සූදු ක්‍රීඩා පනතට කථානායක සහතිකය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (3) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය. 03 September 2025
නාගොඩ රෝහලට අලුත් මහාචාර්ය ඒකක දෙකක් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා අවශ්‍ය වන කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හෙට (4) ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 03 September 2025
දොස්තර නෝනාගේ වාහනේ බොරු අංක ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක එම කාර් රථය ද සමග අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යාංශය පවසයි. 03 September 2025
හරක්කටා මරන්න කැමරාවට ගිනි අවිය බට් කළ පෑස්සුම් ශිල්පියා මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන සැකකරුව මාධ්‍යවේදියකු ලෙස පැමිණ ඝාතනය කිරීමට සැලසුමේ කැමරාව තුළ 3.8 අට වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 03 September 2025
සංචාරක කාර්ය සාධක බලකායක් හදයි සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය අවධානය යොමු කර ඇත. 03 September 2025
ඖෂධවලට නව මිල සූත්‍රයක් ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය 03 September 2025
මහමෝදර කළපුවේ මළ සිරුරක් ගාල්ල මහ මෝදර කළපුවේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මහ මෝදර ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි වියේ පසු පිරිමි පුද්ගලයෙකි. 03 September 2025
සුව ඇමැති කොතලාවල රෝහලේ ගුණ-දොස් බලන්න යයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ - University Hospital – Kotelawala Defence University (UH-KDU) නිරීක්ෂණයක නිරත විය. 03 September 2025
සංවත්සරය තිබ්බාට දයාසිරි පරල වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සහමුලින්ම නීති විරෝධී එකක් බව එම පක්ෂයේ හිටපු ලේකම් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය 03 September 2025
කොළමුණු ඔයෙන් කාලතුවක්කු උණ්ඩ තුනක් හමුවෙයි කෝන්මිටියන පනාගමුව ප්‍රදේශයේ කොළමුණු ඔයේ තිබී කාලතුවක්කු උණ්ඩ තුනක් සොයාගත බව පොලීසිය කියයි. 03 September 2025
මාලිගාවත්තේ වෙඩි තැබීමක් මාලිගාවත්ත, ජුම්මා මස්ජිත් මාර්ගයේ වාහන කොටස් අලෙවි සලක සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 03 September 2025
ත්‍රි’මලේ රෝහලට ජපානෙන් ලොකු තෑග්ගක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA) මගින් ත්‍රිකුණාමලය රෝහලට අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක් (Incinerator) පරිත්‍යාග කර තිබේ. 03 September 2025
කල් ගිය එජාප සංවත්සර උත්සව දිනය කියයි එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය උත්සවය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. 03 September 2025
පොල් පැළ රක්ෂණ ක්‍රමයක් එයි නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබා දෙන පොල් පැළ වසර පහක් යන තුරු අඛණ්ඩව අධීක්ෂණය කරමින් ආරක්ෂා කිරීම සඳහා පොල් පැළ රක්ෂණය කිරීමේ ක්‍රම වේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හඳුන්වා දී තිබේ. 03 September 2025
අල්ලස් පැමිණිලි කියන්න නව වට්සැප් අංකයක් අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීම සඳහා නව වට්ස් ඇප් දුරකථන අංකයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභා විසින් හඳුන්වා දී ඇත. 03 September 2025
ජා.ජ.බ ප්රචණ්ඩත්වය හෙලා දකිනවා ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩිව හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය . 03 September 2025
කෝටි දොළහක් වංචා කළ අධ්යක්ෂ අත්අඩංගුවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ සත්ත්ව ආහාර සඳහා ගෙන්වන ලද බඩඉරිඟු බහාලුම් 40 ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු රුපියල් දොලොස්කෝටි දහ අට ලක්ෂ හැට හතර දහස් හයසිය හැට පහක මුදලක් වංචා කළ බව කියන පෞද්ගලික ආයතනයක අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාශය පවසයි. 03 September 2025
රනිල්ට සෙත් පතා වජිර සිරිමා බෝ සතර දොරේ කිරි උතුරවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටුවේ කිරි ඉතිරවීමේ පූජාවක් පැවැත්විය. 03 September 2025
රුහුණු විද්‍යා පිඨයේ සි.සි.ටි.වි කැමරා 24න් 15ක් අක්‍රියයි අක්මිමන කුරුදුවත්තේ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨය තුළ ස්ථාපිත කොට ඇති සි.සි.ටි.වි කැමරා පද්ධතියෙහි කැමරා 24න් 15ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 03 September 2025
වැලි ලොරිය පෙරැළී රියදුරු මරුට තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න නගරයට ආසන්නව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ලොරි රථයේ රියදුරු මියගොස් තිබූ බව හුංගම පොලිසිය පවසයි. 03 September 2025
ජාතික රෝහලෙන් බිළිඳු මළ සිරුරක් අස්ථානගත වෙලා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරතිබූ බිළිදු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය කියයි. 03 September 2025
බසයෙන් වැටුණු වෛද්‍යවරිය දින 14කට පසු මරුට රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි. 03 September 2025
මධ්‍යම අධිවේගීයේ අනතුරින් දෙන්නෙක් මරුට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී අද(03) අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 03 September 2025
උණුසුම් කාලගුණ ගැන අවදානයෙන් ඉන්න මෙරට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත්වියයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2025
ජාතික සමගිය ගැන තීරණ ගන්න පැකිලෙන්නේ නෑ උතුරට යළි ජීවය කැටුව එමින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුදුකුඩුඉරුප්පුවේදී අද (2)පැවැසීය. 02 September 2025
එජාප සංවත්සර උත්සවය කල්දමයි ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව අද (02)තීරණය කරනු ලැබීය. 02 September 2025
කටුනායක ගුවන්තොටට ස්කෑන් යන්ත්‍රයක් කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයේ රුපියල් කෝටි 05 ක් වටිනා අති නවීනතම ’ස්කෑන් යන්ත්‍ර’ (පරිලෝකන යන්ත්‍ර) දෙකක් අද (2) ස්ථාපිත කළේය. 02 September 2025
හිටපු එස් එස් පි යළි රිමාන්ඩ් ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි බන්ධනාගාරගත ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය දියණියගේ සහ බිරිඳගේ බැංකු ගිණුම් වලට අල්ලස් ලෙස ලබා ගත් මුදල් බැර කර ඇද්ද ? යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද(02) පැවසීය. 02 September 2025
විශ්‍රම වැටුප් විෂමතාවයකට රාජ්‍ය සේවක පිරිසක් උද්ඝෝෂණයේ විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඉවත් කර දෙන්නැයි ඉල්ලමින් 2020-2024 අවුරුදු හතර ඇතුළත විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (2) පෙරවරුවේ උද්ඝෝෂණයක් කළහ. 02 September 2025
‘ඉෂාරා ගැන විශේෂ විමර්ශනයක්‘ ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නීතිඥ වෙස්ගෙන සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙරටින් පලායාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 02 September 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026