IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙසැම්බරයේ ඩොලර් ගේන අයට ගජ වාසියක්

(යොහාන් භාසුර)

විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විධිමත් මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මේ මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට රුපියල් 10 ක අතිරේක මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ ශ්‍රමියකන් ඩොලර් රුපියල් බවට පරිවර්ථනය කිරීම දිරිගැන්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.



අදහස් (16)

දෙසැම්බරයේ ඩොලර් ගේන අයට ගජ වාසියක්

Bamunuarachchi Wednesday, 01 December 2021 07:44 PM

ඩොලර් තැන්පතු උනන්දු කිරීමට 2009 කාලේ NRFC තැන්පතුවලට 20% බෝනස් එකක් රුපියල් වලින් මහින්ද මහතා දුන්නා මතකද? ඒ දීමනාව 2009 පෙබරවාරි 1 සිට බැංකුව නැවැත්තුවා.

:       0       0

saxena Wednesday, 01 December 2021 08:37 PM

මොන මෝඩයද 240කට මාරු කරගන්න පුළුවන්...? එ්ක 210 කට මාරු කරන්නේ. ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට...

:       8       121

PereraThursday, 02 December 2021 04:54 AM

හා හා... එහෙම කියන්න එපා... මේවා මොල හතේ සුපිරි ක්‍රමවේද..

:       0       0

SamithaThursday, 02 December 2021 02:33 PM

ඔව් ඩොලර් එකට හරි ගානක් ගෙවන්නේ නෑ. ඒ මදිවට රටින් එන සල්ලි මාසයක් ඇතුලත බලෙන් මාරු කරනවා. මාරු කරන්නේ 197 ට. එහෙමයි මිනිස්සුන්ගේ ඉතුරු කරන ඒවත් හොරා කන්නේ. එහෙව් හොරා කාලා උන්ගේ ගිණුම් වල දාගන්නවා.

:       0       3

ජගත් ලියනගේ Wednesday, 01 December 2021 09:04 PM

කවුද බැංකුවට යන්නේ ඩොලර් මාරු කරන්න?

:       0       0

Lal Wednesday, 01 December 2021 09:15 PM

ජනතාවගේ බදු මුදල් හොරාකාපු ආණ්ඩුවට අපි මොකටද ඩොලර් එවන්නේ.

:       0       0

Prabha Wednesday, 01 December 2021 09:43 PM

ඔවු අපිට වාහන බලපත්‍ර එහෙමත් දුන්නනෙ. හොට බිම ඇනුනම තමා හැමදාම රටගිය ඇත්තො මතක් වෙන්නෙ..

:       0       0

Murhu Wednesday, 01 December 2021 10:05 PM

මේවා මහා බැංකුවට ඔබින්නේ නැති නූගත් වැඩ. මම දැනට එවන ඩොලර් එකකට 245 ලැබෙනවා.

:       0       0

ajith Wednesday, 01 December 2021 11:07 PM

රජය 240/- ට හුවමාරු කරන්නට පටන් ගත්තොත් වෙන්නේ, කලු කඩය 250/- ට හුවමාරු කිරීමට පටන් ගැනීමයි. එලෙස මෙය විෂම චක්‍රයක් බවට පත් විය හැක. දැන් කල යුත්තේ කළු කඩය දැඩිව මර්ධනය කිරීමයි. රජයේ පාර්ශවයෙන් කල හැකි තව දෙයක් නම්, රජය විසින් සිදු කරන වෙළද ගනු දෙනු වලදී මුදල් වංචා කිරීම නැවත්වීමයි. එයින් විදෙස් ගත ලාංකිකයින් හට රජයේ ක්‍රියා පටිපාටිය පිළිබඳව යම් විශ්වාසයක් ඇති කල හැක.

:       0       0

Kumar (Gulf) Wednesday, 01 December 2021 11:50 PM

රුපියල් 10ක් පොල් ගාන්නද? සිරිමාවෝ මැතිණියගේ කාලේ 25% දුන්නා ඩොලර්වලට...

:       0       0

kamal Thursday, 02 December 2021 04:27 AM

රට විරුවා කිය කිය කොරෝනා හැදුනම ඒ මිනිස්සුන්ගේ දුකට කන් නොදුන් ආණ්ඩු

:       0       0

Bandara Thursday, 02 December 2021 07:03 AM

රුපියල් 240-275 අතර ගණන් වලට එළියේ මාරු කරන්න පුළුවන්කම තියාගෙන මොන මෝඩයාද අප්පා 210 එවන්නේ.. ඔන්න රජයෙන් රුපියල් 10 වෙනුවට රුපියල් 50ක් වත් දුන්නා නම් මිනිස්සු සල්ලි දායි. මොන මනුස්සයාද අප්පා පාඩු විඳින්න කැමැති...

:       0       0

de silva Thursday, 02 December 2021 08:12 AM

ඩොලර් අවශ්‍ය නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පිහිට පතන්න. ඔවුන්ගේ ණය ආධාරය ලැබුණු පසු ඩොලර් එක පාවෙන්න හරින්න. එවිට පිටරටසිටින පුද්ගලයින් අපට ඩොලර් එවාවි. 240 දෙන්න පුළුවන් ඩොලර් එක 210ට දෙන්න කිසිම කෙනෙක් කැමැති වෙන්නේ නැහැ...

:       0       0

damith Thursday, 02 December 2021 10:11 AM

තව සල්ලි අච්චු ගහලා රුපියල් 50ක්ම වැඩිපුර දෙමු. එතකොට අපේ බැංකුවේ තියෙන ඒවායේ ඇත්ත වටිනාකමත් අඩුවෙන්නේ නැතැයි...

:       0       0

බන්දුල Thursday, 02 December 2021 10:28 AM

රටේ ආර්ථිකය කෘතිමව පාලනය කරන්න බෑ කියලා වත් තේරෙන්නේ නැතුව පැලැස්තර අලවනවා...

:       0       0

Kalana Thursday, 02 December 2021 11:22 AM

ගජ වාසියක්... හිනා කාලා ජිවත් වෙන්න පුළුවන්.... රු 40 ගන්න පුළුවන් එකකට රු 10 දීල කියන කබ්බන් කථාවට ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 66 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 61 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 723 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 668 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 306 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site