(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අත්තනගල්ල හොරගොල්ල වලව්ව භූමිය සුද්ධ පවිත‍්‍ර කරමින් සිටි පිරිසකට එහි තාප්පයක් අයිනේ මල් වැටක් අද්දර තිබී ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අද (30) උදේ සේවක පිරිසක් හොරගොල්ල වලව්වේ පරණ පුස්තකාලය ආසන්නයේ ඩෙංගු මැඩලීමේ ශ‍්‍රමදානයක යෙදී සිටියදී රොඩු කුණු රේක්කයකින් අදිමින් සිටියදී පොලිතින් කවරයක රදවා තිබූ මෙම බෝම්බය හමුවීමෙන් පසු ආරක්ෂක අංශ වෙත දන්වා ඇත.
එහි ආරක්ෂක අගුල මළකඩ කා ඇති බව පොලිසිය පවසයි. මෙම බෝම්බය කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙසේ සඟවා තැබුවාදැයි අනාවරණය කර ගැනීමට නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර අධිකරණයට කරුණු වාර්තා කර එය නිෂ්කී‍්‍රය කීරිමට අවශ්‍ය කටයුතු සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරගොල්ල වලව්වෙන් බෝම්බයක් හමුවෙයි
Mahinda rathna Sunday, 30 July 2017 09:57 AM
බෝම්බයක් නෙමෙයි... බෝම්බ ෆැක්ටරියක් තමයි. මේක හැබැයි චන්දිම කියන දෙයක්.... හොඳේ...!!
ravin Sunday, 30 July 2017 12:36 PM
ඕකෙ තියෙන්නේ ක්ලස්ටේර් බෝම්බයක්. එ්කේ කොටසක් වෙන්න ඇති එහෙනම්...
menna Sunday, 30 July 2017 01:18 PM
සාමාන්‍ය ජනතාවට ඇයි බෝම්බ? ලාංකික ජනතාවගේ ප්‍රචණ්ඩකාරී මානසිකත්වය කවදා නැතිවෙයිද? හමුදාව, පොලිසිය කරන වැඩ, ඒගොල්ලන්ට කරන්න දීලා... සාමාන්‍ය ජනතාව රටේ ණය ගෙවල දාන්න වැඩ වර්ජන නොකර වැඩ කළොත් හොඳයි වගේ...
de silva Sunday, 30 July 2017 04:06 PM
ඕක අර මහින්ද මහතා චන්ද්‍රිකා මැතිණියට උපන්දිනයට එවපු ත්‍යාගයද දන්නේ නැහැ.
Ranil Monday, 31 July 2017 02:05 AM
ඒ බොම්බේ සාරියක් ඇදගෙනද හිටියේ. නම චන්ද්‍රිකඅ නේද.
ramani Monday, 31 July 2017 08:56 AM
කලකට ඉස්සර මර්වින් සිල්වා එයාගේ දේශපාලන ඉතිහාසය ගැන සතිපතා විස්තර දීලා තිබුණා. එ්කේ තිබුණා චන්ද්‍රිකා මැඩම්ගේ ඇඳ යට හරි... ඒ වගේ තැනක බෝම්බ හංගපු හැටිත්, පොලිසියෙන් එනවා කිව්වාම ඒවා අරන් ගිහින් ඒ පැත්තේ වැවක දාපු හැටිත් ඒකේ තිබ්බා. එයින් එකක් වෙන්න ඇති ඕක.... නේද?
samarage Monday, 31 July 2017 08:57 AM
නිෂ්පාදිත වර්ෂය 1945ද? දෙවන ලෝක යුද්ධය කාලේ හදපු පරණ භාණ්ඩයක්ද?
Nandalal DE SILVA - France Wednesday, 02 August 2017 11:15 AM
මැදමුලනෙන් හොරගොල්ලට දක්ෂිණ අධි වේගී මාර්ගයෙන් එවපු එකක් වෙන්න පුළුවන්. බයවෙන්න එපා චන්ද්‍රිකා අක්කේ, එවපු එක්කෙනාගේ මොලේ වගේම ඒකත් මලකඩ කාල නේ තිබුනේ !!! බොරුවට සද්දේ මිසක් වෙනත් අනතුරක් වෙන්නේ නැහැ ඔය හුචක්කුවෙනුත් .....