IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අයි.එම්.එෆ් එඟතාවයෙන් පසු ඩොලරය 185 වෙිවි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

"අපට ස්ථාවරත්වයට පත් වීම සඳහා වසර 04ක කාල පරිච්ඡේදයක් තිබෙනවා. අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරික්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක සමඟ අප එකඟ වුණා. එවිට අප ලබා ගත් මුදල් නැවත ගෙවිය හැකියි. දැන් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ.

නමුත් ආර්ථිකය ස්ථාවර කර ගත් පසු, ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි වූ පසු, අපේ සියලු ණය ගෙවා සෑම වසරකම අතිරික්තයක් රට තුළ ඇති තත්ත්වයට පැමිණීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. ජපානය, සිංගප්පූරුව ජර්මනිය හෝ කොරියාව වැනි රටවල වගේ , වසර අවසානයේදී අපට අතිරික්තයක් ලැබෙනු ඇති.එවිට විදේශ විනිමය ආදායම අපගේ අවශ්‍යතා සඳහා යන වියදම අභිබවා යනවා. මෙය තමයි ඊළග ඉලක්කය.යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

අරලියගහ මන්දිරයේ පැවති සමුළුවක් අමතමින්  ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (18)

අයි.එම්.එෆ් එඟතාවයෙන් පසු ඩොලරය 185 වෙිවි

නිශාන්ත Monday, 20 March 2023 07:29 PM

හෑ මරුනේ.... ඒ කියන්නේ රුපියල් 2 ක් රුපියල් 390 ක් වෙනවා.

:       38       18

Sunil Monday, 20 March 2023 07:37 PM

මෙහෙමත් ඇන්දිල්ලක්... කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්නවත් බැහැ... කමක් නෑ... ඔහොම යමංකෝ... ඉස්සරහට බලාගන්න පුළුවන් ඩොලරය රුපියල් 185 වෙන හැටි...

:       40       74

Gamage Monday, 20 March 2023 07:48 PM

තව තව ණය අරගෙන ඩොලර් වලින් ණය ගෙව ගෙවා රුපියල ශක්තිමත් කරන හැටි මටනම් කොහෙත්ම තේරුම් ගන්න බැහැ. වොක්සගන් ඇන්දිල්ලක් වගේ පේන්නෙ!

:       3       2

sam Monday, 20 March 2023 07:56 PM

ලංකාවේ වගේ අනුවණ ජාතියක් මම ලෝකේ කොහෙවත් දැකල නෑ. බලයට තණ්හාවට අවුරුදු 30ක් 40ක් තම ගෝලයන්ට හොරකම් කරගන්න අවස්ථාව හදල දීපු පල් හොරෙක්, මහා බැංකුව බිදපු එකෙක් රට හදයි කියල තවමත් හිතන් ඉන්නවා. පික් පොකට් කාරයෙක්, කවදා හරි හොරකම් කලාට වැඩි මුදලක් හොරෙන් ඇවිත් උබලගේ පොකට් එකට කවදා හරි දාල ගිහිල්ල තියෙනවද?

:       4       3

අර්ජුන් මහේන්ද්‍රන් Monday, 20 March 2023 08:12 PM

මහ බැංකුව කඩපු සල්ලි ටිකත් ඔය ගමන් ගෙනාවා නම් ඩොලර් එක ශත ගානට බස්සන්න පුළුවන්නේ... යාලුවා නිසා බැරිවෙන එකක් නෑ... ඔය ඡන්ද කල්දානවා වගේ බැරි වැඩත් යස අගේට කරන්නේ...

