හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින්ගෙන් ඉල්ලීමක් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්රයේ තරග නියාමනයට නීති සම්පාදනය කළ යුතු යැයි හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ඒ. ජූරි මහත්මිය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යයේ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ. 27 April 2021
සුළු රෝගවලට දත් රෝහලට එන්න එපා අවශ්‍යම දන්ත ආබාධයකට හැරෙන්නට වෙනත් සුළු සුළු ගැටළුවලට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණීමෙන් වළකින්නැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඇපා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 27 April 2021
බද්ද ගැසූ සැණින් අල කිලෝව 30කින් නඟී ආනයනික අර්තාපල් මත පනවා ඇති බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ අර්තාපල් කිලෝවක මිල රුපියල් 30 කින් පමණ ඉහළ යාහැකි බව අර්තාපල් ආනයනකරුවෝ පවසති. 27 April 2021
කතළුවට මුහුද ගොඩ ගලයි ගාල්ල - මාතර මහා මාර්ගයේ කොග්ගල හා කතළුව ප්‍රදේශයට මුහුද ගොඩ ගැලීම නිසා වෙරළේ නවතා තිබූ බෝට්ටු මහා මාර්ගයට ගසාගෙන ඇවිත් මහා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව පොලිසිය කියයි. 27 April 2021
පොදු තැන්වල දී මුහුණ සම්පූර්ණයෙන් වැසීම තහනම් පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 27 April 2021
හලාවත සතොස තාවකාලිකව වහයි හලාවත සතොස වෙළදසැලේ සේවකයෙකු කෝවිඩ් 19 රෝගය වැළදි ඇති බව හෙළිවීම නිසා එම වෙළද සැල අද (27) කියයි. 27 April 2021
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයට සුදේව ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත. 27 April 2021
ආසාදිතයන් වැඩි වුණොත් කරන දේ හමුදාපති කියයි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවුව හොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත් කර හෝ සියලූම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 27 April 2021
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 10500ක පොල්ලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලින් රුපියල් කෝටි දහ දහස් පන්සියයකට (10500 ) කට වැඩි හිඟ බදු මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා ) පවසයි . 27 April 2021
දොඩම්ගොඩ ඇඟළුම් කාර්මාන්ත ශාලාවක් වසයි දොඩම්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 20 දෙනකුට හඳුනැගනීම නිසා එම කාර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පවසයි. 27 April 2021
අත්අඩංගුවට නොගන්නැයි හරීන්ගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමා එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 27 April 2021
සියලු පාසල් 30 දක්වා වසයි රටපුරා සියලු පාසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම පාසල් මෙම 30 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි 27 April 2021
අනුරාධපුරෙත් පාසල් 13ක් වසයි අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 13 ද ලබන 30 වැනිදා තෙක් වසා දැමීමට තීරණය කළ බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි. 27 April 2021
පාසල් ක්‍රිකට් කණ්ඩායමක හතරකට කොරෝනා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රබලම කණ්ඩායමක් සතු ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධානම පාසලක ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ. 27 April 2021
සෝමාවතියේ හිමිනමකට කොරෝනා පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේය. 27 April 2021
මැතිසබේ ගැටුම සොයන කොමිසම හෙට සවස රැස්වෙයි පාර්ලිමේන්තුවේ සහ එහි පිටත පරිශ්‍රයේදී පසුගිය විසි එක් වෙනිදා ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළමුවරට හෙට (28) සවස 3 ට රැස්වීමට නියමිතය. 27 April 2021
මෙතෙර එන සංචාරකයන්ට එතෙරෙදී උපදේශන මාලාවක් කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීමෙන් පසුව ලෝකයේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන මාලා සිය රටවැසියන් සදහා නිකුත් කරනු ලැබ ඇත. 27 April 2021
අම්පාරේ පාසල් සතියක් වහයි අම්පාර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සතියක් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ අද පෙරවරුවේ තීරණය කර ඇත. 27 April 2021
විපක්ෂ නායක යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් අතර විශේෂ හමුවක් පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද(27) පැවැත්විණි. 27 April 2021
කෑගල්ලේ සියලු පාසල් සතියක් වසයි කොරෝනා අවදානම වැඩි වීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට තීරණය කළ බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 27 April 2021
දිනක් තුළ වැඩි ආසාදිතයන් ඉකුත් 24 පැයේ ශ්‍රී ලංකාවෙන් ඉකුත් 24 පැයේ කොවිඩ් ආසාදිතයින් 997 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ. 27 April 2021
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි 27 April 2021
මාතලේ පල්ලලේකුඹුර හුදකලා කරයි මාතලේ උකුවෙළ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පල්ලලේකුඹුර ග්‍රාම නිළධා වසමෙන් කොරෝනා රෝගීන් 40 දෙනකු වාර්තා වීමත් සමග එම වසම හුදකලා කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 27 April 2021
විශ්ව විද්‍යාලයන් හී පාලනාධිකාරිය ගත් තීරණ අභියාචනාධිකරණය බල රහිත කරයි වෛද්‍ය ශිෂ්‍ය අත්පොතෙහි රෙගුලාසි අනුව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10 ක කාලයක් ඉක්මවා ඇතැයි චෝදනා කරමින් කැලණිය,පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාලයන් හී වෛද්‍ය ශිෂ්‍යයන් 16 දෙනකු ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එම විශ්ව විද්‍යාලයන් හී පාලනාධිකාරිය ගත් තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත. 27 April 2021
සැර කොරෝනාවේ තරම වෛද්‍ය අංශ කියයි ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතු වීම බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 27 April 2021
ඇල්පිටිය-කොළඹ අධිවේගී මඟේ බස් වර්ජනයක් ඇල්පිටිය බස් නැවතුම්පොලෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථවල රියදුරු සහ කොන්දොස්තරවරු අද (27 ) වර්ජනයක් ඇරැඹුහ. 27 April 2021
රත්ගම දේවපතිරාජ විදුහල වහයි රත්ගම දේවපතිරාජ විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (27 ) සිට වසා දැමීමට පියවර ගත් බව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය කියයි. 27 April 2021
ලෙජන්ඩ්ස්ලාගේ තරගයට කොරෝනා හරස්වෙයි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිල සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන මැයි මස 4 වැනිදා පැවැත්වීමට නියමිත තිබු තරගය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. 27 April 2021
රාජකීය - තෝමස් ’’නිල් මහ සටන’’ කල් යයි ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි පැරණිතම ක්‍රිකට් තරගය ලෙස සැලකෙන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 142 වැනි ’ නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල්දැමීමට ඒකාබද්ධ සංවිධාන කමිටුව තීරණය කර තිබේ. 27 April 2021
ක්‍රීඩා පාසල්වලට ඇතුළත් කර ගැනීම කල් යයි ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නැතිව කල්දැමූ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 27 April 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026