IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලීසියේ රාජකාරී කළ 150 දෙනකුට නිල ඇඳුම අනිවාර්ය කරයි

(එෆ්.අස්ලම්)

බදුල්ල පොලිස් කොට්ඨාසයේ නිල ඇදුම් ඇදීම  පැහර හරිමින් දීර්ඝ කාලයක සිට   රාජකාරී කරන නිලධාරින් 150 දෙනෙකුට නිල ඇදුම් පැළද රාජකාරී කිරීම අනිවාර්ය කිරීමට එම කොට්ඨාස  බාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා විසින් නියෝග කර ඇත.

සිවිල් ඇදුමෙන් සැරස සිටින මෙම නිලධාරීන්  නිසි පරිදි රාජකාරී  නොකිරීම, නිල ඇදුම් ඇදීම බාධාවක් නොවන නිලදාරීන් වැඩි පිරිසක් වෛද්‍ය වාර්තා පෙන්වමින් සිවිල් ඇදුමෙන්  රාජකාරී කිරීම හා පොලිස් නිලදාරීන්ගේ ගරුත්වය කෙලෙසෙන පරිදි කටයුතු කිරීම වැනි චෝදනාවන්  මත මෙම පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු ලංකාදීපය,ට පැවසීය.

මෙලෙස නිල ඇදුම් ඇදීම වසර ගණනාවක සිට පැහැර හරින නිලදාරීන් අතරින් වැඩිම පිරිසක් බදුල්ල මූලස්ථාන පොලිසියට හා මහියංගනය පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්ගේ පටන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයන් දරන්නන් බවත් එම ආරංචිමාර්ගය තවදුරටත් කියා සිටීයි.

මෙම නිලදාරීන්ගේ රෝග තත්වය පරීක්ෂා කර බැලීම සදහා කඩිනමින් වෛද්‍ය පරීක්ෂණ සිදුකර  වෛද්‍ය වාර්තා කැදවන ලෙසත්  ඔවුනට නිල ඇදුම් පැළදීම යෝග්‍යද නැතිද යන්න එතුළින් තහවුරු කර ගන්නා ලෙසත් ඒ අනුව නිල ඇදුම් පැළදීම අනිවාර්ය කරන ලෙසත්  පොලිස් අධිකාරීවරයා කොට්ඨාසය නියෝජනය වන පොලිස් ස්ථාන නවයෙහිම ස්ථානාධිපතිවරුන් හට නියෝග කර තිබේ.


මේ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් මෙකී නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා නැවත කැදවා පරීක්ෂා කර ඇති බවත් ආබාධිතයින්  නොවූ හතිය,දියවැඩියාව,රුධිර පීඩනය වැනි රෝග ඇති නිලදාරීන් මෙලෙස නිල ඇදුම් පැළදීම පැහැර ඇති බව එතුළින් අනවරණය වී තිබෙන බවත්  පොලිස් ආරංචිමාර්ග තවදුරටත් සදහන් කරයි.

මෙලෙස සිවිල් ඇදුමෙන් සැරසී සිටින නිලදාරීන් හදුනාගත හැක්කේ ඔවුන් හා සිටින පොලිස් නිලදාරීන්ට පමණක්ම බවත් පොලිසියේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගැනීමට නම් නිලධාරියාගේ අනන්‍යතාව තහවුරු වන පොලිස් නිල ඇදුම පැළදීම අත්‍යවශ්‍ය බවත් නිල ඇදුම පැළදීම අහිතකර වන්නේ කෘෂ්ඨ රෝග හෝ සමේ රෝග වැළදෙන හෝ  අයට පමණක් බවත් කී එම උසස් පොලිස් ප්‍රකාශකයා මොවුන්ගේ වෛද්‍ය වාර්තා කැදවීමෙන් පසු වෛද්‍ය නිගමනයන්ට අනුකූලව නිල ඇදුම් පැළදවීම අනිවාර්ය කරන බවද කියා සිටියේය.



අදහස් (5)

පොලීසියේ රාජකාරී කළ 150 දෙනකුට නිල ඇඳුම අනිවාර්ය කරයි

Senarath Tuesday, 25 September 2018 08:01 AM

මෙයාට වඩා පොලිසියේ නම විනාශ කල අය ඉන්නවා...

:       2       28

පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 09:24 AM

රාලහාමිලාට කාකි සුට් අඳින්න බැරි ලෙඩ තියෙනවානම් හොරු අල්ලන්න දුවන්නේ කොහොමද? ලෙඩ සුව වන තෙක් ගෙදරටවී භාවනා කරන්න පඩි රහිත නිවාඩු දී එම පුරප්පාඩු වලට උපාධිධාරයින් බඳවා ගන්න.

:       26       22

sathyapala Tuesday, 25 September 2018 10:12 AM

නිල ඇදුම අදින්න බැරි ඇය ගෙදර යැව්වානම් හරි .

:       0       17

KANDEPOLA Tuesday, 25 September 2018 10:55 AM

පොලීසය හෑල්ලු වෙලා ඉවරයි.

:       0       1

kalpa Wednesday, 26 September 2018 01:44 AM

රෝගීන්ට හරියාකාරව සේවයක් කරන්න බැහැනේ. මෙවැනි අය වෛද්‍ය මණ්ඩලයකට යොමුකර සේවයට නුසුදුසු නම් සේවයෙන් ඉවත්කරන්න. ඇයි පොලිසියට ආයතන සංග්‍රහය වලංගු නැද්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 292 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 107 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 194 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 534 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 412 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 319 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site