IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහි  විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අනිද්දා (11) බදාදා  තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  අද (9)  තීරණය කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 10.00 ට රැස්විය.

පැයකට ආසන්න කාලයක්  පැවති මෙම රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් ඇතුළත් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාවද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම රැස්වීමේදී  එකඟවී ඇත.

ජනාධිපතිවරයාට   එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි  සඳහන් වේ.

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව සංශෝධනයට ලක් කර ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවයි.

මේ අවස්ථාවේදී කතානායකවරයා එම අදහස පිළිගෙන ඇති අතර යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය



අදහස් (1)

පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි

ranjith Monday, 09 May 2022 04:20 PM

මේ මිනිහට දොස්තර ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරපු එකත් හොඳයි..

:       1       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 57 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 212 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 505 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1068 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 198 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 243 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site