රටතුළ ජාතීවාදී ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කීරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා සදහන්කළේය.
එමෙන්ම ආගම්වාදී ජාතිවාදී ප්‍රචන්ඩ ක්‍රියා පැතිරයාම හේතුවෙන් පනවනු ලැබු සාමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ජනාධිපති ලේකම්වරයා කීවේය.
මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී සිදුවීම් උත්සන්නවීම හේතුවෙන් පසුගිය 07 දා සිට සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට රජය තීරණය කළේය.
එමෙන්ම ජාතිවාදී ආගම්වාදී ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා තුළ පලකළ නොහැකි අන්දමින් සාමාජ මාධ්‍ය පාලනය (FILTER) කිරීම සම්බන්ධයෙන්ද සාකචඡා කරන බව ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
- 044
COMMENTS
තහනම් කරල තියනකොට ජාතිවාදී ද ,නැද්ද කියලා තීරණය කරන්නෙ කොහොමද?
කාගේදෝ ලණුවක් කාලා ආණ්ඩුව තවත් ජනතාවට එපා වෙන වැඩ කරනවා.
ජාතිවාදය නැතත් සමාජ මාධ්‍ය ඕනේ නැහැ. මේවායින් වෙන්නේ ඇත්ත මානව සබඳතා බිඳ වැටීම පමණයි.
ෆේස් බුක් වලින් ජාතිවාදේ අවුස්සනවා වගේද? ප්‍රසිද්ධියේම ආයුධ අතට ගන්නවා කියල කියන එක? කෝ ඒවාට නීතිය? ඔක්කොම සිංහල මනුස්සයාට විතරයි.
මේ වගේ විහිළු වලට කොහෙන් හිනාවෙන්නද මන්දා...?
පොඩ්ඩක් හිතන්න.. අන්තවාදී අදහස් පෝස්ට් කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි.. ලඟදි වුණු දේවල්වලට පස්සේ එෆ්.බී. එකේ පොස්ට් මොනිටර් කරනවා කිව්වා. ඉතින් ඕක කරන්න තිබුණේ ගින්න ඇවිළුණාට පස්සේද? රජයට පිස්සු.. එහෙම පිටින් අවුල්
අපේ රටේ යංග් ජෙනරේෂන් එකේ වැඩි කොටසක් මේ දවස් වල මානසික රෝග වෛද්‍යවරු ළඟලු. නොසන්සුන්තාවයේ ලක්ෂණ වැඩි වෙලාලු. තනි වෙලා වගේ ලු, කැරකිල්ල වගේලු, හොස්ස ලගින් මැස්ස යන්න බෑලු, තරහ යනවා වැඩි වගේලු, හිතේ කිසිම ෆිට් එකක් නෑ වගේ ලු, මැච් එක නිසා ටිකක් ෂේප්ලු, පෝලිම දිගයිලු, දොස්තරලාට සරුයිලු, දොස්තරලාට සතුටුයිලු.
ඕන දෙයක් කර ගන්න ,,එත් අපිට අන්තර් ජාල වේග සිමා කිරීමත් , සමජ මාධ්‍ය ජාල තහනම දිගටම මෙසේ තහනම් නොකඩවා වේ නම් අපේ අන්තර් ජාල සදහා මාසිකව අයකරන ගාස්තුත් අඩුකරන්න මේ කපා හරින දින වලට සාපේක්ෂව,,,ඒ වගේම යහපලනයේදී මෙසේ අන්තර් ජාල වේග සිමාවන් පාලනය කිරීමක් වත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කපා හැරීමක් වත් යහපාලනයට ජන්දය ප්‍රකාශ කිරිමදේ ජනතාව නම් බලාපොරොත්තු වුයේ නැත ,,, නොකඩවා මෙසේ බාධා කිරීමට සිතනවා නම් ජනතාව දැනුවත් කරන්න ඉක්මනින්ම , මන්ද අන්තර් ජාල අඩු එකක ඇති පැකේජයකට දැන්ම මාරු වීමට එවිට අපිට හැක ..
