IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


දඬුවම අහෝසිකර නිදහස් කරන්න‘ යි දුමින්දගෙන් අභියාචනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු  එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා වැඩිදුර විභාගය හෙට (27) දක්වා කල් තැබීය.
 
අද ( 26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මෙම නඩුව කැඳවු අතර එහිදී මෙම වැඩිදුර පෙත්සම් විභාගය හෙටට කල් තැබිණි.
 
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන  නලින් පෙ⁣⁣රේරා. සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.
 
අභියාචන විත්තිකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පර වන බවය.
මෙය සාධාරණ නඩු තීන්දුවක් නෙවන බවද හෙතෙම කීය.
 
ත්‍රිපුද්ගල  මහාධිකරණය  විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරැන් ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය අභියාචනයෙන් කියා සිටී.
 
ඒ හේතුවෙන් එම දඩුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)



අදහස් (13)

දඬුවම අහෝසිකර නිදහස් කරන්න‘ යි දුමින්දගෙන් අභියාචනයක්

Vajira Monday, 26 March 2018 08:39 AM

තව අවුරුදු දෙකක් ඉවසන්න. ඔයා අධීක්ෂණය කරපු අමාත්‍යාංශයේ පරණ ලේකම්තුමා ජනාධිපති වුනාම කෙලින්ම නිදහස්. ඇමතිකමකුත් ලැබෙයි ඉක්මනටම...

:       26       983

පිටිගල මිලානෝ Monday, 26 March 2018 08:41 AM

2020 ට පොරකන ඔයාට රැකවරණය දුන්න කෙනා ආවොත් නම් ඔයයි, තංගල්ලේ සභාපතියි දෙන්නම නීති හදලා හෝ නොහදා එළියට දායි පැය කීපයක් ඇතුළත.

:       44       861

chandanaMonday, 26 March 2018 10:59 AM

නැහැ පිටිගල, එයා අාවොත් මෙයාගේ ජීවිතය අනතුරේ. ඒක හිරේදීම හෝ එළියට පනින්න සලස්වලා මකලා දාවි...

:       2       16

ලුම්බිණි Monday, 26 March 2018 08:44 AM

දැන් වැඩ සිදුවීගෙන යන විදියට බොහෝ දුරට මෙතුමා අපට යලිත් පාර්ලිමේන්තුවේදී දකින්න පුළුවන් වේවි...

:       0       160

සතයපාල Monday, 26 March 2018 09:06 AM

මොන නීතියටද දන්නේ නැහැ පටහැනියි කිව්වේ. මහා රජ්ජුරුවන්ගේ නීතියට වෙන්න ඇති. හැබැයි දැන් ඒ කැළේ නීතිය වලංගු නැහැ. දැන් ක්‍රියාත්මක වෙන්නේ රෝම ලන්දේසි නීතියයි.. ඒ නීතියට අනුව තමයි නඩුකාරවරු තීන්දුව දීලා තියෙන්නේ...

:       210       266

RNG Monday, 26 March 2018 10:07 AM

රෝම, ලන්දේසි නීතිය මේවට විතරයිද ක්‍රියාත්මක වෙන්න ඕනේ.. එතකොට මහ බැංකු බැඳුම්කර නඩුවට.. ඒවාට ක්‍රියාත්මක වෙන්නේ යමපාලන නීතියනේ.. ඒකනෙ වෙනස...

:       105       62

එර්දි Monday, 26 March 2018 09:20 AM

ලංකාව නීතිගරුක රටක්ද? මිනීමැරුම්, දූෂණ, මංකොල්ල සහ වෙනත් දරුණු අපරාධවලට සම්බන්ධ කළු සල්ලි කාරයින්, දේශපාලකයින් නීතියෙන් දුන් දඬුවම් හෑල්ලුවට ලක්කරමින් නිදහස් වෙන්න හදන්නේ රටේ නීතියක් නැතිකමද? මේ අය නීතියට අභියෝග කරමින් එළියට එන්න හදන්නේ රටට ආදරේටද? ආයෙත් බොඩිගාර්ඩ්ලා පිරිවරාගෙන සමාජය පීඩාවට පත්කරන්නයි. මේ රටේ හැම නීතියක්ම එදා වේල හම්බකරගෙන කන දුප්පතුන්ටයි. අපෙන් ඒ අයට ඕනේ ඡන්දෙ විතරයි.

:       0       429

nimal Monday, 26 March 2018 10:19 AM

අනේ සත්‍යපාල... රෝම, ලන්දේසි නීතිය වෙනයි, අපරාධ නීතිය වෙනයි.

:       1       41

DILITHA Monday, 26 March 2018 10:30 AM

එතකොට තමන්ටම වෙඩි තියාගත්තද?

:       13       87

Rohana Monday, 26 March 2018 10:52 AM

තව වසරක් ඉවසන්න. ඔබ නිදොස්කර නිදහස් කරමි. ඔබට සතුටුද? ඔබට විරුද්ධව තීන්දුව දීපු කෙනා යන දවස වැඩි ඈතක නොවේ.

:       0       22

Kumari Monday, 26 March 2018 11:18 AM

අදහස් කියවලා බැලුවම නිදහස කෙසේවතත් ඔබලා රටට කොඩිවිනයක්...

:       1       120

casmir Tuesday, 27 March 2018 05:36 AM

නිතිය පොඩි මනුස්සයට ක්‍රියාත්මක වෙනවා සල්ලිවලට නැවෙනවා .... මේක ගොඩක් භයානක තත්වයක් මිනිස්සු ගොඩක් නීතිය ගැන කලකිරීමෙන් ඉන්නේ. මේ වගේ තීන්දු වලින් ජාත්‍යන්තර අධිකරණ සාධාරනියකරණය වෙනවා.

:       0       119

shan saudi Wednesday, 28 March 2018 04:48 AM

මෙවන් අයවලුන් නීතියෙන් නිදහස් කරන්නේනම් සුළු වැරදි වලට හිරබත් කන සියලු දෙනාම නිදහස් කල යුතුය.

:       0       111

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 178 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 455 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 752 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 976 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1552 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1233 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site