේ දැන් හරි ප්‍රශ්නලු. ඒ වීඩියෝවල රජයේ සේවකයනුත් ඉන්නවාලු. එවැනි අය නිදහසට කියන කතාත් හරි පුදුමලු. මහින්ද බලාගන්න ඕන නිසා ආ බව බොහෝ දෙනෙක් කියා තිබෙනවාලු. දොස්තර විභාගේ පාස් නොකළ බොහෝ දෙනකු දැන් කියන්නේ ඒ මිනිහා බීලා හිටි බවලු. මහින්දගේ ආරක්ෂාවට සිටි පොලිස් ආරක්ෂකයන් කවුරුවත් ඔහු දොස්තර කෙනකුට ඉදිරිපත් කළ බවක් තවමත් දැනගන්න නැතිලු.

මහින්දගේ මුදුවලින් ඇල්ලූ නිසා ඔහුගේ ඇඟිලි තුවාලවන තරමට රිදුණු බවයි මහින්ද කියන්නේ.

නොයෙක් දෙනා තමන්ට දේශපාලන වාසිවන විදියට මේ ගැන අර්ථකථන කරනවාලු.

මේ කථාවටයි මිරිහානේ සුදුවෑන් කථාවටයි නොයෙක් දෙනා නොයෙකුත් දේශපාලන පක්ෂ නායකයන් ගෝලයන් හා වෙනත් අය දෙන අර්ථකථන අහලා පිස්සු හැදෙන බවත් මේවා අගමුල සොයාගැනීමට නොහැකි නූල් බෝල දෙකක් බව පරීක්ෂණ පවත්වන අයද කියති.



අදහස් (0)

අකුරැස්සෙනුයි මිරිහානෙනුයි නූල් බෝල දෙකක්

සෙනෙවි Thursday, 23 July 2015 11:51 PM

අනේ! ඔබතුමා ගෙදර හිටියා නම් නරකද? (නි)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 04:34 PM

එතුමාගේ ඇඟිල්ලේ විතරනේ ඔහොම එල්ලෙන්නේ (නි)

:       0       0

සෙනරත් Thursday, 23 July 2015 02:44 PM

මිරිහානේ පරීක්ෂණය පවත්වන්නේත් ලැබී තිබෙන සාක්ෂි වලට අනුව නොව එක එක්කෙනාගේ අර්ථකථන අනුවද? (බ)

:       0       0

විල්මන් Saturday, 25 July 2015 12:46 AM

මට නම් මේ ගැන තියෙන්නේ ලොකු සැකයක් (නි)

:       0       0

විජයබාහු Thursday, 23 July 2015 03:30 PM

මොකෙක් හරි මුද්දට වැඩක් දෙන්න හැදුව බව නම් තේරෙනවා (බ)

:       0       0

සචිත් Saturday, 25 July 2015 09:42 AM

ඔන්න ඒකට කවුරුවත් රනිල්ගේ ඇඟිලි අල්ලන්න යන්නේ නැහැ. (ස)

:       0       0

ශ්‍රීලාල් Saturday, 25 July 2015 02:18 AM

නන්දලාල්-ප්‍රංශය,ලංකා, මේක කියන්න ඕනෑ අර මිනිහෙක් බීපු නොබිපු බව දැනගන්න දොස්තර විභාගය පාස්වෙන්න ඕනෑ කියලා කියන කෙනාටනේ (නි)

:       0       0

ලංකා Thursday, 23 July 2015 04:09 PM

මිහිහෙක් බිලද කියල දැනගන්න දොස්තර විභාගය පාස් වෙන්නම ඕනෙද කියල (බ)

:       0       0

මාලි Friday, 24 July 2015 08:56 AM

බිල හිටියා කියල කියන එකත් අහන්න දෙයක්ද? මහින්ද ලොක්කා හැමදාම ඡන්දෙදි බෝතලේ දීලනේ සෙනග ගෙන්න ගත්තේ. බෝතලේ දුන්න අත හපා කැවද මන්ද!! (බ)

:       0       0

මාටින් Friday, 24 July 2015 04:16 AM

මට නම් හිතෙන්නේ එයාගේ අතේ තිබුණු වශී බෝලේ උදුරාගත්තා කියලයි (ම)

:       0       0

කිත්සිරි Saturday, 25 July 2015 11:44 PM

මෙතන මොකක්හරි පටළැවිල්ලක් වෙන්න ඇති (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 23 July 2015 05:01 PM

ලංකා,අයියෝ! එය අල්ලලා, මුහුණට ළං වූණා නම්, බීලද නැද්ද කියලා ඉක්මනට දැනගන්න පුළුවන් (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 23 July 2015 05:09 PM

[මහින්ද බලාගන්න ඕනෑ නිසා ආ බව ..... ] දැක්කද ඉතින් එයාව? ඔච්චර තෙරපෙමින් එයා බලන්න යනවට වඩා හොඳ නැද්ද තමන්ගේ වැඩක් බලාගත්තා නම් ගෙදරට වෙලා (නි)

:       0       0

කීත් Saturday, 25 July 2015 05:35 AM

අල්ලුවා නම් යහපලානේ අගමැතිගේ ඇඟිල්ලේ (නදී)

:       0       0

ලාල් Friday, 24 July 2015 04:06 PM

මුද්දට වැඩක් දෙන්න හැදුව නිසා තමයි අත මිටමොලවලා පුරෝලා දෙන්න ගියේ.(අ)

:       0       0

ලංකා Thursday, 23 July 2015 01:43 PM

මිහිහෙක් බිලද කියල දැනගන්නේ කොහොමද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site