බද්ද සහල් ආනයනයට බාධාවක්? අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. 11 December 2024
ඉන්ධන නැවක් ආපසු ගිහින් ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ. 11 December 2024
එළවළු මල්ලෙන් මතු වූ කුඩු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයකු බොරැල්ල වනාතමුලල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 11 December 2024
අස්වැසුම මුදල් හෙට ගිණුමට අස්වැසුම ප්රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. 11 December 2024
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි මහනුවර මාලිගාවට දෙදහස් පන්සිය වසරකටත් අධික මෙරට රජ වංශකතාවේ රජවරයකු භාවිතා කළ දැනට පවතින වහලය සහිත එකම රජ මාලිගය වශයෙන් සැලකෙන මහනුවර ඉපැරණි ලෝක උරුම රජමාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කර මහජනතාවට විවෘත කිරීම අමෙරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. 11 December 2024
දකුණු කොරියානු හිටපු ආරක්ෂක ඇමැති දිවි නසා ගන්න හදලා දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවත් කෙසේ නමුත් ඔහුගේ තත්වය යහපත් බවත් එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 11 December 2024
පුංචි ඡන්දෙ නාමයෝජනා අවලංගු කරන්න යයි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේය. 11 December 2024
‘මහජන සේවාව සපයන නිලධාරීන් මානුෂීයව ගනුදෙනු කළ යුතුයි‘ මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ තීන්දු තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (11) පැවසුවාය. 11 December 2024
ෆයිසර් මුස්තාපාගේ නම ඇතුළත් ගැසට්ටුව එයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 11 December 2024
‘රිලවුන් රට යවන්න තවමත් අවස්ථාව තියෙනවා‘ චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය . 11 December 2024
කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා‘ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා මත්පෙති තොගයක් සමග කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 December 2024
හාල් - පොල් ගැන ආණ්ඩුව ජනකාන්තවාදී බොරු කියනවා හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවත් ජනාධිපතිතුමා මේසෙට තට්ටු කර වී මෝල්හිමියන්ට එකඟ වියහැකි ගණනකින් හාල් මිල වැඩි කිරීමෙන් ජනාධිපති ධූරයේ තත්වය පිළිබඳව ගැටලුවත් මතුවන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවසීය. 11 December 2024
අයවැයෙන් ’’උඩ-බිම’’ ගමනට සලකන හැටි කතා කරයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි. 11 December 2024
මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම් ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයෙන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම ලිංගම් චන්ද්‍රසේකරන් මහතා පැවැසීය. 11 December 2024
විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය ජනවාරි 17 ගන්නවා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය. 11 December 2024
වාලච්චේන උසාවියේ නඩු බඩු ඉස්සූ අයෙක් අත්අඩංගුවට වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කාමරය බිද එහි තිබූ කාලේ මත්පැන් බෝතල් 25 ක පෙට්ටියක් සොරාගත් පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි. 11 December 2024
දික්වැල්ලගේ තහනම අවසන් වෙයි මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ චෝදනාවට වරදකරුවීමෙන් වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 11 December 2024
අයවැයෙන් ගම හදන හැටි ගැන සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. 11 December 2024
ඔස්ට්‍රේලියාවෙන් බීච් කින්ග් 350 යානයක් මෙරටට අති නවීන බීච් කින්ග් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) දින ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගුවන් හමුදාවට ලැබීමට නියමිතය. 11 December 2024
යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක් යාපනය ශික්ෂණ රෝහලේ දී හදුනා නොගත් උණ රෝගී තත්වය හේතුවෙන් තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර අැති බවත් එය ජනතාව බියවිය යුතු නැතැයි යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසයි. 11 December 2024
වංචනික ලෙස ඉඩමක් විකිණු හිටපු පී.සී අත්අඩංගුවට කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ පිහිටි ඉඩමක් වංචනික ලෙස විකුණා රුපියල් මිලියන 60 ක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු උපසේවා කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 11 December 2024
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කටුනායකට මෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද(11 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය. . 11 December 2024
වාලච්චේන අධිකරණයේ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ රටබීම අතුරුදන් වාලචිචේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙ තිබූ රටබීම බෝතල් 25 ක් සහිත පෙට්ටියක් අවස්ථානගත වී ඇතැයි සිද්ධියක් සම්බන්ධයෙන් වලච්චෙන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. 11 December 2024
ගින්නකින් වාද්දුවේ නිවසක් විනාශයි වාද්දුව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම අළුවී ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 11 December 2024
වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳුන් 50 කට නඩු පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට පමණ විරුද්ධව නඩු පැවරීමට ඊයේ (10) පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. 11 December 2024
අඩු පිඩන කලාපය තමිල්නාඩුව දෙසට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිර වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළඟා විමට බොහෝ දුරට ඉඩ ඇත. 11 December 2024
රට විරුවන්ට විද්‍යුත් වාහන දීමේදි අඩුපාඩු රැසක් විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබු විද්‍යුත් වාහන 510 සදහා පමණක් සුඛෝපභෝගි බදු නිදහස් සිමාව රුපියල් මිලියන 06 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමිම හේතුවෙන් රජයට අයකරගත හැකිව තිබු රුපියල් මිලියන 1,384 ක බදු ආදායමක් අහිමිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 11 December 2024
සිල්ලර වෙළදුන් අධික ලාභයක් ගත්තා තමන් රතු කැකුළු සහල් කිලෝව රුපියල් 207 ගණනේ වෙළදසැල්වලට අළෙවි කළ ද බොහෝ වෙළදසල් අධික ලාබයත් තබා ගෙන එම සහල් රුපියල් 240 ට අළෙවි කළ බව බරවකුඹුකේ මධ්‍ය පරිමාන සහල් මෝල හිමිකරුවෙක් වන කේ .ඩබ්ලිවු. සමරසේකර මහතා පැවසීය. 10 December 2024
සුජීව මුදලිගේට ප්ලිමත් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රදානී සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්ව විද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීම ප්ලිමත් සරසවියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඩැප්රිඩ් මුවර් මහතා හෝමාගම පිටිපන එන්එස්බීඑම් හරිත සරසවියේ වාර්ෂික උපාධි ප්රදානෝත්සවයේදී අද (10) දින සිදුකෙරිණි. 10 December 2024
කතානායකගේ ආචාර්ය උපාධිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් හැලිලා කථානායක අශෝක රන්වල මහතාගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර තිබූ ආචාර්ය උපාධි නාමය අද(10) දින වන විට ඉවත්කර ඇතැයි ද මෙම කාරණයට පිළිතුරක් දෙන්නට නොහැකි නම් කථානායකවරයා වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයි ද හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවක දී පැවැසුවාය. 10 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026