ලියන්නන් කෙසේ ලිව්වත් කියවන්නන් බුද්දීමත්ව එය තේරුම් ගත යුතුයි. ආයේ මුහුණු පොත ආරම්භ කලොත් එකී නෙකා තමුන්ගේ මතය ප්‍රකාශ කරනවා .ඒක කාටවත් නතර කරන්න බැහැනේ .
ජනාධි පති තුමනි, මද පෙරදිග සේවය කරන බොහෝ දෙනාට තම දරුවන් සමග වෙලා ගෙන කතාකිරීමට, එකිනෙකා දැකගැනීමට ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා තුලින් පමණි, මෙහෙ ටෙලිපොන් වලට ගොඩක් සල්ලි යනවා, හැකි ඉක්ක්මනින් මේ තහනම ඉවත් කරන්න.
ඒකාධිපති පාලකයෝ කරන දේවල් මෙව්වා.
සමාජ මාද්‍ය යනු නුතන යුගයේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම සදහා ක්‍රමයකි. මෙය කොතරම් ජනතාවට අවශ්‍ය යයිද කිවහොත්, සමහර විදේශගත දෙමව්පියන්ට, දු දරුවන්ට තම ආදරනියන්ට සමග කතා කිරීම සහ සම්බන්ධතා පවත්වා ගැනීම නැතුවම බැරි දෙයක් බවට පත්වී ඇත. එම නිසා, යමෙකු වැරදි කරයි නම් ජාතිවාදය පතුරවයි නම් ඒ සදහා කලයුතු දෙයනම් ඔවුන්ට නීතියෙන් දඩුවම් කිරීම වේ.
ආන්ඩුවට පාරට බහින්න වේවි අවහිරය අයින් කලෙ නැත්නම්. මොකද ෆේස් බුක් එකත් එක්ක දැන් ගොඩක් මිනිස්සු සමීප වෙලා. Vpn දාගෙන fb ගියපු මිනිස්සුන්ට ඕවා අවහිර කරලා වැඩක් නෑ. ඒකට තව මොකක් හරි විදියක් හොයා ගනී. ඒ නිසා මේ ආන්ඩුවට යන එන මං නැති කර ගන්නෙ නැතුව අවහිරය නැති කරන්න. නැත්නම් ඕකටත් මිනිස්සු පාරට බහීවි. අනිත් එක fb අවහිර කරලා ප්‍රශ්ණ විසදන්න බෑනෙ. ඒක තේරුම් ගන්න තරම් මේ ආන්ඩුව මෝඩයිද?
දැනු ඔය තහනම ඉවත් කරන්නේ නැද්ද
හන්ගනකොට කට කතා පැතිරෙනවා. මේ ගොල්ලෝ පුදුම බයක් නේ තියෙන්නේ
ලංකාවත් දැන් උතුරැ කොරියාව වගෙයි.
ජාතිවාදී ප්‍රකාශ නවත්තනකම් පාර්ලිමේන්තුවත් තහනම් කරමු.
තහනම කියන්නේ විසඳුම නෙවේ. ඇමෙරිකානුවන් දැන් ගිනි අවි තහනම් කරන්න දත කනවා, එත් ඔවුන්ට අමතක වෙලා දශක කීපයකට පෙර ආයුධ තිබුනත් මේ විදියට මිනී මරණ සංස්කෘතියක් නොතිබුන බව, මේ විදියම තමයි ලංකාවෙත්. ෆේස් බූක් කියන්නේ හොඳ යහපත් අරමුණක් ඇතිව යොදාගන්න පුළුවන් දෙයක්, සමාජ සම්බන්ධකම්, ව්‍යාපාර ප්‍රවර්ධන ආදියට ප්‍රයෝජනවත්, එත් දුෂ්ඨ මිනිසුන් අතට පත් වුනාම ඒ යහපත් අරමුණ යටපත් වෙලා විනාශකාරී දේ සඳහා යොදාගන්නවා, වෛරී ප්‍රකාශන කරන බොහොමයක් අය ළමා කාලයේ දී බිලි වුනු අය, ඒ කියන්නේ නොයෙක් තාඩන පීඩන වලට ලක්වුණු අය, ඒ වේදනාව දුක පිට කරගන්නේ ඔය සමාජ ජාල වලින්, ව්‍යාජ අකවුන්ට් හදල වගකීම් රහිතව වැඩ කරනවා, ආණ්ඩුවට උවමනාවක් තියෙනවා නම් අනන්‍යතාවය තහවුරු නොකළ ෆේස්බූක් අකවුන්ට් තහනම් කරනවා නම් මේ තත්වය යහපත් අතට හැරේවි,
මේ රජය කරන්නේ ඉන්ටර්නෙට් ලිමිට් කරලා අපේ සල්ලි ටික හුරාගෙන කන වැඩක්... බදු හම්බෙනවනේ හොඳට... මේ ටික කාලේ...
