IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හෂිණි අමේන්ද්‍රාට රට යන්න අවසර

 (දිලීප් ජයසේකර )


ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ පැවැත්වෙන සංගිත සංදර්ශණ දෙකක් සඳහා  විදෙස් ගත විමට අවසර දෙන ලෙස ඉල්ලා හෂිණි අමේන්ද්‍රා රත්නායක  අද (19) තංගල්ල මහාධිකරණයෙන් කළ ඉල්ලීම සළකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සැකකාරිය රුපියල් ලක්ෂ දහයක බැදුම්කරයක් මත හා පුද්ගල ඇපයක් මත විදෙස් ගත විමට අවසර ලබා දුණි.


ඇය  2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටින කාලය තුළදි එහි උකස් අංශයේ තිබු රුපියල් දොළොස් ලක්ෂ අසුදහසක් වටිනා  රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.සැකකරියගේ විදෙස් ගමන් තහනම් කර ඇයගේ විදෙස්ගමන් බලපත්‍රයද අධිකරණය බාරයට ගෙන තිබේ.


ප්‍රවීණ ගායකයකු වන ඇගේ  සැමියා  2018-10-17 සිට දින කිහිපයක් ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ සංගිත සංදර්ශන කිහිපයක් සදහා සහභාගි  වීමට නියමිත අතර වන අතර ඔහු සමඟ විදෙස් ගත විමට අවසර දෙන ලෙස ඉල්ලා බිරිද වන හෂිණි අමේන්ද්‍රා රත්නායක තංගල්ල මහාධිකරණයෙන් මෝසමක් මගින් ඉල්ලීමක් කළේය.


ඒ අනුව කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරු වරයා සැකකාරිය රුපියල් ලක්ෂ  දහයක බැදුම් කරයක් මත හා පුද්ගල අපයක් මත විදෙස් ගත විමට අවසර ලබා දුණි.පුද්ගල ඇපය තබන පුද්ගලයා සතු විදෙස් ගමන් බලපත්‍රයද මහාධිකරණය හමුවේ තැබිය යුතු වන අතර සැකකාරිය නැවත ලංකාවට පැමිණෙන තුරු ඇපකරුට විදෙස් ගත විමද තහනම් කෙරුණි.


ඊට අමතරව සැකකාරිය සදහා 2018-10-17 දින සිට 2018-11-10 දින දක්වා විදෙස් සංචාරයේ යෙදීමටත් ලංකාවට පැමිණ දින 07ක් ඇතුළත නැවත ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය තංගල්ල මහාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට බාර දෙන ලෙසත් මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා නියෝග කෙරුණි.



අදහස් (6)

හෂිණි අමේන්ද්‍රාට රට යන්න අවසර

පිටිගල මිලානෝ Wednesday, 19 September 2018 12:06 PM

වරදේ නොබැඳෙන ළඳුන් ලොව නැත කිව්වේ වික්ටර් නේද?

:       1       30

DasunWednesday, 19 September 2018 01:46 PM

දැන් එයා වෙන බනක්නේ කියන්නේ.

:       0       16

OMG Wednesday, 19 September 2018 01:28 PM

වික්ටර් අංකල් ගැන බය හිතිලද දන්නේ නැහැ.

:       0       4

Aka Elle Wednesday, 19 September 2018 02:55 PM

මරුනේ මෙයාලා කෝටි ගාණක් හොරකම් කරලා අසු වුණාම රට යන්න අවසර දෙන රටක්...

:       11       6

upali Wednesday, 19 September 2018 03:23 PM

අන් සතු සැපතට බාධා නොකරනු...

:       19       39

gayan Thursday, 20 September 2018 03:29 AM

ඊට පස්සේ වරෙන්තු රට යවන්න වෙයිද දන්නේ නෑ. කළින් ඒවත් ආපහු හරවලා එව්වනේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site