:       31       53

රනිල් වික්‍රමසිංහ Monday, 20 March 2023 08:52 PM

අර්ජුන් ඔය ඉන්නවා වගේ හැංගිලා ඉඳපන් මචන් තව අවුරුද්දක් විතර. වැඩිය කෑගහලා වැඩේ අප්සට් කරන්න එපා.බැංකුව කඩපු සල්ලි වලින් බාගයක් ඩොලර් වලින්ම කොහේ හරි හංගලා තියපන්.බැංකුවල එහෙම දානවා නොවෙයි.එහෙම වුනොත් අපි ඔක්කොම සුන්.මමත් වැඩේ අප්සට්වුන ගමන් කොහෙට හරි පැනගන්නවා.කෙන්යාව පැත්තට පැනගන්නනම් මහින්ද උදව්කරනවා කීවා.මිනිහා සල්ලි හංගලා තියෙන්නේ එහෙනේ.වැරදිලාවත් උඹනම් ලංකාව පැත්තේ එන්න එපා.මෙහෙ උන්ට උඹව අහුවුනොත් සම්බෝල කරයි මහා පාරේදීම.

:       4       1

ගජමිතුරු Tuesday, 21 March 2023 10:51 AM

අනේ අර්ජුනයෝ බැසිලා අන්තිමට ඉදිරිපත් කල අයවැයෙන් මහ බැංකුවේ හොරාකාපු මුදල් වෙනුවට තියපු ඇපයට කරනදේ කිව්වා අමතකද ඒවායින් කොටසක් තවත් ඉතුරුයි කියලා ඒ වෙලාවෙ කිව්වා මතකයි

:       1       3

විජිත් Monday, 20 March 2023 08:40 PM

රනිල් වික්‍රමසිංහ මේ අහගන්නවා, අපි කවුරුත් දන්නවා තමුසේ දක්ෂයාබව බැංකු කඩන්නත්,මිනි මරන්නත්,එක එකා කොටවන්නත්. ඒගැන කිසිම තර්කයක් නැහැ. නමුත් තමුසේ අර්තිකවිද්‍යාව ගැනනම් හෝඩියටවත් ගිහින් නැහැ.මෝඩයෝ..ඔය අයි එම් එෆ් මුදල් ( එකත් එක පාර ලැබෙන්නේ නැහැ ...හුණු බිජු වගේ මිලියන 300,400...වගේ අවුරුදු 4 කට දෙන්නේ ) වලින් කරන්නේ විදේශ විනිමය හිඟය අඩුකිරීමයි.එතකොට භාණ්ඩ සහ සේවාවන් විදේශයන්ගෙන් දැනට වඩා පහසුවෙන් ලබාගන්න පුළුවන්.එවිට මෙතෙක් කල් ඉල්ලුම අඩුකරලා තිබෙන ඩොලරයට අධික ඉල්ලුමක් ලැබෙනවා.ඉල්ලුම ලැබෙන්න ලැබෙන්න ඩොලරයේ අගය තව තවත් වැඩිවෙනවා. මේ අවුරුද්ද අවසානවනවිට ඩොලර් එකක් රුපියල් 500 කට ආවොත් මමනම් පුදුම වෙන්නේ නැහැ.මිනිමරලා, බැංකු කඩලා ..රටක් පාලනය කරන්න පුළුවන් මාෆියාවන්ට පමණයි.නමුත් රටක් දියුණු කරන්න හිතන මිනිහෙක් මුලින්ම හිතන්නේ තමන්ගේ ජනතාව ගැනයි.රනිල්ට ජනතාවක් නැත !!! ඔහු ජනතාව විසින් පයින් ගසා එලවපු හිඟන දේශකාපාලුවෙක් පමණයි.ජනතාවගේ විනිශ්චය ඉදිරියට ළඟදීම ඔහුව සොභාවධර්මයා විසින්ම පමුනුවාවී.

:       5       6

අරවින්ද මොනරවිල Monday, 20 March 2023 08:58 PM

අන්තිම කාලයේ මු මරු කියවනවා !

