ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 28 November 2024
නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසිය විසින් උපදෙස් ලබා දී ඇත. 28 November 2024
සෝමාවතියත් යටවේ මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම විහාරස්ථානයේ දායකයන් 60 ආසන්න පිරිසක් කොටුවී සිටිති. 28 November 2024
වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදුව හැකිය. 28 November 2024
මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ්කකය පවසයි. 28 November 2024
ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය. 28 November 2024
අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (29) නියෝග කළේය. 28 November 2024
හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. 28 November 2024
සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි. 28 November 2024
ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සමඟ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 28 November 2024
කන්තලේ වැවක වාන කැඩේ අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති. 28 November 2024
තාවකාලික වාහන අංක තහඩු භාවිතය නවත්වයි තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 28 November 2024
දීග ජන්තු 1ත් මරා දමයි දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. දීග ජනත් සහ දීග ජන්තු 1 නමින් මහ දළ ඇතුන් දෙදෙනකු සිටි අතර මේ වන විට එම ඇතුම් දෙදෙනාම මරා දමා අවසන්ය. 28 November 2024
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින් 2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය 28 November 2024
ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. 28 November 2024
ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. 28 November 2024
කිරළව පාලම ගිලා බසියි පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි. 28 November 2024
ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහවල් සිට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 28 November 2024
අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි. 28 November 2024
විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි, 28 November 2024
‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 November 2024
ගංවතුරට අසු වූ උතුර සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති ඇතැයි ආපදා අංශ කියයි. 28 November 2024
රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 28 November 2024
විකටෝරියා සේලය දිග හැරෙයි කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි. 27 November 2024
මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 27 November 2024
මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්වල මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයන්ට දැනුම් දී ඇත. 27 November 2024
දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු කොට අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සඳහන් කරයි. 27 November 2024
විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි. 27 November 2024
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටිති. 27 November 2024
පුංචි ඡන්දයේ දිනය ලඟදීම ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත. 27 November 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026