IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධිවේගයේ වැරදි ලෙස ගිය හතර දෙනාට එන්නැයි දැනුම් දෙයි

(ඉන්දිකා රාමනායක)

මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ  පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ මහතා පවසයි.

මෙම සිද්ධියේදී අදාළ මෝටර් රථය පැදවූ රියැදුරුට මෙන්ම එහි අන්තරාකාරී ලෙස ගමන් ගත් සියලු දෙනාට ද නඩු පවරන බව හෙතෙම කීය .

මෙම මෝටර් රථ රථයේ මුල් හිමිකරු මහනුවර පේරාදෙණිය පාරේ පදිංචිකරුවකු බවත් 2015 වසරේ ඔහු එම මෝටර් රථය මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර ඇති බවද බවද හෙතෙම කීය.

රථයේ මුල් හිමිකරු පුද්ගලයා පොලිසියට කැඳවා ඇති අතර ඔහු සමග අදාළ මෝටර් රථයේ ගමන් ගත් පිරිස ද කැඳවාගෙන එන ලෙසට ඔහුට දැනුම් දුන් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (13)

අධිවේගයේ වැරදි ලෙස ගිය හතර දෙනාට එන්නැයි දැනුම් දෙයි

Puppa Monday, 12 April 2021 03:10 AM

පොහොට්ටුවේ වුන්නම් ගොඩ නැත්තම් ලෙඩ

:       14       29

බණ්ඩා Monday, 12 April 2021 04:49 AM

නුවර අපිටත් ලැජ්ජයි මේවා දැක්කම. ඇත්තටම නම් මේ අය හිරේ දාලා විශාල දඩයක් ගහන්න ඕනේ. රියදුරු ගේ බලපත්‍රය අවලංගු කර වාහන පැදවීම තහනම් කරන්න ඕනේ.එත් පොලිස් ප්‍රකාශකයා කියන්නේ වෙන කතාවක්. මේක අපරාධ නීතිය අනුව නෙමෙයි මෝටර් රථ පැදවීමේ නීති අනුවයි වලංගු වෙන්නේ. අධිවේගී මාර්ගයක හරි නම් ජනෙල් ඇරගෙන යන්න බෑ. සීට් ගානට විතරයි මගීන් ගෙනියන්න ඕනේ. ඊළඟට ඔවුන් සියල්ලන්ම සීට් බෙල්ට් පැළඳගෙන ඉන්න ඕනේ. (බොහෝ අනතුරු වලදී මිනිස්සු මැරෙන්නේ සීට් බෙල්ට් පැළඳ නැති නිසා හෝ වැරදියට පැළඳගෙන ඉන්න නිසා) එතකොට යායුතු උපරිම සහ අවම වේගයක් තියෙනවා. පාරේ සුදු ඉරි කපා ගෙන එහෙට මෙහෙට ගිය හැකි අප්‍රිකාවේ කැලෑ පාරවල් වල නම්. එත් තවම ලංකාවේ වෙන්නෙත් ඒවා වීම කණගාටුවට කාරණයක්.අපිට මේ ගෝත්‍රික සමාජයෙන් එළියට එන්න තව සෑහෙන කාලයක් යයි.එතෙක්වත් ඔවුන්ට දඬුවම් දිය යුතුයි.

:       2       33

IndikaMonday, 12 April 2021 06:04 AM

නුවර අය ඔහොම තමයි.... හෝ ගාන පොකුණ බලන්න ඇවිත් අධිවේගයේ එකෙත් ගිහිල්ලා

:       4       20

මංජුල milanoMonday, 12 April 2021 07:44 AM

ඔය තරම්ම තරහා ගන්න එපා වරදේ ප්‍රමාණය අනුවයි දඩුවම් දියයුත්තේ

:       6       11

wikcy Monday, 12 April 2021 07:07 AM

පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක නොකිරිම තමයි මේවාට හේතුව... රියදුරන්ගේ තරාතිරම නොබලා අවශ්‍ය නිතිමය කටයුතු වෙනවා නම් මෙහෙම වෙන්නේ නෑ 

:       2       14

පිටිගල මිලානෝ Monday, 12 April 2021 07:33 AM

අකුරණ කට්ටියක්...... වහාම අත් අඩන්ගුවට ගෙන ලොකු දඩයක් ගහලා හිරේ දමන්න.

:       5       13

ravinMonday, 12 April 2021 05:43 PM

අකුරණ මුස්ලිම් මිනිස්සු ජීවත්වෙන ප්‍රදේශයක් වුණාට මේ ඔක්කොම සිංහල ගෝත්‍රිකයින් බව පොලිසිය හොඳටම දන්නවා. දැන් ඩ්‍රයිවර් කාරයා අල්ලාගෙන. අනිත් ගොබ්බයින් 4 දෙනාව අල්ලගන්න පොලිසියට බයයිලු...

:       0       0

nimal Monday, 12 April 2021 07:54 AM

නනාලා සෙට් එකක් වගේ පේන්නේ.

:       8       14

Nihal Monday, 12 April 2021 08:30 AM

මෙය වැරදියි. ජන්ද කාලකට මග දෙපස සිටින මිනිසුන්ට ආචාර කරමින් යන දේශපාලුවන් වගේම ඔවුන්ට කත් අදින මෝඩ ආධාරකරුවන් ද මේ ලෙස ගමන් ගන්නා බව මා දැක ඇත. නමුත් ඊට නීතිය ක්‍රියාත්මක වූ බවක් නම් දැක නැත.

:       3       23

Nihal Monday, 12 April 2021 09:52 AM

කවදාවත් අධිවේගී මාර්ගයක් දැකලා නැති පිරිසක් කියලා කියන්න පුළුවන්

:       0       15

මුණසිංහ Monday, 12 April 2021 11:55 AM

මෝඩකම පෙන්නන පිරිසක්. මී හරක්.... කූඩුවට දාන්න අවුරුදු 2ක් වත්...

:       0       3

Suman Monday, 12 April 2021 10:45 AM

නහය විදලත් නෑ, ලාඩම් ගහලත් නෑ.. කොහොමද ගේන්නේ..?

:       0       9

vidya Tuesday, 13 April 2021 02:31 AM

මාස 03ක් පමණ නගර, ගම්, නියම් ගම්, පාරවල් සුද්ද කරන්න මේ හාදයෝ ටික යොදවන්න. දඩගහලා, හිරේ දමලා වැඩක් නැහැ. තරුණ ශ්‍රමයෙන් රටට වැඩදායී ප්‍රයෝජනයක් ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 27 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 31 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 82 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 658 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 607 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 294 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site