IMG-LOGO

ෆොන්සේකාට විරෝධය පාමින් පල්ලේපොල රණවිරු සංසදයේ සභාපති ඉල්ලා අස්වෙයි

(කාංචන ආරියදාස)

හිටපු යුද හමුදාපති හා වර්තමාන අමාත්‍ය ෆිල්ඩ් මාෂල්  සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදුකළ ‍ප්‍රකාශයට විරෝධය පළකරමින් තමන් රණවිරු සේවා අධිකාරියේ පල්ලේපොල රණවිරු සංසදයේ සභාපති ධුරයෙන් ඉවත් වෙන බව එම සංසදයේ සභාපති ඩබ්ලිව්. ඒ . ජී .සරත් ගුණවර්ධන මහතා කියයි.

සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය රණවිරුවන්ට සිදුකළ මහත් අපහාසයක්  බවත් එවැනි අපහාසකරන පුද්ගලයකුගේ බිරිඳ සිටින රණවිරු සංසදයක තවදුරටත් නිලතල දැරීමට නොහැකි බවත් ඒ මහතා පවසයි.

ගුණවර්ධන මහතා හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේදී අද (10) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

“රටපුරා පවතින රණවිරු සංසදයේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ට මෙම ප්‍රකාශය හෙළා දකිමින් ඉවත් වී රණවිරු සේවා අධිකාරියේ  සභාපතිනිය ලෙස කටයුතු කරන අනෝමා ෆොන්සේකා මහත්මිය ඉවත් කරන ලෙස බලපෑම් කරන්න.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම වර්තමාන යුද හමුදාපතිවරයාගේ බිරිඳ රණවිරු අධිකාරියේ සභාපතිත්වයට පැමිණිය යුතු බවත් ඇය සමඟ ඉතා ශක්තිමත්ව රණවිරු අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවත් ඒ මහතා කියයි.



අදහස් (12)

ෆොන්සේකාට විරෝධය පාමින් පල්ලේපොල රණවිරු සංසදයේ සභාපති ඉල්ලා අස්වෙයි

kap Sunday, 10 September 2017 11:56 AM

ණයට වැඩ කරන පුද්ගලයෙක්ද? නැතිනම් මෙහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැනේ..

:       1670       1160

පිටිගල මිලානෝ Sunday, 10 September 2017 12:01 PM

යුදබිමේ සිටින බව පෙන්වමින් අපරාධ කල අයත් යුද්ධයට බයේ රටින් පැන්න අයත් රණවිරුවෝ නොවේ.

:       723       792

shan saudi Sunday, 10 September 2017 12:30 PM

එතකොට ජයසූරිය කළ ප්‍රකාශය හරිද? මේ ගොල්ලෝ රණවිරු නාමේ දාගෙන එක එකට කඩේ යන අය.. සරත් ෆොන්සේකා, ජගත් ජයසුරිය වැරදි කරලා තියනවා නම් ජාත්‍යන්තර අධිකරණයට ගොස් හෝ සාක්කි දිය යුතුයි. තමන්ගේ වැරදි වහගන්න එක එක්කෙනාගේ සල්ලි වලට ෆොන්සේකා මහතාට වරද පටවලා ප්‍රකාශ කලේ ඔහු නිසා දඩුවම් කල යුතුමයි.

:       1234       1944

Rajith Sunday, 10 September 2017 01:10 PM

මෙතුමා ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ නිලයක් දරන හෝ නිලයක් දැරූවෙක්දැයි පැහැදිලි නැහැ.

:       103       73

Nuwan Sunday, 10 September 2017 01:47 PM

හරි පුදුම වැඩක් කියන්නේ මෙහි නිවැරදි අදහස දක්වන පුද්ගලයට ඩිස්ලයික් බාරගණන් වැටෙනවා... රටේ මිනිසුන්ගෙන් වැඩිහරියක් කැකිල්ලේ චින්තනකරුවන් වගේ...

:       436       410

daham Sunday, 10 September 2017 01:53 PM

සරත් ෆොන්සේකා අර වගේ ද්‍රෝහී ප්‍රකාශ කරන්නේ කුමක් නිසාද?

:       205       459

deva Sunday, 10 September 2017 02:19 PM

මේකත් එක්තරා මාධය සංදර්ශනයක් පමණයි.

:       191       121

rocky Monday, 11 September 2017 03:33 AM

දහම් ඔබ අදහම් අනුගමනය කරන කෙනෙක් වගෙයි. සරත් ෆොන්සේකා මහතා කිසිම ද්‍රෝහී ප්‍රකාශයක් කර නැහැ. ඔහුගේ ප්‍රකාශය මුළුමනින්ම නිවැරදියි. වරද කවුරු කලත් වරද මයි. `අපේ මිනිහ` කියලා වහලා දැමීම කලයුතු නැහැ. `පරවේණි දාසයන්ගේ` මානසික තත්වය ඔබට තිබෙනවා වෙන්න පුළුවන් වුවත් බහුතර ජනතාවට නැහැ!

:       253       83

MOHAN Monday, 11 September 2017 04:40 AM

මේ කව්ද මේ?

:       4       11

samMonday, 11 September 2017 06:16 AM

ප්‍රවුර්තිය කියවල නෙවෙයිද අදහස් දාන්නෙ.

:       0       0

ase Monday, 11 September 2017 06:59 AM

ගුණවර්ධන මහතා හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේදී අද (10) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය. මෙයින් සියලු දේ පහැදිලියි.

:       0       0

siri Monday, 11 September 2017 07:29 AM

සරත් ෆොන්සේකා මහතා කුදලාගෙන යනකොට මේ ගොල්ලෝ කොහෙද හිටියේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site