(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමා කර ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බවත් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
කෝවිඩ් 19 වයිරසය පැතිරීයාමත් සමඟ මාස තුනක පමණ කාලයක් සම්පුර්ණයෙන් වසා දමා තිබු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් දිනපතා විවෘත කර ඇති බවත් වනෝද්‍යානය උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සංචාරකයන් වෙනුවෙන් විවෘත ඇති බවත් ඒ මහතා කීය.
පස්වරු 2.00 න් පසුව වනෝද්‍යානයට කිසිම පුද්ගලයෙකු ඇතුළත් කර නොගන්නා බවත් දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමා කොට ඇති බැවින් හෝර්ටන්තැන්න නැරඹීමට පැමිණෙන පිරිස් හැකිතාත් උදෑසනම පැමිණීමෙන් සිදුවිය හැකි දුෂ්කරතා සහ අපහසුතාවයන් මග හරවා ගත හැකි බවත් ඒ මහතා පැවැසීය.
දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුළත ගමන් කිරීම සඳහා ස්වාභාවික මංපෙත් සියල්ලම වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති බවත් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකුරු ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
මට ආරංචි විදිහට හෝර්ටන් ප්ලේන්ස් වල පරිසරය නව ජීවයක් ලබා නැගී සිටිනවාලු. ඒ ප්‍රදේශයේ "සත්වයා" ලෙස සලකන ගොන්නුන්ගේ ගහනයත් වැඩිවෙලාලු... වනජීවී කාර්යාලය අවටත් ඒ ගොල්ලෝ හැසිරෙනවලු. වනෝද්‍යානයේ අභ්‍යන්තරයේ ඇති කුඩා පාරවල්වල කොටි ඔහේ වැතිරිලා ගිමන් හරිනවලු. වනජීවී මහත්වරුන්ගේ වාහනවත් ගණන් ගන්නේ නැහැයිලු. කොටි පැටව් පාරවල් අසලට ඇවිත් සෙල්ලම් කරනවලු. " මා රත් මල්" පිපිලාලු.. ගහ කොළ, ඇලදොළ, ගංගා, වන සතුන්, කුරුල්ලන්, සුළඟ, ඉර හඳ, තාරකා.. මේ ඔක්කොම ස්වභාව ධර්මයේ දරුවන්. ඔබත්, ඔබගේ දරුවන්වත් මේ ගමනට එකතුකර ගන්න. සොබාදහම විඳින්න ඒ ගොල්ලන්ට කියා දෙන්න. පරිසරය ආරක්ෂා කරගන්න හැටි කියා දෙන්න. ප්ලාස්ටික්, කුණු, බෝතල් වැනි අපද්‍රව්‍ය කිසිවක් ඔබ නැවත එනවිට එහෙ ඉතිරි කර එන්න එපා. ඔබ දන්නවද හිස් බෝතල්වල අඩිය කොටස " උත්තල කාචයක් "ලෙස ක්‍රියාකරලා වියලි කොලරොඩු ඇවිලී ලැව් ගිනි හටගන්නවා කියලා... අපි පරිසරය විඳිමු. ඒ ගමන්ම අපිව සතුටු කරන පරිසරයට ගරුකරමු.