IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘ජනපතිවරණයට නැවත එනවාද නැද්ද තීරණය ජනතාව අතේ‘‘

ඩයනා උදයංගනී

තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ ගැන සිතීමට පෙර තමාට රට පාලනය කරන්නට ලැබුණු කාලයේදී කළ යුතු දේවල් කළ යුතුයැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේදී අද (20) පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක්වෙමිනි.

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නොවන බව කී ජනාධිපතිවරයා ලැබී ඇති නිදහස ආරක්ෂා කරගැනීම මාධ්‍ය සතු වගකීමක් බවද කීවේය.

 



අදහස් (28)

‘‘ජනපතිවරණයට නැවත එනවාද නැද්ද තීරණය ජනතාව අතේ‘‘

Tharindu Perera Saturday, 20 March 2021 03:26 PM

බුදු අම්මෝ සර්, මේ කරපු විනාසේ හොඳටම ඇති... ලෝකුඹු නිරේ කල්පයක් ම ගතකරන්න. තවත් අවුරුදු 05ක් රජකම් කරනවා කියන්නේ තව කල්පයක්ම නිරයේ ඉන්න වෙනවා කියන එක! ඒ නිසා අපි ගැන කෙසේවෙතත් ඔබතුමා ඔබ ගැනවත් හිතලා ඊළඟ ඡන්දෙන් පස්සේ රට යන්න. දැන් නඩුත් සියල්ලෙන් ම නිදහස් වෙලානේ තියෙන්නේ...

:       0       0

Raveendra Saturday, 20 March 2021 03:32 PM

මෙම පුවත කියවීමේදී අපට ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ ලස්සන ගීතයක් මතකයට නැගුණා... එම ගීතයේ පද කීපයක් සියල්ලන්ගේම රසවින්දනයට මෙසේ සඳහන් කරන්නෙමු. හා.. හා.. හොරේ දැනුණා අපට "කෙසෙල් කැන" පැන්නා දැනුනා..." මෙම සුන්දර ගීතය අපේ රතු චීත්තකාරයින්ට, මෙන්ම සජි පුතාටත් සවන්දීමට හැකි වේවා...!!!

:       0       0

විකුම් Saturday, 20 March 2021 03:34 PM

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නොවන්නේය. එහෙත් ජනතාව මුලා කරමින්ද, එස්.එම්.එස්. වලින් දිනකට අති විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගෙන එයින් සොච්චමක් පැයකට වරක් තෑගි දෙමින්ද සිටී. ඇතැම්විට ඔවුන්ගේ එදිනෙදා වියහියදම් පියවා ගන්නේද ජනතාවගේ මේ එස්.එම්.එස්. මුදලින්ම විය හැකිය. සැබෑ දානපතියන් තෑගි භෝග මෙන්ම ප්‍රජා සේවාවන් කරන්නේ ඔවුන්ගේ පුද්ගලික මුදලින්ය.

:       0       0

banda Saturday, 20 March 2021 03:52 PM

අනේ සර් එන්න.. අපි රට දාලා යන්නම්...

:       0       0

Demuni Uduwara Saturday, 20 March 2021 04:06 PM

දුක් වෙන්න එපා. ඒක ජනතාව තීරණය කරයි.

:       0       0

Ranjith Saturday, 20 March 2021 04:19 PM

මොන බොරුද? ගිය වතාවේදි පොහොට්ටුවේ ලොකු ලොක්කන් සේරම "අන්තිම මොහොතේ හොඳ ජොකියෙක් දානවා"යි කියකියානේ හිටියේ. ඉතින් එදාත් නාමයෝජනා දෙන්න තීරණය කළෙත් ජනතාවද?