:       4       5

බැංකුවා Monday, 20 March 2023 09:18 PM

ඇත්තටම පිස්සෙක් නෙමෙයි කියලා කාට හරි හිතෙනවද මේ කුණුහරප අහනකොට?? අර ආර්ථික ඔස්තාද් බන්දුල ගොබ්බයා මේවා ඇහෙනකොට හැංගෙනවා ඇති.. අමුඩත් නැතිව පාරෙ යන්න වෙයි කියලා

:       3       1

බද්රානි Monday, 20 March 2023 09:48 PM

ලොකු තැන, ඩොලරයට සාපේක්ෂව රුපියල අඩුවෙන එක ගැන කතා කලාට, ඊට සාපේක්ෂව තෙල් මිල, ගෑස් මිල ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩවල මිල දෙගුණයකින් අඩුවිය යුතු බව මොකද නොකියන්නේ? රටේ ජනතාව හිඟන්නන් කරලා දිගටම බලයේ ඉන්නද සැලසුම් කරන්නේ.. අනික ඔය "මහලොකු රුපියල" බල්ලට දාන්න වෙන දවස වැඩි ඈතක නැහැ. ඒ නිසා, බුද්ධිමත් ජනතාව විදේශ මුදල් ඉතිරි කර ගැනීමට සැලසුම් කරගත යුතුයි. ඒ මුදල් හැමදාම ලෝකෙට වටිනවා..

:       4       0

Perera Tuesday, 21 March 2023 02:34 AM

හරකුන්ට පුන්නක්කු

:       3       1

Bamunuarachchi Tuesday, 21 March 2023 03:21 AM

තිබෙන ඩොලර් දැන්ම රුපියල් කර ගනිල්ලා. ඩොලරය රුපියල් 370 ගණන් වල තිබුන කාලේ නැග්ග බඩු මිල ඩොලර් එක රුපියල් 185 බැස්ස කියලා වෙළෙන්දෝ අඩු කරන්නේ නැහැ.

:       1       3

ලුම්බිණි Tuesday, 21 March 2023 03:47 AM

දවල්ද?

:       3       0

Senarath Tuesday, 21 March 2023 09:00 AM

2015 දී ඩොලරය තිබුනෙ 151 ට. එදා සංවධන වෙගය 6% ක්ව තිබුන, සංචාරක කර්මන්තයෙන් හොද ආදායමක් ලැබුව, රටෙ කිසිම යුද්ධයක් තිබුනෙ නැති වෙලාවක තමා මෙයා බලයට ඇවිල්ල 2019 වෙනකොට එ සේම කනපිට පෙරලල ඩොලරය 183 කලෙ. සංවර්ධන වෙගය 2.3% ට බස්සුවෙ. අද මෙයා කියනව ඩොලරය 185 ට බස්සනව කියල , මොන විහිලුවක්ද ?

:       5       1

Bamunuarachchi Tuesday, 21 March 2023 09:06 AM

අපිත් එළුවාගේ අර මොකකක්ද එක දැන් වැටෙයි කියා බලා ඉන්න නරියා වගේ ඩොලරය වැටෙනකම් බලාගෙන ඉන්නවා.

:       8       3

ශිරාන් Tuesday, 21 March 2023 01:00 PM

බත් කන හරක් ඉන්න රටක මොන comments ද.

:       0       0

දමිත් Wednesday, 22 March 2023 09:30 AM

අපෙ රටෙ නිශ්පාදනය වෙඩි කිරිම අත්‍යවශ්‍ය කාරනයක්. අපෙ රටෙ නිශ්පාදනය සදහා සිය්ලුම හෙකියාවන් තියන අයට ඉඩ සලසා දෙන්න. රටෙ සියලු දෙනාට රැකියා හිගය අවසන් වී සාර්ථක අනාගතය කෙටි කාලෙකින් ලබා ගත හැකිය .හොර කම දුශනය නවතා දමා. ප්‍රසන්. රනතුන්ග. සනත් නිශාන්ත වැනි දේශපාලුවන් ඉවත් කර දේශපාලන ඉදිරි දැක්මක් ජනතා තුල විස්වාසයක් ඇතිවිය යුතුය රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපති තුමනි ඔබෙ ඉදිරි ගමන තිරනය වන්නෙ ඔබෙ තීන්දු තීරණ මතයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 34 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 36 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 83 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 674 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 625 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 300 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site