ආරියරත්න රණබාහු
හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් සැකසුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
පරිසරයට හානි වන අයුරින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන ගොස් ඇති බව පැවසූ මහ ඇමැතිවරයා , මදුරාවල ප්‍රාදේශීය සභාවේ පරිසර බලපත්‍රය ද ලබාගෙන නැතැයිද කීය.
මහ ඇමැතිවරයා එම ප්‍රකාශය කළේ අද එම කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS
කළ යුත්තේ කර්මාන්ත ශාලාව වසා රැකියා නැති කිරීම නොව සියලු ආරක්ෂා ක්‍රියා පටිපාටින්ට යටත්ව රජයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාම සහ රජයේ නිලධාරීන්ගේ අතපසුවීම ගැන සොයා බැලීමයි.
ඔන්න එ්කටත් මිලක් වැටුණා. වහන්නේ නැතිවෙන්න කීයක් විතර වියදම් වෙයිද?
ඔන්න එ්කටත් මිලක් වැටුණා. වහන්නේ නැතිවෙන්න කීයක් විතර වියදම් වෙයිද?
අසරණ සේවක ජීවිත 5ක් නැතිවුණාට පස්සෙද හොයාබලන්න මතක් වුනේ? අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහන්න නම් විශේෂඥයෝ ඕනෑ තරම් ඉන්නවා අපිට... කම්කරු ආරක්ෂක නීතිරීති ක්‍රියාත්මක වෙනවාද කියලා සොයා බැලුවේ කවුද? හොරණ ප්‍රාදේශීය සභාව අදද දැන ගත්තේ? කර්මාන්ත ශාලාවට පරිසර බලපත්‍රයක් නැහැ කියලා? කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්තශාලා පරීක්ෂකවරු මොනවද කලේ? අන්තිමට එයාලා කර්මාන්තශාලාව පරීක්ෂණයකට භාජනය කලේ කවදාද?
එළහරකා ඇන්න නිසා ඒ සතාගේ බෙල්ල කපා දැම්මේය .. අනේ මේ අපේ රට තීරණ ගන්න "දේශපාලකයන් නොවැ... කතා කළොත් මුළු ලෝකෙම තියන දේවල් දන්නවා වගේ කතාව.. වැඩනම් ඉතින් රෝස්පාන් මොලෙන් තමා තීරණ ගන්නේ...
නිසි නියාමනයක් නැති කම්මැලි රාජ්‍ය යාන්ත්‍රණයත්, ඔලමොට්ටල දේශපාලකයනුත් මේවට වගකිව යුතුයි. අද උදේ වෙනකල් මෙහෙම ෆැක්ටරි එකක් තිබුණාද කියලවත් ඔය මහ ඇමත්තා දන්නැතිව ඇති...
හරිම වැඩේ ඔක්කොම වහන්න රටම මරුවට තියෙයි.
බස්නාහිර පළාත් මහ ඇමැති පොර වෙන්න ටෝක් දෙනවා වගේ...
ලෙස්ලි මහතාගේ යෝජනාවට 100%ක් එකඟයි. දේශපාලනඥයන් කරන්නේ ජනතා අපවාදයෙන් මිදෙන්න කරන කෙටිම ක්‍රමයයි. අනාගතය ගැන හිතන්න තරම් බුද්ධියක් නෑ.
ඕක වැහුවම, මහ අැමැතිද ඔතන වැඩ කරන අයට රැකියා දෙන්නේ... නිකම් ගොන් වැඩ නොකර, වැරදුණු තැන නිවැරදි කරගෙන, කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට ඉඩ දෙන්න.
මේ කතාව හරිම මුග්ධ කතාවක්. බස්නාහිර පළාත් සභාවත් වහන්න ඕනේ එහෙනම්... වැඩේ වැරදි නිසා. නිකම් වාචාල කතා නැතිව තවත් රැකියා නැති කරන්නේ නැතිව හොඳ ක්‍රමයකට ව්‍යාපාරය කරන්න උපදෙස් දෙන්න. මොලේ නැතිනම් කට වහගෙනවත් ඉන්න. ගැලරියට පොරක් වෙන්න එපා.
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වගෙයි.
මෝඩකමට බෙහෙත් නැහැ. කරන්න තියන්නේ වග කිව යුත්තන්ට දඬුවම් දීලා කර්මාන්ත ශාලාව නැවත සුරක්ශිත ආකාරයට ආරම්භ කිරීම මිසක් බොරු ෂෝ නෙමෙයි.
