හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් හෙට (16) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අද (15) නිවේදනය කළේය.
නව සඳ නිරීක්ෂණය වීමත් සමඟ රාමසාන් මාසයේ උපවාස ශීලය අද (15) අවසන් වූ බව ද කොළඹ මහ පල්ලිය සඳහන් කළේය.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නවවැනි මාසය වන රාමසාන් මාසයේදී ඉස්ලාම් බැතිමත්හු උපවාස ශිලයක නිරත වෙති.
උපවාස ශීලය අවසන් වන්නේ නව සඳ නිරීක්ෂණය වීමෙන් වන අතර ඒත් සමඟම දසවැනි මාසය වන ෂව්වාල් මාසය ආරම්භ වේ.
ෂව්වාල් මාසයේ පළමු දිනයේ කරන සැමරුම රාමසාන් උත්සවය හෙවත් ඊද් අල් ෆිතර් උත්සවය යනුවෙන් හඳුන්වයි.
ඒ අනුව රාමසාන් උපවාස ශීලය අවසන් කරමින් ලෝ පුරා ඉස්ලාම් බැතිමතුන් සමඟ එක්වෙමින් මෙරට ඉස්ලිම් බැතිමතුන් හෙට (16) රාමසාන් උත්සවය සැමරීමට නියමිතය.
යාච්ඤාවල නිරත වීමෙන් පසුව ඉස්ලාම් බැතිමත්හු ඥාති හිත මිතුරුන් සමඟ ආහාරපාන බෙදා හදා ගනිමින් අද රාමසන් සමරති.
COMMENTS
රාමසාන්වලට පෙර දිනය පමණක් නිවාඩු... රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කාලය පිළිබඳව අවබෝධයක් නැති හැඩයි...
ලංකාදීප පාඨකයන්ට සහ අදහස් දක්වන සියලු සහෝදර ජනතාවටත් මෙම දිනයේ සුබ අනාගතයක් පතන්නෙමි.
සියලුම ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් රාමසාන් දිනයක් වේවා යයි පතමි.
ඔබ සැමට සුබ රාමසාන් උළෙලක් වේවා !!!