(ප්‍රදීප් කුමාර)
යාපනයේදී අබිරහස් ලෙස මිය ගොස් සිටි තරුණයකුගේ මෘත දේහයක් හමුවූ බව යාපනය අච්චුවේලි පොලිසිය සදහන් කරයි.
අදාල තරුණයා කෝවිලක පැවති සංගීත ප්‍රසංගයක් අවසන්ව යළි නිවසට පැමිණෙමින් සිටියදී මෙසේ නිවසක් ඉදිරිපිට ඇද වැටී සිටියදී හමුවී තිබේ.
පසුව ප්‍රදේශවාසින් ඔහු දැක වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් පමණ වන සෙල්වචන්ද්රන් මිමෝජාන් නැමැති තරුණයෙකු බව පොලිසිය සදහන් කරයි.
අදාළ තරුණයාගේ පාදයේ සර්පයෙකු දෂ්ට කිරීමක් වැනි සලකුණුද පවතින අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අච්චුවේලි රෝහලේ සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අච්චුවේලි වලින් තරුණයකුගේ සිරුරක් හමුවෙයි
Bunny Preena Thursday, 31 July 2025 09:50 AM
බොහොම කනගාටුදායක මරණයක්. කෙනෙකුගේ මරණය හරිම පුදුමාකාර විදිහට සිදුවෙන්නේ