:       0       0

NM Saturday, 20 March 2021 04:30 PM

ගෝඨාභය දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද? නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඔබ දෙවන වරට පැමිණියත් වර්තමානයට වඩා වෙනසක් දැකිය නොහැකිය. ඔබවටා සිටින්නේත් මහජන මුදල් අවභාවිතාකළ දූෂිත චෝදනාවලට ලක්වූ නමුත් නඩුවලින් නිදොස්කොට නිදහස් වන සහ නිදහස් වූ දේශපාලකයන් නිසා රටේ ජනතාව මේ වනවිට දේශපාලනය යනු රටට විනාශයක් බව තේරුම් ගෙන ඇත. එමනිසා ඔබටත් යුතුකමක් ඇත. එනම් දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දූෂිත ජනතා අප්‍රසාදයට පත්වූ දේශපාලකයන් සමග රට ඉදිරියට ගෙනයාමට නොහැකිබව තේරුම් ගෙන රටට වෙනසක් සඳහා අලුත් තරුණ දේශපාලන කණ්ඩායමකට සහයෝගය ලබාදීම ඔබතුමාට කළහැකි මෙහෙවරකි. ඉදිරි වසර 10 පක්ෂ, පාටවලින් තොරව රට වෙනුවෙන් කැපවන අවංක පිරිසකට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඔබ කැමතිනම් වර්තමාන දේශපාලන ක්‍රමයට සහ රටට වෙනසක් ලබාදීමට සහයෝගය ලබාදෙන්න. එසේ නොමැති වුවහොත් ඉදිරි වසර 70ක් වත් මේ ආකාරයෙන්ම ගමන් කෙරෙනු ඇත.

:       0       0

Perera Saturday, 20 March 2021 06:21 PM

සර් මෙදාපාර නම් ෆේල්.. ලබන සැරේත් කරලා බලන්න පාස් වෙයිද කියලා...

:       0       0

chandani - gampaha Saturday, 20 March 2021 06:29 PM

රාජපක්ෂ යුගය දැන් අවසන්... ආයේ එන්න හිතන්න එපා. රටේ මිනිස්සු ඔබලාට ආයේ කවමදාකවත් එන්නට ඉඩ නොතබනු ඇත.

:       0       0

Surendra Saturday, 20 March 2021 06:39 PM

නැවත ජනාධිපතිවරණයට ආ යුතුද? නැද්ද? කියා ජනතාව නෙමෙයි තීරණය කරන්නේ.. එය තීරණය කරන්නේ ඔබගේ ජනාධිපති කාලයේ ක්‍රියා කලාපයයි. නමුත් දැන් ජනතාවට තේරෙනවා ඔබේ මේ අවුරුදු 2 කාලේ පරිසර විනශය, කැලෑ ගස් කපලා විනාශය ඉතා දරුණු විදිහට සිදුවෙමින් පවතිනවා. ඔබ ඒ සම්බන්ධයෙන් නිහඬව ඉන්නේ ඇයි කියා අපි දන්නවා. ඡන්දෙ දිනන්න ව්‍යාපාරිකයන් සල්ලි විසි කළා. ඒ සල්ලි දුන්නේ නිකන් නෙමෙයි... පස්සේ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන්..., දැන් ව්‍යාපාරිකයන් කෑලැ ගස් කපලා හෝටල් හදන්නේ ඒ ප්‍රයෝජන නිසා තමයි.. එ්කයි ආණ්ඩුව මේකට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ.., අණ්ඩුවට ලැබෙන ඡන්දෙ නැති කරන්න බෑ කියන එකයි, ආණ්ඩුවට ඡන්දයට වියදම් කරන ව්‍යාපාරිකයන් නැති කර ගන්න බෑ කියන එකයි..

:       0       0

සෑම් Sunday, 21 March 2021 12:46 AM

පින් සිද්ධ වෙයි ඇමරිකාවටම ආපහු යන්න, පුළුවන් නම් හෙටම. දැනට කරපු හරිය හොඳටම ඇති.

:       0       0

Jagath Sunday, 21 March 2021 12:47 AM

අපෝ දැන් ඔය කරලා තියෙන වැඩ ටික හොඳටම ඇති. දැන් ආපු රටකට ගිහිල්ලා ඔය ගොඩදාපු හොර බිස්නස්කාරයන්ගේ පිහිටෙන් ජීවත්වෙන එකයි ඇත්තේ...

:       0       0

ජයන්ත Sunday, 21 March 2021 03:52 AM

මගෙ අම්මේ අායේ නම් එන්න එපා. පැන්ෂන් එකත් දෙන්නම්...

:       0       0

Hafeel Sunday, 21 March 2021 05:44 AM

පවුලේ නඩු සේරම වගේ අවසන්... ඉතුරු නඩු ටිකත් නිදොස්කොට නිදහස් වෙන්න... එ්ක තමයි තියන්නේ... ඉතින් ආයිත් මොනවට තමන්ගේ කරන්න ඕනේ? 20 සම්මත කරලා දීලත් කරන්න බැරි නම්....

