(බිඟුන් මේනක ගමගේ )
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් කෙරෙන විමර්ශනයකට රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු මැදිහත්වීමෙන් බාධා පැමිණ ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර පාසලක වූ සිදුවීමක් සම්බන්ධයෙන් අධිකාරියට කෙරුණු පැමිණිල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මෙම නිලධාරියා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට දුරකථන මගින් කතා කර ඇති බව කියැවේ.
ජාත්‍යන්තර පාසලේ හිමිකාරිත්වය හා මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අතර ඇති මිත්‍රත්වය මත මෙම දුරකථන විමසුම සිදුව ඇති අතර පැමිණිලි පාර්ශ්වය මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද දැනුම්වත් කර ඇත.
විමර්ශනයට අදාළව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ළමා ආරක්ෂක අධිකාරිය මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ නම දාන්න ලෝකෙටම දැනගන්න
විස්තරය ලියලා නිලදාරියාගේ නමත් දාලා පෝස්ටර් අලවන්න පාසල ඉදිරිපිට.
නම හා තනතුර ප්‍රසිද්ධ කරන්න. ගෝල්ෆේස් එකේ දනගස්සවල තියන්න කරේ බෝර්ඩ් එකක් එල්ලලා.