(කේ බුද්ධික කුමාරසිරි )
යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් 6 ක් සහ ජංගම දුරකථන අටක් සමග පාදුක්ක කුරුගල පරණ ඇදේශයේ කුලී නිවසක පදිංචිව සිටි මුස්ලිම් ජාතික තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
අදාළ කුලී නිවසෙහි සැකකටයුතු පුද්ගලයෙකු පදිංචිව සිටින බවට පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම් පවත්වා තිබිණි.
මෙම යුධ හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කට්ටල සහ මිලිටරි යන නාමය සහිත නිල ඇදුමට සමාන කමිසයක්, ගුවන් ගමන් බලපත්‍රයක්, විදේශී මුදල් නෝට්ටු කිහිපයක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ලොරි රථයක් සහ යතුරුපැදියක් ද තම භාරයට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු 28 වියේ පසුවන්නෙකි.
මෙම සැකකාර තරුණයා හමුවීමත් සමග යුද හමුදාව සහ පොලිසිය එක්ව පාදුක්ක නගරය අවට සෝදිසි මෙහෙයුමක් කරන ලදී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හමුදා නිල ඇඳුම හා සමාන ඇඳුම් සමඟ අයෙක් අත්අඩංගුවට