ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්විය යුත්තේ කවුදැයි තීරණය කිරීම සඳහා රහස් සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
ලන්ඩන් නුවරට එක් රැස් වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථාන කිහිපයකදී මෙම සාකච්ඡා පවත්වා තිබේ. බි්රතාන්ය මහ රැජිනගේ මරණයෙන් පසු ඊට පත්විය යුත්තේ කවුරුන්දැයි සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුවක් මතුවී තිබේ.
වසර 1953 දී ඔටුණු පැළැඳීමෙන් පසු මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ මහ රැජිනය. එම අවස්ථාවේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 8ක් වූ අතර ඇය ඉන් 7කම රාජ්‍ය නායිකාවද වූවාය.
රැජින මියගිය විට ඔටුන්න ඉබේම වේල්සයේ කුමරු එසේත් නැතිනම් චාල්ස් කුමරුට හිමි වේ. මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානය රටවල් 53කින් සමන්විත වන අතර ඔටුණු පැළැඳීමෙන් පසු චාල්ස් කුමරු රටවල් 15ක රාජ්‍ය නායකයා ලෙස ද පත්වනු ඇත.
කෙසේ නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරයා මෙම පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා කවුදැයි තීරණය කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වුණු බව ඔහු පවසා තිබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ඕනනම් ඉන්නව කෙනෙක්, ප්‍රාදේශීය සභා ඡන්දයක් දිනල අගමැතිකම ඉල්ලන. එයත් ඔය තනතුරට ගැලපෙනව කැමතිනම්. ලංකාව පැත්තෙනුත් යහපතක් වෙන්නෙ පත්කර ගන්නවනම්.
අපේ ලොක්කා තමයි ඉතිං තේරෙන්න ඉන්නේ...
දැන් අපිට ඊළඟට තියෙන ලොකුම ප්රශ්නය..ඒකද?
ආප්ප සිරා.. මම තරයේම මීට යෝජනා කරමි.
අර චාල්ස් නම් මේ වැඩේට ගාවගන්න එපා.