මේකට විසඳුම මෙය අත්හිටවා තියන එක නොව මේකෙන් මිනිසුන්ට පවතින රජය තව එපා වෙනවා. ජාතිවාදී කෝලාහල වැරදි මේ වැරැදි පණිවිඩ මිනිසුන්ට යාම වළකන්න රජයට පනතක් ගේන්න පුළුවන්. කාගේ හෝ මුහුණු පොතාට ජාතිවාදී හෝ වෙන යම් වැරදි තොරතුරක් ලැබුණු වහාම එය ලඟම පොලිසියට හෝ වෙනයම් තැනකට ඉදිරිපත් කරන්න. එතැනදී ඒ කෙනාට ගෙවීමක් කරන්න ඕනෑ. එය රජයෙන් නොව ඒ වැරදි තොරතුරු කෙනා අල්ලාගෙන එයාව නීතියට කොටු කර ගන්න ඕනේ. එතකොට කිසි කෙනෙක් වැරදි තොරතුරු දෙන්න සමාජයට. එහෙම ආවත් එක දිගටම යන්න විදියක් නැහැ. මෙතැනදී වැරදි පණිවිඩ යවන කෙනාගෙන් ලොකු දඩයක් අරගෙන අර ඉදිරිපත් වන මිනිසුන්ට දෙන්න ඕනෑ. එතකොට වැරදි පණිවිඩ යන්නෙත් නැහැ. කිසි කෙනෙක් දඩ කාගෙන ඔහොම වරදක් කරන්නේ නැහැ.
දියුණු රටවල් තාක්ෂණය ජනතාවගේ ප්‍රයෝජනයට වැඩි දියුණු කරනකොට අපේ රට තියෙන පහසුකම් කප්පාදු කරනවා. මෙයට මූලික හේතුව තමයි නීති රීති පනවන අයගේ ආකල්ප හා ඔවුන්ගේ පරිගණක දැනුම අඩුකම... අපේ රට සාක්ෂරතාවය ඉහළ වුනාට පරිගණක සාක්ෂරතාවය කලාපයේ අනෙකුත් රටවල් හා සංසංදනය කරනකොට ඉතාමත් පහළ මට්ටමකයි තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ පරිගණක දැනුම වැඩි කරන වැඩ සටහන් නිෂ්පාදනය කර ඇසිදිසි මාධ්‍ය මගින් ප්‍රචාරය කල යුතුයි. තාක්ෂණය යහපත් ආකාරයට යොදා ගන්න අයුරු පෙන්වා දිය යුතුයි.
නොමිලේ වයිෆයි දෙනවා. ටැබ් දෙනවා කියලා කාලයක් දඟල, දඟල හිටපු කට්ටිය නේද මේ වාරණය කරන්නේ? එෆ්.බී. එකෙන් ව්‍යාපාර කටයුතු කළ උදවියට දැන් කවුද උදව් කරන්නේ ව්‍යාපාර සංවර්ධනය කර ගන්න? ආණ්ඩුවෙන්ද?
ආණ්ඩුව හරි මෝඩයි. මේ කපේදී ජාතිවාදී අදහස් දැක්වීම් නවත්තන්න බෑ. එහෙනං ඉස්සෙල්ලාම ට්‍රම්ප්ගේ බුකි ගිණුම, ටී.ආර්.සී. ලවා මොනිටර් කරවන්න.