(සනත් ගමගේ)
මෙගා වෝට් 3 ක විදුලිය බල ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා මාස 5 ක් පමණ ගත වුවත් එම සුළං පෙති වෙනත් ස්ථානයක සවිකිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 3 ක විදුලි බල ධාරිතාවය අහිමි වී ඇති බව විදුලි සේවකයෝ පවසති.
නියාමක විදුලි බලාගාරයක් ලෙස හම්බන්තොට සුළං විදුලි බලාගාරය මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගම් ලේවාව ඉහළ කොටසේ පිහිටා තිබුණි.
වරාය ආරම්භ කර සේවා කටයුතු පවත්වාගෙන ගියද සුළං විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලිය එකතුකිරීම සුපුරුදු පරිදි සිදු වු නමුත්, හම්බන්තොට ජාත්‍යයන්තර වරාය චීන සමාගමට බදු දීමෙන් පසුව වරාය පරිශ්‍රයේ පිහිටි සුළං පෙති ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමෙන් පසු මීට මාස පහකට පමණ පෙර සුළං පෙති 5 ම ගලවා ඉවත් කර ගැනීම විදුලි බල මණ්ඩලය මගින් සිදු කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් ලංකා සුනිත්‍ය බල අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු සුරීයකුමාර හෙට්ටිඅරච්චි මහතාගෙන් විමසීමේ දී ඒ මහතා මෙසේ පැවසීය.
"මෙගා වොට් තුනක විදුලිය බල ධාරිතාවයක් හම්බන්තොට සුළං විදුලි බලාගාරයෙන් ලැබුණු බව සත්‍යයක්. එය දැන් ඉවත් කර තිබෙනවා. එම සුළං විදුලි බලාගාරය වෙනත් ස්ථානයක සවිකිරීමට දැනට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. තිබූ ස්ථානයෙන් එය ගැලවීමට හේතුවුණේ ඉඩම සඳහා වැඩි බදු මුදල් ගෙවීමට චීන සමාගමට සිදුවීම නිසා."


COMMENTS
"එම සුළං විදුලි බලාගාරය වෙනත් ස්ථානයක සවිකිරීමට දැනට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. තිබූ ස්ථානයෙන් එය ගැලවීමට හේතුව වූයේ ඉඩම සඳහා වැඩි බදු මුදල් ගෙවීමට චීන සමාගමට සිදු වීම හේතුවෙන්" ඉවත් කරන්න නම් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ හැම තැනම හුලන් නැති එක. දේශපාලුවෝ ගැන නම් කියලා වැඩක් නැහැ. වැඩේ තියෙන්නේ, අමන නිලධාරී උඩ ඉන්න එකත් ලංකාව මේ තැනට වැටෙන්න හේතුවක්.
අවුරුදු 30ක් තිබ්බ කියන්නේ මේක සාර්ථකයි කියන එකනේ.වැඩේ සාර්ථකනම් රට වටේ තියෙන මුහුදෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ ඇයි?අවුරුදු 30ක් වැඩ කලානම්, පෙති 5කින් මෙගා වෝට් 3 ක විදුලිය ගන්න පුළුවන්නම් මේ වගේ 100ක් 200ක් හදන්න ආයෝජනය කලොත් පාඩු නැහැ නේද?
වරායත් නෑ, සුළං බලාගාරෙත් නෑ , යහපාලුවන්ගෙන් රටට ලැබුන අපමණ අගයෙන් කොටසක්
වසර 30 කට පෙර පටන්ගත් නියමු ව්‍යාපෘතිය එතනින් එහාට නොගියේ කාගේ වරදින්ද? මේ වන විට එය මෙගා වොට් 3 සිට 30ක් දක්වා වත් ව්‍යාප්ත කල හැකිව තිබුණි. එසේ නොකළේ කාගේ උවමනාවටද? බලධාරීන්ගේ සාක්කු පුරවාගැනීමට නොවේද? විදුලි බල ඇමති ඇතුළු රාජ්‍ය නායකයින් මර නින්දේද? වැඩක් නෑ මේවා ගැන කතා කරලා...
අමන දේශපාලුවොයි නිලධාරීන්ගෙයි වැඩ තමා. මේ වගේ මිනිස්සු එක්ක රට ආපස්සට යන එක අහන්නත් දෙයක්ද?
මෝඩ දෙසපළුවන්, වරයා බදු දෙන කොට අඩු ගානේ මේක ගිවිසුමෙන් බැහැර කරන්න තිබුනනේ.
ඕකේ බද්ද වැඩි නෙවේ, කොමිස් එක මදි වෙන්න ඇති. බද්ද වැඩි උනත් කරන්න පුළුවන් එතනනම් ඒක කරන්න එපැයි.
නොමනා දේශපාලකයන් පත්කරන්නේ රටේ ජනතාව මිසක් වෙන කවුරුන්ද? රටේ මිනිසුන්ගේ ගති පැවතුම් දේශපාලකයන් කෙරෙහිද බලපා ඇත..... හැමදාම දේශපාලකයන්ට බැන්නට වැඩක් නැත. හරි හැටි දැනුමක් තියෙන අය පමණක් සේවයට යැවීම ජනතාවගේ යුතුකමකි.....
සූර්ය බලය තමා හොදම විකල්පය අපේ රටට. සාමාන්‍ය ජනතාව අතරේ මෙය ප්‍රචලිත කිරීමට රජය උනන්දු උනානම්, මෙපමණ ප්‍රශ්නෙකට අපේ රට මුහුණ දෙන්නේ නැහැ.
තිබූ ස්ථානයෙන් එය ගැලවීමට හේතුවුණේ ඉඩම සඳහා වැඩි බදු මුදල් ගෙවීමට චීන සමාගමට සිදුවීම නිසා. මොන රටේද අප්පා අපි ඉන්නේ ??
ආණ්ඩුවේ ඉන්න එකම මෝඩ ඇමතිවරයෙකුට වත් මතක් වුනේ නැද්ද කොයි මොහොතක හරි විදුලි බලාගාරය අක්‍රිය වුනොත් ඊට විකල්පයක් වශයෙන් අඩුගණනේ මොකද ගන්න තීරණය කියල ,ජනාධිපති ඇතුළු සියලු දෙනා මිට වඩා ඔලුව පාවිච්චි කරන්න ඕන .
රටේ සම්පත් විකුණලා ඒ මදිවට බදුත් ගහනවා...
මෙම ව්‍යාපෘතිය ඇරභුවේ 1999. ඉතින් කොහොමද 30 අවුරුද්දක් වෙන්නේ?
එහෙම කොහොමද? එතකොට කොහොමද අපේ කට්ටියගේ සාක්කු පිරෙන්නේ?
අපේ රටේ සවිකරන්න චීනෙට බදු ගෙවන්න ,කාට කියන්නද මේ අවනඩු ?
එංගලන්තයේ තියෙන සුලන් කුළුණු 175 කින් මෙගාවොට් 630ක් ගන්නවා , අපේ අය තාම ඉබි ගමනේ
ඒක චීනෙට දෙන කොට මේවට මොනවද වෙන්නේ කියල බැලුවේ නැත්තේ මොකද?
පෙත්ත හුළගේ ගිහිල්ලද ?