IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


කත්මන්ඩු ගුවන්තොටුපොලට බැස්සවීමට ගිය යානයක් කඩාවැටීමෙන් 40 ක් මරුට

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක්  නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් පසුව එහි ගමන්ගත් මගීන් 68  දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු  අතුරින් 50 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

වැරැදි දිසාවෙන් ගුවන් පථයට ගොඩ බැස්සවූ ගුවන් යානයට කෑලිවලට කැඩී ගොස් ගිනිගත් බව නේපාල පුවත් සේවා වාර්තා කළේය.

මෙම ගුවන් යානයේ ගමන්කළ මගීන් අතුරින් 23 දෙනෙකු පමණ දිවි ගලවාගෙන ඇතැයි මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරමින් සිටී. ඇමෙරිකා එක්සත් ජනපද සහ බංග්ලාදේශයට අයත් ඒකාබද්ධ ගුවන් සමාගමක් වන ‘යු.එස් - බංග්ලා’ ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරට පත්විය.

මේ වනවිට කත්මන්ඩු ගුවන් තොටුපලේ සියලුම ගුවන්ගමන් තාවකාලිකව නවතා ඇතැයිද එම වාර්තාවල සඳහන්වේ.

රොයිටර් පුවත් සේවය මියගිය පිරිස 50 ක් බවත් 17 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් සඳහන් කරයි.මෙම ගුවන් යානය බංග්ලාදේශයේ අගනුවර  වන ධකා සිට පැමිණ ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

යානය අනතුරට පත්වූ විගස ගිනි නිවන භටයන් මෙන්ම සහන සේවකයන් ද යානය වෙත ළඟා වූ අතර ගිනිගන්නා යානයෙන් මගීන් පිටතට ගැනීමට ඔවුහු කටයුතු කළහ.

“31 දෙනකු ඒ ස්ථානයේ දීම මියගොස් සිටියා. තවත් 9 දෙනකු රෝහල් දෙකකදී මියගියා” යැයි නේපාල පොලිස් ප්‍රකාශක මනෝජ් නෙව්පානේ පැවැසීය. මේ අතර තවත් 23 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා විය. 

යානයේ සිටි 33 දෙනකු නේපාල ජාතිකයන් බවත්, 32 දෙදෙනකු බංග්ලාදේශ ජාතිකයන් බවත් වාර්තා වූ අතර චීන හා මාලේ ජාතිකයකු බැගින් එහි සිටි බවත් නේපාල මාධ්‍ය වාර්තා කර තිබිණි. 

(255)  (055)

 



අදහස් (1)

කත්මන්ඩු ගුවන්තොටුපොලට බැස්සවීමට ගිය යානයක් කඩාවැටීමෙන් 40 ක් මරුට

sanath Monday, 12 March 2018 06:42 PM

කත්මන්ඩු එයාර්පෝර්ට් එක තියෙන්නේ කඳු වළල්ලකින් වටවෙලා නිසා ප්ලේන්ස් ලෑන්ඩ් කරන්න වට හතරක් පහක් විතර කැරකෙන්න ඕනෑ. මම හිතන්නේ නියමුවාට කැරකිල්ල හැදෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 163 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 439 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 727 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 943 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1536 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1226 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site