කරන්නාගොඩට රට යන්න තහනම් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය. 23 April 2019
රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කෙරේ සියලු රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 23 April 2019
ජනපති විදෙස් තානාපතිවරු හමුවෙයි ජනාධිපති සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප්‍රධානින් අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය පළ කරන බව ජනාධිපතිවරයා හමුවූ විදෙස් තානාපතිවරු ප්‍රකාශ කළේයැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. 23 April 2019
නාලකගෙන් - රයන්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රශ්න කරන්න අවසර මාතර බන්ධනාගාරයේ රදවා සිටින රංගන ශිල්පී රයන් වැන්රෝවන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක කෞෂාල් ද සිල්වා යන අයගෙන් බන්ධනාගාරය තුළට ගොස් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 23 April 2019
තව්හීත් ජමාත් දෙවැනි වටයේ ප්‍රහාරයට සැරසෙයි ‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය අද (23) වාර්තා කළේය. 23 April 2019
රාත්‍රී 9 සිට යළිත් ඇදිරිනීතිය ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 23 April 2019
‘ජනපති - අගමැති දෙපැත්තක සිට ගැටලු විසදන්න බෑ’ රට තුළ යළිත් ත්රස්තවාදයක් ඇතිවීම පිළිබඳ ගැටලුව ජනාධිපතිවරයා එක් පැත්තකත් අගමැතිවරයා තව පැත්තකත් සිට විසදිය නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 April 2019
මෝටාර් උණ්ඩ 16ක් කිලිනොච්චියෙන් සොයාගනී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළ මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 16 ක් අද(23) කිලිනොච්චිය පුලියංපොක්කනෙයි කැළෑ ප්‍රදේශයක තිබී සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 23 April 2019
ඇමෙරිකානුවන්ට සංචාරක උපදේශනයක් ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී වඩාත් සැළකිලිමත් වන්නැයි දැනුම් දෙමින් සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත. 23 April 2019
‘ඇමතිවරුන් බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි’ තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස තවුහිත් ජමාන් සංවිධානය පිළිබඳ 2016 වසරේදී පාර්ලිමේන්තුවේදී හෙළි කළ අවස්ථාවේදී එය සමච්චලයට ලක්කරමින් තමන් ජාතිවාදියෙකු යැයි හංවඩු ගැසූ කැබිනට් ඇමතිවරුන් මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන වන්දි ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී අද(23) පැවැසීය. 23 April 2019
වීසා නොමැති විදේශිකයෝ 6ක් අත්අඩංගුවට ආගමන සහ විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මීගමුව ප්‍රදේශයේ රැඳී සිටි විදේශිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි. 23 April 2019
‘යළිත් යුද්ධයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නෑ’ යළිත් රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 April 2019
‘සැකකටයුතු ලොරියක් - කුඩා වෑන් රියක් ඇතැයි පොලිසිය කියයි‘ සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක් කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියළු ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 23 April 2019
පුත්තලම ප්‍රා සබේ විපක්ෂ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී ලබන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 23 April 2019
ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයාට දරුවන් අහිමිවෙයි ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකුම ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගොස් අනෙක් දියණිය අතුරුදන්ව තිබේ. 23 April 2019
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට නොච්චියාගම පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අට (08)දෙනකු අද (23) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. 23 April 2019
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (23) පැවසුවේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 April 2019
‘තවුහිද් ජමාද් තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලනවා’ ආගමික අන්තවාදය පතුරුවන තවුහිද් ජමාද් ඇතුළු සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 23 April 2019
‘බුර්කාව තහනම් කරන්න’ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 23 April 2019
අ’පුරේ කළහකාරී ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය. 23 April 2019
‘රථවාහන නවතා තැබීමේදී රියදුරුගේ දුරකථන අංකය - නම ප්‍රදර්ශනය කරන්න’ නාගරික ප්‍රදේශවල පොදු ස්ථානවල රථවාහන නවතා තැබීමේදී රියදුරුගේ ජංගම දුරකතන අංකය සහ නම මෝටර් රථ ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 23 April 2019
සුසාන භූමි අවටත් දැඩි ආරක්ෂාවක් දේහයන් මිහිදන් කරනු ලබන සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබුන තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කිරීම සිදුවෙන් පවති. 23 April 2019
විදේශිකයන්ගේ මළ සිරුරු කඩිනමින් බාරදීමට යයි බෝම්බ ප්රහාරයන් හේතුවෙන් මියගිය විදේශිකයන්ගේ මෘත දේහ කඩිනමින් එම රටවලට රැගෙන යාමට අවශ්‍ය වැඩපිළිවළක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 23 April 2019
පාසල් දෙවැනි වාරය ඇරැඹීම 29 වැනිදාට කල් යයි රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා යළි විවෘත කිරීම 29 වැනිදා දක්වා කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 23 April 2019
දිව්‍ය පූජා නවත්වන්න'යි අගරදගුරුතුමෝ ඉල්ලති නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් සංවිධානය නොකරන ලෙස පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. 23 April 2019
පිපිරීම්වලට අදාළ 40ක් අත්අඩංගුවට බෝම්බ සිද්ධීන්වලට අදාළ පුද්ගලයින් 40 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 23 April 2019
‘පිපිරීමෙන් අතුරුදන් වූවන් ගැන දැනුම්දෙන්න’ දිවයිනේ ස්ථාන කිහිපයක ඉකුත් ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පසු මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධව දැනුම් දෙන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කරයි. 23 April 2019
ගෞරවණීය අතීතය අප ඇස්පනාපිටම අගරුවුණා ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබූ ගෞරවණීය අතීතය අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්රවීම හරහා අප තුළ මතු වී ඇත්තේ කම්පනයක්යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 23 April 2019
පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 23 April 2019
එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි පාස්කු ඉරිදා දිනයේ (21) මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. 23 April 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026