IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

(නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම චෝදනාවලින් නිදහස් කිරීමේ තීන්දුවට එරෙහිව නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ලබන සතියේදී අභියාචනයක් ඉදිරිපත් කරනු ලබන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණය ලබා දුන් එම නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් මුලස්ථානය අද (02) කරන ලද ඉල්ලීමක් අනුව මෙය ඉදිරිපත් කෙරනු ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසෙයි.

එම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 80303/01/22 යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, එම පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව කිසිදු වරදක් අනාවරණය නොවන බවට තීන්දු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් 31 වැනිදා එම සැකකරු නිදහස් කරමින් නියෝගයක් නිකුත් කළේය.



අදහස් (11)

මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

රනේ Thursday, 02 February 2023 07:35 PM

මොනවද අනේ ඔයාලාට ඕනේ...?

:       0       1

Prase Friday, 03 February 2023 07:46 AM

ඇතුලේ ඉන්න මිනිස්සු ඇතුලේ ඉන්න ඕන ජයවේවා ගේ නිදහස වැදගත්

:       5       2

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 February 2023 08:39 AM

පොලීසිය හා නීතිපති අධිකරණයේ හා විනිසුරු තුමන්ලාගේ ස්වාධීනත්වයට අයුතු බලපෑම් එල්ල කිරීම මෙහිදී සිදුවේද? නොවේද ?

:       2       7

Aravinda Monarawila Friday, 03 February 2023 09:14 AM

මෙයාට නීතිපති කියනවාට වඩා රාජපක්ෂ වික්‍රමසිංහ නමැති සමාගමේ නීතිඥයා කිවුවා නම් නිවැරදි

:       2       17

sharm warn Friday, 03 February 2023 09:28 AM

ශාක්ෂිත් නැතිනම් කරපු ත්‍රස්තවාදීකමකුත් නැතිනම් ,පාරට බැස්සේ රටේම මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන් නම් ,නීතිපතිට කොතනද ත්‍රස්තවාදී කමක් හම්බවුනේ ?දවස් 90 ඇතුලේ ප්‍රශ්න කරලා හොයා ගන්න බැරි වෙච්ච දේවල් දැන් අලුතෙන් මවන්නද යන්නේ ?

:       2       16

pakeer Friday, 03 February 2023 10:23 AM

ලංකාවේ ලොකුම ප්‍රශ්නය මේ වසන්තගේ ප්‍රශ්නය

:       5       6

Ariyathilaka Friday, 03 February 2023 01:41 PM

2022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදයට සමගාමීව ආරම්භ වූ "සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිර්දය ලෙස මර්දනය කර ඇතැයි," මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) පවසයි. පිටු 60 න් යුතු සවිස්තර වාර්තාවක් මගින් මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සම්මේලනය අරගලය මර්දනය කළ ආකාරය පිළිබඳව රජයට බරපතල ලෙස චෝදනා කර තිබේ. එම වාර්තාවේ 04 වෙනි පිට (සිංහලාර්ථය) "ශ්‍රී ලංකාවේ අරගල විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම, විරෝධතාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදුකරන ලද බරපතල සහ ක්‍රමානුකූල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයයි. මෙම ක්‍රියාවන් ප්‍රධාන මානව හිමිකම් ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමෙන් පැන නගින ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීතිමය බැඳීම් සමඟ නොගැලපේ. අරගලය (සිංහලයෙන් "අරගල") නමින් හැඳින්වෙන ව්‍යාපාරය උපත ලැබුවේ, ආණ්ඩුවේ දිග්ගැස්සුණු ආර්ථික අවපාලනය සහ වැඩෙන මහජන අතෘප්තිය අධික දූෂණය සහ ඥාති සංග්‍රහයට ප්‍රතිචාරයක් වශයෙනි. පොලිසිය සහ නීතිය පිළිබඳ බලධාරීන් වෙත..., රජය වෙත මෙයින් එල්ල වන චෝදනා බරපතලයි...

:       1       6

Weefree kottawa Friday, 03 February 2023 06:22 PM

He didn't speak on behalf of the people, not even the university community. He challenged and threatened the head of state using lowly language. We saw it on TV but we were not there to witness it first hand. If Mudalige actually had any backing from the people to terrorize anyone publicly as he was shown doing before the free media, even we are commiting an offence. Besides, coming from a lineage that connects him with our Adivasi leader Wannila Aththo who is a well honored tribal leader who is exemplary and responsible in his statements to the free media, it was surprising how this more educated student leader used Vedi language against the legimate executive (whoever he is) which no civilized citizen can approve of. Now Mudalige is holding media briefings using his freedom of speech and accuses the authorities were trying to assainate him, but the facts he presents are too poor and might, erode the ethics of law abiding citizens. I think he should be a good student first.

:       1       0

Athula Friday, 03 February 2023 10:50 PM

අන්තිම හිරිකිතයි... රටක් වැටුණු තැනක්

:       1       1

Bamunuarachchi Sunday, 05 February 2023 11:35 AM

නැවත ඇතුළට දමන්න. ඒක කොල්ලට කරන යහපතක්... සාමාන්‍ය ජනතාවටත් යහපතක්....

:       2       2

nihal Tuesday, 07 February 2023 12:43 AM

රනියගේ වැඩක් .ආයේ අපේ රට බෙදන්නත් ට්‍රයි කරනවා .දෙවියනේ ඉක්මනින්ම මොහුව මේ ලෝකෙන් අයින් කරන ලිස්ට් එකට දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 63 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 261 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 107 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 105 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 103 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 840 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site