
(අයි ආර් ඉන්දික සහ ඉන්දිකා රාමනායක)
වැස්සෙන් බේරිමට ගෝනගංආර මහවෙල්යායේ මඩුවක සිටි සහෝදරයන් දෙදෙනකු අකුණූ සැර වැදිමෙන් මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 1990 ගිලන්රථ සේවයේ රියදුරකු ලෙස සේවය කළ දෙයියන්නේවෙල ඇලෙවත්ත ඩබ්. එම්. සිතාර මධුවන්ත ( 34) හා මහවෙල වගුරුවෙල බුත්තල ලිපිනයේ පදිංචි පෞද්ගලික සමාගමක සේවය කළ ඩබ්. එම්. චමින්ද බණ්ඩාර (32)නැමති අවිවාහක තරුණයන් දෙදෙනෙකි.
මෙම තරුණයන් දෙදෙනා හා තවත් කිහිපදෙනකු මහවෙල්යායේ ඇළේ මැෂිමකින් තණ්කොළ කපමින් සිටින අතර තුර වර්ෂාව පැමිණිමත් සමග වෙල්යායේ ඉදිකර තිබු මඩුවකට දිවගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් වෙල්යායෙන් පිටවගොස් තිබේ .
ටික වේලාවකදි අකුණක් පුපුරාගොස් ඇති අතර ඊට සුලු මොහොතක පසු වෙල්යායේ තිබු මඩුව ගිනි ගන්නා දුටු මියගිය චමින්ද බණ්ඩාර තරුණයාගේ මව ස්ථානයට පැමිණ තිබේ .
ඒ අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා මඩුවේ තැන තැන වැඩි සිටින අයුරු හා මඩුව ගිනි ගන්නා අයුරු දුටු එම මව කෑගසා අවට සිටි පිරිස් එම ස්ථානයට ගෙන්වාගෙන ගින්න නිවාදමා තිබේ .
අකුණු පහරින් මඩුව ගිනි ගැනිමත් සමග චමින්ද බන්ඩාර තරුණායාගේ සිරැරටද ගිනි ඇවිලි ඇති අතර ඔහුගේ අත්පා පිලිස්සි තිබේ . අනෙක් තරුණයා විසිවි ගොස් වැටි ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවේ තිබු ජංගම දුරකථනයද අකුණු පහරට විනාශ වි තිබේ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණු සැරින් අයියා මලෝ මරුට
SL Sunday, 28 May 2023 12:09 PM
එළිමහනේ තියෙන මේ වගේ පැලක් නම් පොඩි GI බටයක් හරි පැලේ වහලෙන් අඩි 4ක් විතර උඩට එන්න දාලා අඩුම ගානේ මොනවා හරි සන්නායකයක් (ඝනකම වැඩි නම් හොඳයි) පැලේ බාහිරින් පහලට ගෙනැල්ලා පොළවෙන් මීටරයක් වත් ඇතුලට යන්න GI බටයක් ගහලා වළලන්න. මේ වගේ එළිමහන් තැනක වහින වෙලාවක ඉන්නවා නම්, පොළවේ අඩිය තියාගෙන ඉන්න එපා. පොළවෙන් උඩ ලී බංකුවක හරි වාඩිවෙලා ඉන්න...
fairoos Sunday, 28 May 2023 02:25 PM
ලංකාවට පත්වන අකුණ පොහොට්ටුවේ කාලකන්නින්ට වදින්නේ නැහැ නේ
සෙනෙවිරත්න Sunday, 28 May 2023 03:16 PM
දුරකතනය විනාශ වීම අධි ආරෝපනය නිසා බැටරිය පුපුරා යාමෙන් සිදුවූ අහඹු සිද්දියක් මිස අකුණ මෙතනට ලඟාවීම දුරකතනය හේතුවක් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම අහඹු සිදුවීමකි.