IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉවසීමෙන් කටයුතු කරන්නැයි උලමා සංවිධානය මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලයි

සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
 
හලාවත ඇති වූ අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු සියලු දෙනා දුක, කනගාටුව සහ ශෝකය බෙදාගැනීම අත්‍යවශයෙන්ම කළ යුතු බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
බොහෝ දෙනා මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් සහ තරහෙන් බලන මොහොතක මුස්ලිම් ප්‍රජාව වෙනදාටත් වඩා තමන් කරන කියන දෑ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව ද එම සංවිධානය සිය නිවේදනයෙන් මගින් ඉල්ලා සිටී.
 
හලාවත ඇති අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ ක්‍රියාව හෙළා දකින බවත් රටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට තිබෙන්නේ සාමය සහ ඉවසීම බවත් එය දුෂ්කර වුවත් තිබෙන එකම මාර්ගය එය බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. 
 
(055)



අදහස් (10)

ඉවසීමෙන් කටයුතු කරන්නැයි උලමා සංවිධානය මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලයි

ගල්කටස් Monday, 13 May 2019 12:05 PM

වැඩේ වණ වුණාට පස්සේ වැඩක් නැහැ. ඕවා කියලා අැයි බැරි කියන්න මුස්ලිම් ත්‍රස්තවාදයට සහාය දුන් මැති අැමතිලා අත්අඩංගුවට ගන්න කියලා... එ්ක ඔයාලා කරන්නේ නැහැනේ...

:       871       1252

AsankaMonday, 13 May 2019 12:50 PM

මුස්ලිම්වරුන්ගෙන් ඇත්තටම ඉල්ලලා තියෙන්නේ කඩු තියන් ඉවසිල්ලෙන් ඉන්න කියලා...

:       586       590

jaliya gunawardhana Monday, 13 May 2019 12:14 PM

ශ්‍රි ලාංකිකයන් හැටියට එකිනෙකා ගහ මරාගෙන මොනවා ලබන්නද? මේවා ඔක්කොම වැරදි රජයේ. ඕනෑම දියුණු රටවල් වල උවද මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්නේ නෑ. මිනිසුන්ගේ සහ ජීවනය හදලා තියෙන්නේ රටේ බුද්ධි අංශ සජීවී කෙරිමත්, රටටම එක නීතියක් තදින් උස් පහත නැතිව ක්‍රියාත්මක වීමත් නිසයි. ඒ සදහා අපි හැමෝම පාලකයන්ට බලපෑම් කිරිමයි කරන්න ඕනි. ගහමරාගෙන මොනවා ලබන්නද ?

:       5       173

සේන Monday, 13 May 2019 12:52 PM

ලාංකීය මුස්ලිම් මිනිසුන් තවම නිවැරදි මාවතේ නැත. ආක්‍රමණශිලි මනස, ගෝත්‍රික අදහස් අතහැර එකම නීතියක, එකම රටක එක සංස්කෘතිකයකට නතු නොවුණහොත් මොවුන් සමාජයේ හුදකලා වනු ඇත.

:       667       1007

Nihal Monday, 13 May 2019 01:37 PM

මොන ඉවසීමක්ද? කොච්චර කීවත් වැඩක් නෑ. පල්ලි වලින් ගම් 7, 8 කටම ශබ්ද දුෂණයෙන් ගම්මු ඉවසුවට මේ අයගේ සමහරු පොදු නීතියක් ගණන් නොගනී, ඔය පන්සලිනුත් පිරිත් දාන්න පටන් ගත්තේ මේක තනිකරම අරාබියක්ම වගේ වුණු නිසා, ආගමික ස්ථානයක් නිහඩ බවක් තිබිය යුතුයි.

:       1052       1006

Bishan Monday, 13 May 2019 02:04 PM

සමාජයේ අන්තවාදී කොටස් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මෝඩ මිනිස්සු බොරුවට ගහ ගන්නවා. අවුරුදු 30 යුද්දෙන් අපි දුක් වින්ද මදිද.

:       4       597

Amarabandu Monday, 13 May 2019 02:10 PM

සිරස්තල වල සහ කන්ටෙන්ට් වල "වරු" යයි භාවිත කරන්නේ ඇයි? සිංහලවරු කියලත් කියන්න...

:       38       1279

Bamunuarachchi Monday, 13 May 2019 02:24 PM

නුඹලා ඉවසුවත් එකයි, නැතත් එකයි. අපි සීමාව පැන්නොත් තමයි ප්‍රශ්නය...

:       276       358

Chanak los angeles Monday, 13 May 2019 08:04 PM

කව්රු මොනවා කීවත් මෙවන් ප්‍රකාශ තුලින් ගැටුම් නිර්මාණය වීම දශමයකින් හෝ වැළකෙනවා ..

:       43       28

Gamini Monday, 13 May 2019 08:36 PM

මෙම අවස්ථාවේ අප සියලුදෙනා ඉතාමත් බුද්ධිමත්ව නිවැරදි තීන්දු ගැනීම අත්‍යවශ්‍යයි. සොයා ගැනීමට ලැබෙන පුහුණු කඳවුරු, අවි ආයුධ ගැන සිතා බලනවිට මෙය 150 කගේ සංවිධානයක් නොව ඊට වඩා හොඳ සංවිධානාත්මක, සහ පුහුණුවූ පුද්ගලයින් රට පුරා සිටිය හැකි අතර, මෙතරම් මුදල් සම්භාරයක් වියදම් කර නායකයා දිවි නසාගනීවියි සිතිය නොහැක. මේ ගැන මුස්ලිම් සමාජය නොදැන සිටි බව පැවසීමද ලොකුම බොරුවකි. මොනයම් හෝ හේතුවක් නිසා සහරාන් මේ ප්‍රහාරය මේ අවස්ථාවේ එල්ල කිරීම මගින් මුස්ලිම් අන්තවාදීන්ගේ සියලුම අනාගත සැලසුම් ඔවුන් නොසිතු ආකාරයෙන් බිඳ වැටීම සහ එලිවීම පිළිබඳව ඔවුන් පසුතැවෙනවා ඇත. බොහෝ මුස්ලිම් නායකයන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් බොරු කරන බව පැහැදිලිවම පෙනේ. එම නිසා අප කලබල නොකර ආරක්ෂක අංශ වලට ඔවුන්ගේ රාජකාරිය හොඳින් ඉටු කර ගැනීමට ඉඩදී, රටට එක නීතියක් සම්මත කිරීම, නොගැලපෙන අධ්‍යාපන ආයතන තහනම් කිරීම, රජයක් පිහිටුවීම සඳහා සුළුජාතීන්ගේ සහය අවශ්‍ය නොවන ආකාරයේ ඡන්ද ක්‍රමයක් සැකසීම වැනි ක්‍රම තුලින් මොවුන්ගේ බලය හීන කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයට බලකිරීම සියලුම රට වැසියන් විසින් කල යුතුම දෙය බව මම සිතමි,

:       116       260

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 31 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 898 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1652 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1877 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 965 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 910 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site