රැකියා නැතිව ඔක්කොම රාජ්‍ය සේවයට බඳවා ගන්න.
ලංකාව තුල යම්කිසි ආයතනයක් හෝ පුද්ගලයකු කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන්නේ නම් ඔහු හෝ ඔවුන් ලංකාවේ කම්කරු නීති හා පරිසර නීතිවලට අනුකුලව එය පවත්වාගෙන යා යුතු අතර ඔවුන් එම නීති උල්ලංඝනය කරන්නේ නම් අනිවාර්යෙන්ම ඒ සඳහා ක්‍රියාමාර්ග ගතයුතු වන අතර එය එම කර්මාන්තශාලාව වැසීම දක්වා විය හැකිය. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය කම්කරු දෙපාර්තුමේන්තුව මෙන්ම එම කර්මාන්තශාලාව අයත් පළාත් පාලන ආයතනය කටයුතු කළ යුතු අතර එම කර්මාන්තශාලාව නිසි නිරික්ෂණයට ලක් නොවීම සම්බන්ධයෙන් එම ආයතනයන්ට වගකීම පැවරේ. මහ ඇමතිවරයාගේ තිරණය විවේචනය කරන අයට ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් බව පැහැදිලි අතර ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ තව සේවකයින් කී දෙනෙක් මිය යනකම් බලා සිටිය යුතුද? මේ කර්මාන්තශාලාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න යන ප්‍රශ්නය වන අතර මිනිසුන්ගේ රැකියාවන්ව රැකෙන්න ප්‍රථම ජීවිත රැකිය යුතු බවට අවබෝධ නොවීම තුළම ඔවුන්ගේ තර්කයන්හී දුෂ්ඨබව ප්‍රදර්ශනය වේ. මා කිසි දිනක නිදහස් පක්ෂයේ සමාජිකයකු හෝ ඉසුරු දේවප්‍රියගේ අනුගාමිකයකු නොවන අතර ඔහු මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය පමණක් අගය කරමි.
ඉතා මෝඩ කතාවක්... අප රටේ දේශපාලනයේ යෙදෙන උදවියගේ බුද්ධි මට්ටම ඉතාකදිමට පෙන්වන කතාවක්.
මහ ඇමතිතුමනි, මහජන නියෝජිතයෙක් හැටියට කර්මාන්තශාලා වහන්න යෝජනා කිරීමෙන් වැළකී තව තවත් කර්මාන්ත ඉදිකරන්නට යෝජනා කරන්න.
මේ රටේ මධ්‍යම හා සුළු පරිමාණයේ කර්මාන්තශාලා බෝහෝමයක් ක්‍රියාත්මක වෙන්නේ කම්කරු පාරිසරික, බදු හා සෞඛය නීති තුට්ටුවකටවත් නොසලකා ලාභය පමණක් අපේක්ෂාවෙන් වෙන අතර රටේ පවතින දුර්වල හා අකාර්යක්ෂම රාජය යාන්ත්‍රණය හා දූෂිත දේශපාලන අධිකාරියේ පිහිට ආශිර්වාදය සහිතවය. මේ නිසා ඉතාම දැනුවත්වම හා වුවමනාවෙන් යුතුව කෙරෙන සේවකයන් පීඩනයට ලක් කීරීම හා පරිසරය වැනසීම සමබන්ධයෙන් වන ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගතයුතු අතර මෙම කර්මාන්තශාලා හිමිකරුවන්ට අවශ්‍ය නම් මේ අඩුපාඩු නිවැරදි කරගෙන නිසි අවසරකින් යුතුව මෙම කර්මාන්තශාලාව නැවත විවෘත කිරිමේ අයිතියද හිමිවේ.
විශ්ෂ්ඨ තීරණයක් මැතිතුමණි. කර්මාන්ත නිසා පරිසරය දූෂණය වෙනවා.
මේ කරන්නේ ආණ්ඩුව ගැන තව තවත් මිනිස්සු කලකිරවන එක... ඒක මොවුන්ට ලැබිලා තියෙන රාජකාරියයි. මොවුන් තීරණය කළාට වැරැද්ද යන්නේ එජාපයටයි.
ඕනෑම ගොනෙකුට වහන්න පුළුවන් පගා අරගෙන මේක බැලුවේ නැති අයගේ මහකෙනා තමයි මකලා දාන්න ඕනේ...