:       0       0

Bamuna Sunday, 21 March 2021 07:27 AM

වැඳලා කියන්නම්... නැවත එන්න.

:       0       0

mohomed Sunday, 21 March 2021 08:10 AM

එක්පාරක් කරපු ගොන් කම ජනතාව අයේ කරන එකක් නැහැ

:       12       70

fairoos Sunday, 21 March 2021 08:12 AM

69 ලක්ෂය නම් අනිවාර්යෙන් සර් ව තමයි ඉල්ලන්නේ

:       14       38

සිරිබිරි Sunday, 21 March 2021 09:09 AM

මිනිසුන්ට දැන්නම් රාජපක්ෂලා එපාම වේගෙන වගේ එන්නේ

:       8       53

Buddika Sunday, 21 March 2021 09:30 AM

දෙයියන්ගේ නාමෙන් ආයෙත් එපාමයි 69 ලක්ෂක් කරපු දේ ගැන අද පසුතැවෙනවා ඇති.

:       9       47

Shehan Sunday, 21 March 2021 09:31 AM

ජනතාවට අනුකම්පා කර අනේ නැවත එන්න

:       21       15

Ranji Sunday, 21 March 2021 09:52 AM

මොන බොරුද? ගිය වතාවෙදි පොහොට්ටුවේ ලොකු ලොක්කෝ සේරම "අන්තිම මොහොතේ හොඳ ජොකියෙක් දානවා" කිය කියා නේ හිටියේ. ඉතින් එදාත් නාමයෝජනා දෙන්න තීරණය කලෙත් ජනතාවද? සංවිධානාත්මක නාට්‍ය සංදර්ශන වල දේවල් ඇත හැරලා වෙස් වලාගෙන ගිහින් හරි ගමේ හන්දියේ කතාවෙන දේවල් ඇහුව නම් ජනතාව ඉල්ලන්න හිතාගෙන ඉන්න දේ හොඳින් වටහාගන්න පුළුවන් වෙයි.

:       7       35

චන්දානන්ද Sunday, 21 March 2021 10:13 AM

ආයෙ මෙයාට ඡන්දෙ දෙනව නම් ලයික් කරන්න

:       0       0

සේනක~ඉතාලිය Sunday, 21 March 2021 12:12 PM

වගකියන්න ඔන රටේ ඉන්න මිනිසුමයි..

:       3       20

විපරමා Sunday, 21 March 2021 01:12 PM

අනේ මෙහෙම ආසාවක් ,අනේ මෙහෙම තණ්හාවක්? පවුල් බලලෝබි බඩගොස්තරවාදියෝ කියන එක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       3       29

පිටරැටියා Sunday, 21 March 2021 05:20 PM

සදහටම බලයේ ඉන්න හදන, එකම පවුලේ අය රජකරන බල තණ්හාව ඉහට ගහපු පාලකයින් ඉන්න රටක් මුලු ලෝකෙම නැතුව ඇති...

:       0       0

ruwan Monday, 22 March 2021 04:14 AM

යහපාලනයට රෙදි නැතිව කඩේ ගිහින් අන්තිමට බෝම්බ කන තැනට මේ රටේ ජනතාව පත්වෙනවා බලන් ඉඳපු අය මේකේ දාලා තියෙන අදහස් බලපුවාම කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ.

:       0       0

de silva Monday, 22 March 2021 11:47 PM

ඔබතුමා මැතිවරණ පොරොන්දු සියල්ල ඉෂ්ඨ කරපු නිසා ලබන පාරත් බය නැතිව ඡන්දෙ ඉල්ලන්න. රටවිරුවන් ඇතුළු 69 ලක්ෂයක් පෝලිමේ ඇවිත් ඡන්දෙ දේවි.... ඔබට ඇමෙරිකාවටම දුවන්න. අර බැසිල් කළා වගේ බඩු පොදි බැඳගෙන ඩෙනිමක් එහෙම ගහගෙන එමිරේට්ස් එකේ නැගලා යන්න පුළුවන්.

:       0       0

Mali Tuesday, 23 March 2021 10:49 AM

කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති මිනිස්සු "අඬන්නා වැළපෙන්නා සහ නලාව" කියලා තැන් තැන්වල ලියන්න පටන් අරගෙන... මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද රටක් හදන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 21 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 818 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1504 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1717 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 916 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 855 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site