පාතාලයේ සලින්තට අවි දුන් ක්මාන්ඩෝ සෙබළා මාට්ටු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නමැත්තාට ගිනි අවි , උණ්ඩ ලබාදීම සහ අලුත් වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 19 September 2025
හම්බන්තොට වරායේ ගල ගැන හිටපු ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි හම්බන්තොට වරායේ කළුගල් ටෙන්ඩරයක් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි දෙකක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු වරාය අමාත්‍යය රෝහිත අබේයගුණවර්ධන මහතාගෙන් සති දෙකක් ඇතුළත ප්‍රකාශයක් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රහස් පොලිසියට නියෝග කළේය. 19 September 2025
කොටි ඝාතනය කළ ගෝනගල සිංහල වැසියන් සිහිකර එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින් අම්පාර ගෝනගල, 31 වන කොළණියේ වැසියන් 54 දෙනකු අමානුෂිකව ඝාතනය කර අදට 26 වසරක් සපිරේ. 18 September 2025
මහල් නිවාසයෙන් වැටී විදේශිකයෙක් මරුට දෙහිවල ද අල්විස් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන විදේශීය ජාතිකයෙකුගේ මළසිරුරක් අද(18) හමුවූ බව දෙහිවල පොලීසිය කියයි. 18 September 2025
මෙරට නිම වූ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂයට ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගත වීමට නියමිත බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය කියයි. 18 September 2025
සැක කුඩක් කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන් වූ හදුනා නොගත් මත් ද්‍රව්‍ය විශේෂයක් යැයි සැක සහිත ඇසුරුම් ඇතුලු තවත් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී , නොරොච්චෝල ඉලන්තඩිය වෙරළ තීරයේ පොලිස් බාරයට ගෙන ඇත. 18 September 2025
සම්පත් මනම්පේරිගේ කැරට්ටුව ටික ටික එළියට අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන අගුණකොළ පෑලස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපෙක්සක සම්පත් මනම්පේරි නැමැත්තා 2015 සිට අවස්ථා තුනකදී මාස 22 ක් පමණ රිමාන්ඩ් බාරයේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 September 2025
රටවල් 20ක ආයෝජක සමුළුවට ජනපතිත් යයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී අද(18) පැවැත්විණි. 18 September 2025
මාලිමා මැති ඇමති වත්කම් ප්‍රසිද්ධ කිරීමෙන් සැබෑ ජනතා ප්‍රේමය දැකගත හැකි වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කිරීමෙන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගේ සැබෑ ජනතා ප්‍රේමය පාක්ෂිකයන්ට සහ ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසිය. 18 September 2025
ත්‍රිකුණාමලය අවට මුහුදේ රිච්ටර් මාපක 3.9 භූකම්පනයක් ත්‍රිකුණාමලය ගොඩබිම සිට කිලෝමීටර 60 ක් ඊසාන දෙසට වන්නට මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.9 භූකම්පනයක් අද (18) පස්වරුවේ සිදුවූ බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි. 18 September 2025
ප්‍රමිති ගත භාණ්ඩ නිෂ්පාදනයට නව නීති ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පැවැත්විණි. 18 September 2025
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමට දින නියම කරයි සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ අනිද්දා (20) 21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ. 18 September 2025
මඩකලපු රෝහලට අලුත් පණක් ලැබෙයි මඩකලපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ පළමු අදියර සහ ප්‍රතිසංස්කරණය කරන ලද ආමාශ හා ආන්ත්රික ඒකකය සහ අක්මා ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි. 18 September 2025
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයට අලුත් කොමසාරිස් කෙනෙක් සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ අභිනව කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරී නිමල් කොටවලගෙදර මහතා පත් කරනු ලැබ තිබේ. 18 September 2025
පැමිණිල්ල විභාගයට පැමිණ පොලීසියේදී ඇසිඩ් ගහලා කලවාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් විභාගය සඳහා පැමිණි කාන්තාවක් අද (18) එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු තුවල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසිය. 18 September 2025
සබරගමු පළාත් හිටපු ඇමැති රිමාන්ඩ් රුපියල් කෝටි හතක රාජ්‍ය මුදලක් වංචනිකව පරිහරණය කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ඔක්තෝම්බර් මස 02 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කළේය. 18 September 2025
එන්.එම්.ආර්. දත්ත - පාස්පෝට් වංචා ගැන විමර්ශන ප්‍රමාදයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර වංචාව පිළිබඳව විමර්ශන කළ යුතු ආයතනය පරීක්ෂණ ප්‍රමාද කිරීම සැකසහිත බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. 18 September 2025
විපක්ෂයම එකතු වී දාගැබට මුල්ගල් තබයි අනුරාධපුර මුරියාකඩවල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ -එජාප ප්රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් අද(18) සහභාගී වූහ. 18 September 2025
හොර සල්ලි සමග හතරක් මාට්ටු රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. 18 September 2025
පුත්තලමෙන් ලුණු වාර්තාවක් පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇතැයි පුත්තලම ලුණු නිෂ්පාදකයෝ පවසති. 18 September 2025
වතු සේවක වැටුප වැඩි කරන්නැයි විරෝධතාවක් වතුසේවක ගැටළු මූලික කරගනිමින් කෑගල්ල පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට දී අද (18) විරෝධතාවක් පැවැත්විණි. වතු සේවක වැටුප රුපියල් 2000 ක් කර දෙන ලෙස ඔවුහු එහිදී අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. 18 September 2025
සේවක අර්ථසාධක ගැටලු විසැඳුම් සතියක් ප්‍රකාශ කරයි නොවිසඳුණු සේවක අර්ථ සාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසැඳුම් ලබා දීමට ජංගම සේවා වැඩසටහන් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 18 September 2025
දියවඩන නිලමේ ඡන්දයට දින දෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීම සඳහාා වූ නිලවරණය නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනකදී පත්වීම සඳහා මේ වන වනවිට සාකච්ඡා කරමින් පවතින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි. 18 September 2025
විදුලි සේවක වර්ජනයෙන් කොටුව වැහේ ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විදුලි බල සේවකයන්ගේ විරෝධයක් හේතුවෙන් ලේක් හවුස් වටරවුම අසල මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තා කාරුවෝ පවසති 18 September 2025
’’වත්කම් සැඟවූ අය වත්කම් ගැන ප්‍රශ්න කරනවා’’ රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බොහෝ දෙනකු වත්කම් සැඟවූ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය 18 September 2025
ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය ’’ යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය . 18 September 2025
රුවන්වැලිසෑයට උඩින් ඩ්‍රෝන යැවූ තිදෙනෙක් අල්ලයි රුවන්වැලි මහා සෑයට ඉහළින් අනවසරයෙන් ගුවන්ගත කළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 18 September 2025
බැකෝ සමන්ගේ බිරිඳට ඇති චෝදනා අහන්න නාකොටික් ලොක්කා කැඳවයි ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිතව බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳට ඇති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලිකව අධිකරණය පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට අද නියෝග කළේය. 18 September 2025
තොටළඟට වනාන්තරයක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ ආරම්භ කෙරිණි. 18 September 2025
ලෙඩ්ඩු ගෙන ගිය ගිලන්රිය අනතුරක බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අද (18) අනතුරට පත් වීමෙන් එම ගිලන්රථයේ රැගෙන ගිය රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහලට යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසීය. 18 September 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026