මහමග අනතුරු වලින් වසරකට 2500ක් එලොව යති කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 16 October 2025
විදේශ රැකියා වංචාවකට නීතිඥවරයෙක් -නගරාධිපතිවරයෙකුගේ පුතෙක් දැලේ විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් නීතිඥවරයෙක් සහ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 16 October 2025
වසන්ත - ලෝක වෙළෙඳ සංවිධාන තානාපති හමු වෙයි යුරෝපීය සංගමයේ ලෝක වෙළෙඳ සංවිධාන (WTO) තානාපති ජෝඕ අගුවාර් මචාඩෝ(João Aguiar Machado) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේදී පැවැත්විණි. 16 October 2025
අලුත් වරාය ඇමති නැගෙනහිර පර්යන්තය බලන්න යයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ගැන සොයා බැලීමට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු අද(16) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 16 October 2025
’’රෝස මාසය’’ ගැන පාර්ලිමේන්තු විවාදයක් රෝස මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 16 October 2025
දඹුල්ලේ එළවලු තොග මිල පහළට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවලු තොග ලැබීමත් සමඟ ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම හේතුවෙන් අද (16 )දහවල් වන විට එළවළු තොග මිල මිල සීග්‍රයෙන් පහළ වැටී එළවළු අලෙවි නොවන තත්ත්වයකට පත්වීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කියති. 16 October 2025
ලංකාවේ රබර් ඉඩම් සිතියම් ගත කරයි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 16 October 2025
රජයට පාඩු කළැයි ඉංජිනේරු සංස්ථාවේ නිලධාරියකු අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂයේ ’’සිරිකොත’’ පක්ෂ මූලක්ථානය අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රම වේදය අනුගමනය නොකර යොදවා ගැනීමෙන් රජයට පාඩු කළේ යැයි කියන එම සංස්ථාවේ නිලධාරියකු අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගැනිණි. 16 October 2025
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නාය අනතුරු නිවේදනයක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහයකට අද (16) වනදා දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 16 October 2025
වන්නිනායක අපරාධ කොට්ඨාසයට අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා අද බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව එම කොට්ඨාසය සඳහන් කරයි 16 October 2025
සජබ එක්ක යාළුකම වැඩි කරගන්න එජාපෙන් ත්‍රිපුද්ගල කමිටුවක් සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 16 October 2025
අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාස නිකුත් කරයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සතියේ තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ. 16 October 2025
හරිනි දිල්ලියේ දී බාලේ උගත් ඉස්කෝලේ බලන්න යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ධූරයට පත්වීමෙන් පසු පළමු ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින් අද (16)නවදිල්ලි නුවරට ළඟා වූවාය. 16 October 2025
හිටපු සභාපති පොලිසියට කඩා වැදි යකා නටලා මහ රෑ තම වාහනයෙන් ආණමඩුව පොලිසියට කඩා වැදි පොලිසියට චණ්ඩි පාට් දමමින් අශෝබන ලෙස හැසිරුණ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුශංඛ පෙරේරා මහතා ආණමඩුව පොලිසිය මගීන් අද ( 16 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 16 October 2025
ලෝක සෞඛ්‍ය සමුළුවේදී හොඳ තීරණ රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව කලාපීය සෞඛ්‍ය ප්රගමනයට සුභවාදී තීන්දු තීරණ රැසක් සමගින් සාර්ථකව නිමා වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 16 October 2025
සජබ නායකත්වයෙන් වැඩ වේ නම් එකතු වෙනවා සමගි ජන බලවේගය ප්‍රතිපත්ති අනුව සහ සජබ නායකත්වයෙන් ජනතා ගැටලු වලට විසැදුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 October 2025
මන්ත්‍රී පඩි පක්ෂවලට ගනු බෑ: යෝජනාවක් මැතිසබේට දේශපාලන පක්ෂ මහජන නියෝජිතයන්ගේ වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය එම පක්ෂවල අරමුදල්වලට බැර කර ගැනීම නතර කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. 16 October 2025
වයඹ මහ ඇමති ධූරයට සජබෙන් තුෂාර ඉඳුනිල්? සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කවරෙකු හෝ වයඹ පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ නොවදින්නේ නම් ඒ සඳහා තමා ඉදිරිපත් වීමට සූදානමි බව පක්ෂ නායකත්වයට දැනුම්දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. 16 October 2025
රිවස්ටන් පාර වහයි රිවර්ස්ටන් කලාපයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා මාර්ගය එක් ස්ථානයකින් නාය යාම , තවත් ස්ථාන කිහිපයක පාරට පස් කඩා වැටීම් , ගස් කඩා වැටීම් නිසා මාර්ගය අවහිරවීම් සිදුව ඇති බැවින් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇති බව මාතලේ දිසා වන නිලධාරි සම්පත් වනිගසේකර මහතා පැවසිය. 16 October 2025
අගමැතිනිය ඉන්දියාවට යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා අද (16) අළුයම ඉන්දියාවට පිටත්ව ගියාය. 16 October 2025
වසන්ත ගිය ජිනීවා වෙළෙඳ සැසිය ඇරැඹේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙහි (TPR) පළමු සැසි වාරය ආරම්භ විය. 16 October 2025
පොඩ්ඩා කළ වැඩේ වසන් කළ ලොක්කාගේ වැඩ තහනම් කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 6 වෙනි මහලේ විදුලි රැහැන් කපා තඹ කම්බි සොරකම් බව කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගෙන එම අපරාධය සැඟවීමට උත්සාහ කළ එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 16 October 2025
ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කොහුවල බෝධිය වත්තේ අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන පුද්ගලයන් තිදෙනකු කැස්බෑව තානායම පාරේ දි රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 16 October 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(16) සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 October 2025
මම මළා කියපු කතාවට මටම හිනා තමා මියගිය බවට සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ට් එකෙන් තමා හාස්‍ය රසයක් වින්ද බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 15 October 2025
ඉෂාර සෙව්වන්දි දිවයිනට රැගෙන එයි ප්‍රබල පාතලය ක්රියකාවකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත සැකකරුවන් පස් දෙනා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක දිවයිනට අද (15) රාත්‍රී රැගෙන ආ බව පොලිසිය කියයි. 15 October 2025
මනූෂට ඇප ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරයේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ඉගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය. 15 October 2025
දූෂණයෙන් ලංකාව 120 තැනට දූෂණයෙන් ලංකාව සිටින්නේ එකසිය විසි වැනි ස්ථානයේ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 15 October 2025
ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හරියි පොලිස් නිලධාරියකුට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 15 October 2025
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර තිබේ. 15 October 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026