ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී හම්බන්තොට වරාය චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම් දෙකක් යටතට අද පවරා දෙනු ලැබිණි. හම්බන්තොට වරායේ මෙහෙයුම් සහ සේවා කටයුතු හම්බන්තොට අන්තර්ජාතික වරාය සමාගමට (HIPG) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමගම යන සමාගම් දෙක වෙත පැවරෙයි.
මෙම ගිවිසුම අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමගම විසින්, ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරියේද සහයෝගය ඇතිව එහි තත්ත්වය වැඩිදියුණු කරමින් හම්බන්තොට වරාය වාණිජ වශයෙන් වැදගත්කමක් ඇති වරායක් බවට සංවර්ධනය කෙරෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 794 ක ආයෝජනයකි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම විසින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී රජයට ලබා ගෙවිය යුතු මුදලෙන් 30% ක් වන අමෙරිකානු ඩොලර් 292,097,400 ක චෙක්පත මහා භාණ්ඩාගරයට බාරදෙනු ලැබිණ.
COMMENTS
දැන්වත් රනිල්ට නින්ද යයිද දන් නෑ..
බොහොම හොඳ වැදගත් අවස්ථාවක් ! අපට තනියම කරගන්න බැරි, අනවශ්‍ය දේවල් අටවපු අය මෙයට විරුද්ධ වේවි. විවේචනය කරාවි. "හම්බන්තොට කළුගල් පිහිනුම් තටාකය" නමින් විරුදාවලි ලැබූ මේ වරාය බංකොලොත් වීම වලක්වාගෙන රට වෙනුවෙන් යහපාලන රජය ගත් මේ උදාර තීරණයට සියලු රටවැසියන් කෘතඥ විය යුතු වෙනවා...
දැන්ම නින්ද යන්නේ නැ, තව දේවල් තියෙනවා විකුණන්න.
නිකං අහන්නේ අපිට බලයක් නෑනේ... මේ පවරාදීමට විරුද්ධ වෙන්න. ඇයි යකෝ කෝ අර රට ගිනි තියන්න වගේ ඒ පැත්තෙ උඩ පැනපු සිංහයෝ. බලද්දි වැඩි දෙනෙක් බොරු සිංහයොනේ මං හිතන්නේ අහිංසකයින්ව බිල්ලට දෙන නරි වෙන්නැති...
ඡන්දෙ දිපු අයට නම් හෙන ගහනවා.
මේ කාලකණ්ණි ආණ්ඩුව ගැන නම් කියලා වැඩක් නැහැ.
රටට දරන්නට බැරි, නැවත ගෙවා ගන්නට නොහැකි තරම් ණය ගත්තම ඔවැනි දේ සිදු වෙනවා. අනික, ණයවෙලා හදපු දේ රටට අයිති දේපොළ වෙන්නේ කොහොමද?
ලංකාවෙ මිනිස්සු පුද්ගලිකරණයට සාම්ප්‍රදායිකව විරුද්ද වෙනවා. ඒ පක්ෂ බේදය නිසා. නමුත් දියුණු රටවල දැන් හැම දෙයක්ම පුද්ගලිකරණය කරලා. ඒ රටවල් කියන්නෙ රජයක් කල යුත්තෙ රට පාලනය මිසක් ව්‍යාපාර නෙවෙයි කියලා. මේක හොද දෙයක්. හැමෝටම පස්සෙ වැටහෙයි.
කෝටි ප්‍රකෝටි පාඩු ලබන ආයතන නඩත්තුවට මහජන තවගේ බදු මුදල් වැය නොකර මේ විදියට රටට යන සල්ලි වලින් හරියට වැඩක් කරොත් රට දියුණු කරන්න පුළුවන්
චීනෙට පුලුවන්නම් අපිට බැරි මොකද?
මේ අයගේ ආර්ථික දැනුම.....කාලකන්නි මිනිසුන් තමන්ගේ දේපල විකුණගෙන කනවා විද්දේශ යෝජනා ජනවාරි 8 මැදියම් රම එම රටවල් ඉවත් කර ගැනීම ආණ්ඩු පෙරලීමට දමිල ප්‍රජාවට මැදහත් කරුවන්ට පොරොන්දු මුදල් ගෙවීමට බාන්දගර තැන් පතු හොරකම , රජයේ සේවකයන්ගේ පඩි දෙගුණ කිරීම ඡන්දය වෙනුවෙන් මේ නිසා අර්ථිකය කඩ වැටී විකුණගෙන කෑම හැර විකල්පයක් මේ යට නැහැ දේශපාලනය කොරන්න ඉඳගෙන බැහැ ඔය දහදිය රට වෙනුවෙන් හෙලන්න කාලය ඇවිත්.................
විකුනන්නේ නැහැ අනේ පවරා දෙනවා අපේ පක්ෂයට මඩ ගහන්න එපා කාර් මිල අඩු කරලා දෙන්නම් දෙවියනේ මඩ ගහන්න එපා
පාඩු ලබන ඒවා විකුනන්නේ නැතුව තියාගෙන මොනවා කරන්නද? ණය ගෙවා ගෙවා ඉන්නද කියන්නේ? දැන් අපේ රට ඔකේ ණය බරෙන් නිදහස්. චීනය එයාලගෙම ණය ගෙවා ගනීවි. දුර පළාතක හදපු ඔය වගේ ඒවා කාට හරි විකුණගන්න පුළුවන් වෙචච එකම කොච්චර දෙයක්ද? එකට ස්තුති කරන්න පුරුදු වෙන්න .
මම නම් හිතන්නේ චීනේ මේක හොදට දියුණු කරලා ගනී. අපිට ලංකාවට කොච්චර කට මත කියෙව්වත් තනියම දියුණු වෙන්න බැහැ.