IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අකුරණ රෝහලක ආරක්ෂකයකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ෂියා අනුස්මරණ රෝහලේ ආරක්ෂක නිලධාරියකුට සහ සාත්තු සේවකයෙකුට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු සහ ඔවුන් පැමිණි වාහනය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .

එම රෝහල ඉදිරිපිට පිවිසුම් මාර්ගය අවහිර වන ලෙස පෙරේදා (11) රාත්‍රී කාලයේ නවතා තිබූ ජීප් රථයක් ඉවත් කරගන්නා ලෙස රෝහල් ආරක්ෂක අංශය දැනුම් දීමෙන් පසු ඇතිවු කථාබහක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවී ඇති බව පවසන පොලිසිය ඊට සම්බන්ධ සියලූ සැකකරුවන් සහ අදාල වාහනය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද කියයි .

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා අකුරණ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලිසිය කියයි .

පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සහ සාත්තු සේවකයා ෂියා රෝහලේම ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා අලවතුගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් සමඟ ජීප් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි . 

එම පහර දීමට විරෝධය දක්වමින් අද (12) පෙරවරු 08.00 සිට 10.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ද රෝහල් සේවකයන් විසින් දියත් කොට තිබුණි .

අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරයි .



අදහස් (0)

අකුරණ රෝහලක ආරක්ෂකයකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site