(බිඟුන් මේනක ගමගේ)
කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික බාලිකා විදුහලක දැරියකට කෲර සහ අවමන්සහගත සැලකිල්ලට භාජනය කෙරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම දැරිවියට අධ්‍යාපනයට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශට අද (05) නියෝග කළේය.
මානව හිමිකම් කොමිසම මෙම නියෝගය කළේ පස් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරිවිය විදුහලේ ගුරුවරියන් කීප දෙනෙකු විසින් පංති කාමරයේදී කෲර සහ අවමන්සහගත සැලකිල්ලට භාජනය කරනු ලැබ ඇතැයි දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කෙරුණු විභාගයේදීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජිතයකු හා පැමිණිල පාර්ශ්වය කැඳවා මෙම පැමිණිලි විභාගය සිදු කෙරුණු අතරඅදාළ පාසල පෞද්ගලික එකක් වන බැවින් අධ්‍යාපන අමාත්‍යංශයට මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත්මක් කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජිතයා පවසා තිබේ.
එහිදී අමාත්‍යංශය හා පාසල අතර ඇත්තේ කවාරාකාර සම්බන්ධයක්දැයි කොමිසම ප්‍රශ්න කර ඇත.
පෙළ පොත් ලබාදීම, ගුරු පුහුණුව හා විභාග පැවැත්වීම යන අංශවලින් අධ්‍යාපන අමාත්‍යංශය එම පාසල සමග සම්බන්ධ වන බවට අමාත්‍යංශ නියෝජිතයා කරුණු දක්වා ඇති අතර ඒ අනුව පාසලට රජය සමග සම්බන්ධයක් ඇති බවටත් ඒ අනුව මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත්වියහැකි බවටත් කොමිසම තීරණය කර ඇත.
අදාළ බාලිකා විදුහලේ පරිපාලනයට සිදුවීම ගැන වාර්තාවක් ලබන 12 වැනිදා වන විට මානව හිමිකම් කොමිසමට ලබාදෙන්නැයි මින් පෙර කළ නියෝගය නැවත සිහිකැඳවන්නට ද එහිදී කොමිසම නියෝග අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හිංසනයට ලක්වූ දැරියට වෙනත් පාසලක් දෙන්න’යි නියෝග