IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘2019 යේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 යි’


 
 
රංජන් කස්තුරි 

 
ලබන 2019 වසරේ දී සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් වන අතර එම වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බවද මුදල් ඇමැතිවරයා විසින් මේ මස 9 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.


වසරේ අයවැය පරතරය දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක් වන බවද එහි සඳහන් වේ.


මීට අමතරව ඉකුත් 2014 වසරේ දී දළ දේහීය නිෂ්පාදිතයෙන් සියයට 11.5 ක් ව පැවති රාජ්‍ය ආදායම 2019 වසරේ දී සියයට 15.1 ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද එහි සඳහන් වේ.


වසර 63 කට පසුව 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වු අතර 2019 වසරේ දී එම අතරික්තය දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 1.3 කින් වර්ධනය වනු ඇතැයි එමගින් අපේක්ෂා කර තිබේ.


තවද 2019 වසරේ පුනරාවර්තන වියදම සඳහා රුපියල් බිලියන 1456 ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 856 ක් ද විසර්ජන ගිණුමේන් වෙන් කර ඇත.


රාජ්‍ය සේවකයින්ගේ, විශ්‍රාමිකයින්ගේ වැටුප් ගෙවීම සඳහා එම වසරේදී රුපියල් බිලියන 100 ක් වෙන්කර ඇත.



අදහස් (2)

‘2019 යේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 යි’

Raveendra Tuesday, 02 October 2018 04:31 PM

බිලියන 4376 න් කීයක් දියවන්නාඔයේ " 225 රෑන නඩත්තුවටද " කියලා කිව්වොත් තමයි වටින්නේ , නිකං මුළු වියදම් ගැන කවි කියලා වැඩක් නැහැ.

:       0       0

perera Tuesday, 02 October 2018 07:16 PM

ඕකෙන් රටේ මුළු රටේම ඉන්න දේශපාලකයන් වෙනුවෙන් කීයක් වියදම් කරලද කියල කිව්වනම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site