රංජන් කස්තුරි
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය මතය ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.
හම්බන්තොට වරය ගිවිසුමේ පිටපත් සෑම කැබිනට් ඇමැතිවරයකු වෙතම ලබා දී ඇති අතර එය අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන හා මත ලබන කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
කැබිනට් මණ්ඩල සාමාජිකයන් සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් එම සංශෝධන සලකා බැලීමට තමා සූදානම් බව ද ජනාධිපතිවරයා කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 99 කියෙව්වනම් හරිනේ දැන් මොකටද
මේ ගිවිසුම් ඉක්මනින් ක්‍රියත්මක කොට රට ණය බරින් නිදහස් කර ගනිමු.
සමහරු කියනවා විකුනන්නේ නැත. බදු දෙනවා පමණයි කියල. ඔය ගිවිසුම්වලට උඩින් ලස්සනට පෙන්නලා එක වචනයක් වෙනස් කරපු ගමන් චීනයට අයිති වෙනවා. හොදම උදාහරණය කියුබාවේ තිබෙන ගොන්ටානොබේ ඇමෙරිකානු හමුදා කදවුර. කියුබාව කොතරම් බලවත් වුනත්, කොතරම් ඇමෙරිකානු විරෝධී වුනත් තම රට තුල තිබෙන ඒ කදවුර ඉවත් කරන්න බෑ. හේතුව "දෙරටම එකගතාවයෙන්" එම බදු ගිවිසුම අවලංගු කලයුතු බවට අත්සන් තබා ඇති නිසා. මෙයට බොහොඕ කලකට පෙර ගහපු ගිවිසුම හරිම සුන්දර ගිවිසුමක් බව හිතෙන්නට ඇති. නමුත් තම රටේ ලොකුම හතුරා තම රට තුල හමුදා කදවුරක් තබාගෙන හිටියත් පෙනුමට සුන්දර ගිවිසුමේ වගන්තියක් නිසා කියුබාවට කළහැකි කිසිවක් නැත. ඩොලර් කුට්ටි වලට මේ ලෙස වෙනත් රටවලට වාසි වෙන ගිවිසුම් (හෙජින්, ගල් අගුරු , 1980 මහවැලිය කොන්ටරාත්තුව,1989 ඊනියා සාම ගිවිසුමෙන් ඉන්දියන් වදුරු හමුදා පැමිණීම ) අත්සන් කරගෙන රටම විදවපු අවස්ථා අපමණය. කිරි එළදෙනගේ හොදම කොටස ඉදිරිය කියා ගැමියෙකු රවටා බෙදාගෙන පසුපස කොටස ගත් කපටියා චීනය වෙන බව නියතය.
තොරතුරු දැනගැනීමේ පනතක් කියල එකක් තියෙනවා නේද? මේ රටේ උගතුනේ ඇයි මේ ගිවිසුම ගැන අහන්නේ නැත්තේ? ලාබය චීනයට නඩත්තු වියදම අපිට වෙන විදියටලු මේ මීහරක් වැඩේ කෙරෙන්නේ. දෙයියනේ හොයල බලල කරගන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න .