ඔක්කොම වහල දාන්න. උඹලා ගාව රස්සාවල් තියෙනවනේ දෙන්න....
ඔය කර්මාන්ත ශාලාවේ විතරක් නෙමේ.... මේ රටේ තියෙන අනිකුත් බොහෝ කර්මාන්ත ශාලාවලත් ඔය තත්වයමයි තියෙන්නේ. දැන්වත් අදාල බලධාරීන් නින්දෙන් නැගිටලා පාරිසරික ගැටළු මෙන්ම සේවකයින්ගේ ආරක්ෂාවට යොදා ඇති ක‍්‍රමවේදයන් නිසියාකාරයෙන් පවත්වා ගෙන යන්නේ දැයි සොයා බලා අඩු පාඩු ඇත්නම් වහාම පිළියම් යෙදීමයි කළ යුත්තේ. රටේ මෝඩ ජනතාව චූන් නොකර කර්මාන්ත ශාලා වැහීමෙන් නැතිවන රැකී රක්ෂා මෙන්ම රටේ ආර්ථිකයට වන හානිය කොතරම්ද? යන්න සිතා බලා වචන පාවිච්චි කිරීමට මහ ඇමතිවරයා වග බලා ගන්නේ නම් හොඳයි.
ඉතා දියුණු රටවල අධි අරාක්ෂාවක් ඇතුව පවත්වාගෙන යන තැන්වලත් හදිසි අනතුරු සිදුවනවා. විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ පිළිබඳව නිපුන නිලධාරීන්ගෙන් උපදෙස් ලබමින් මෙවැනි නිෂ්පාදන කාර්යක්ෂමව කිරීමෙන් කිහිප දෙනෙකුට රැකියා කිරීමට අවස්ථා උදාවෙයි.
මේක වසා දැමීමෙන් ප්‍රශ්‍නය නොවිසදේ, හොඳම විසදුම මුලින්ම මේකට විශාල දඩයක් ( රුපියල කෝටි 2-3 විතර) ගසා එම මුදල් සමාගමෙන් අයකර අගතියට පත්වූවන්ගේ පවුල් වලට ලබාදිය යුතුය, දෙවනුව මෙවැනි රසායනයන් ගැන දැනුමක් ඇති උගතුන්ගේ උපදෙස් ඇතිව කම්හල නවීකරණය කොට නිෂ්පාදන ඇරඹිය යුතුය, කම්හල වසා දැමිමෙන් අගතියට පත් පවුල් වලට කිසිම සෙතක් නොසැලසෙන අතර මෙහි රැකියා කල අයගේ රැකියා අහිමි වීමෙන් තව පවුල් කිහිපයක් අගතියට පත්වනු ඇත .
ලංකාව වටේ මුහුදු වෙරළ සහ ජලාශ සියල්ල වහාම වසා දැමිය යුතුයි. ඇයි මාසෙකට කීයක් මැරනෙවද ඔයවගේ ගිලිලා. මීට කැකිල්ලේ රජතුමා...
මේ දේශපාලකයෝ හරිම මෝඩ තීරණ තමයි ගන්නේ
මේ වගේ ඒවා මේ රටේ ඕනේ තරම් තියෙනවා. මේවා මෙහෙම වෙන්නේ නිසි බලධාරීන්ගේ අවදානය මේවට යොමු වන්නේ නැති නිසා. මම වැඩ කරන කොම්පැනි එකේ ISO බලන්න එන්නේ අපිට කියලා. ඉතින් අපි හොඳට සෙට් වෙලා ඉන්නවා පිළිවෙලට. ඒ අය ගියාම ආයෙත් යකාගේ කම්මල වගේ අපේ වැඩ කරන තැන. ඇයි එන්නේ නැත්තේ එක පාරට නොකියම?
අසිරි මහත්මයා, ලංකාවේ ඡන්ද ඉල්ලන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් හෝ චරිත සහතිකයක් අවශ්‍ය වන්නේ නැහැ, ලංකාවේ මිනිස්සු කතිරේ ගහන්නේ පුද්ගලයාගේ පක්ෂය, ධනවත්භාවය, ජාතිය, ආගම කුලය ඡන්දෙ දවසට බොන්න දෙන මත්පැන්, බත්පැකට් එක වැනි සාධක.
දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ජිවිත දේශපාලකයන්ගේ සාක්කුවල.