IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හලාවත දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට

( ජුඩ් සමන්ත )

මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.

ස්ථානාධිපතිවරයාට අමතරව එහි ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට සුදානම් වූ බව කියන අයෙකුව හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් අල්ලා හලාවත පොලීසියට බාර දී ඇත.පසුව එම සැකකරුව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට හලාවත පොලීසියට සිදුව ඇත.

අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු තමන්ට පහර දුන් බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා හලාවත පොලීසියට නියෝග කර ඇත.එම නියෝගයට අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති හලාවත පොලීසිය අදාල පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.



අදහස් (2)

හලාවත දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට

channa Wednesday, 26 July 2017 04:37 AM

අනේ .... ලංකාවට ගිය කලක්. හොරා එළියේ. හොරා අල්ලපු අය ඇතුලේ...

:       66       2

Shanaka Wednesday, 26 July 2017 04:48 AM

මගියෙක් ස්ථානාධිපතිට පහර දුන්නන් මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම වර්ජනය කරනවා.

:       0       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site