(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවද සේමසිංහ මහතා කීය.
ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන තිබෙන්නේ යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති
dasun Friday, 12 January 2024 11:19 AM
ඔන්ලයින් ණය දෙන අය ගිනි පොලී කාරයෝ අල්ලන්න අලුත් නීති ගෙන්න ඕන
මොහොට්ටාල Friday, 12 January 2024 11:27 AM
මේක බරපතළ තත්වයක් නම් නොපමාව රූපවාහිනී මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න එහි බරපතළ කම පහදා දෙන්න ඒවා මර්ධනය සදහා නීති හදනවා නම් වර්තමානයේ මුදල් සදහා ප්‍රමාණවත් දඩයක් හා වාර්ෂිකව 10% ක් වත් වැඩිවෙන ආකාරයට දඩ මුදල් නියම කරන්න බලන්න අතීතයේ අනුමත කල දඩ මුදල් ඉතාමත් අඩුනිසා මිනිස්සු බයක් නැතුව වංචා දූෂණ හා හොරවැඩ බොහෝ කරනවා
Rohana Friday, 12 January 2024 12:25 PM
ඔන්ලයින් ණයදී පාරිභෝගිකයින්ට යනඑන මං නැතිකරන ජාවාරම්කරවන්ට තහනම් නීති පැනවීමේ කාලය එලඹඇත.
de silva Friday, 12 January 2024 12:59 PM
අපේ ගමේ සිටින ඩේලිපේමන්ට් කාරයෝ, සියලු දෙනාම පොහොට්ටුවට සම්බන්ධ මිනිස්සු, ආණ්ඩුව බරපතල තත්වය හඳුනා ගත්තත් ක්‍රියාත්මක නොවෙන්නේ මේ නිසා...
Kazi Shajahan Friday, 12 January 2024 03:16 PM
අද රෑ ඉඳන් බැරිද? මොකද හැම දේකටම කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිටනේ...!