IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු බ්‍රසීල ජනපතිට වසර නවයක සිර දඬුවමක්

හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා මහතා විසින් සිදු කරන ලදැයි සැලකෙන දුෂණ වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට බ්‍රසීල අධිකරණය විසින් වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ. 
 
ඩොලර් දසලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීම හේතුවෙන් ඔහුට එම දඬුවම නියම වී ඇත. මෙම අල්ලස ඔහු ලබාගෙන ඇත්තේ නිවාඩු නිකේතනයක් නවීකරණය කිරීම සම්බන්ධයෙනි.
 
මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එතෙක් ඔහු බන්ධනාගාරගත නොකරන බව ප්‍රකාශ වී ඇත.
 
ලුලා ද සිල්වා මහතා මීළඟ බ්‍රසීල ජනපතිවරණය සඳහා සුදානම් වෙමින් සිටින බව ද පැවසේ. ඔහු අනෙක් අපේක්ෂකයන් අතර ඉදිරියෙන් සිටින බව විචාරකයෝ පවසති.
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085) 



අදහස් (17)

හිටපු බ්‍රසීල ජනපතිට වසර නවයක සිර දඬුවමක්

wedage Thursday, 13 July 2017 11:30 AM

ලුලා නැති වලට කනයා පණ්ඩිතයා

:       0       10

Nandalal DE SILVA - France Thursday, 13 July 2017 12:14 PM

නීතිය සැමට සමානව ඉටු කරන රටක් හැටියට බ්‍රසීලය හොඳ උදාහරණයක් මගින්ම පෙන්වාදී තිබෙනවා ! ඒ අය "කටින් බතල හිටවන්නේ නැතිව" ක්‍රියාවෙන් එය මනාව ඔප්පු කර තිබෙනවා. හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා ඩොලර් දසලක්ෂයකට අධික අල්ලස් ලබාගෙන වසර නවයහමාරක සිරදඬුවම් උරුම කර ගත්තා ! ඒක මහා සයුරෙන් ගත් ජල බිඳක් වගෙයි !

:       203       97

sahan Thursday, 13 July 2017 12:50 PM

අනේ අපේ රටෙත් බ්‍රසීලයේ වගේ නීතිය ක්‍රියාත්මක වෙනවානම්

:       136       154

KundasaleFriday, 14 July 2017 01:29 AM

කොකේන් සහ මර්ජුවානා ජාවාරම්කාරයන්ගේ අංක එකේ තිප්පල වූ, ලෝකයේ දරුණුම මත්ද්‍රව්‍ය සහ පාතාලය ක්‍රියාත්මක වන, සියදිවි නසා ගැනීම් වලින් ලෝකයේ අංක එක (වසරකට 55,000ක් පමණ) වන, ජාවාරම්කරුවන් ප්‍රාන්ත පිටින් පාලනය කරන බ්‍රසීලයේ නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටට පත් වෙන අපේ රටේ අය.

:       0       42

dias Thursday, 13 July 2017 01:17 PM

ලූලා වලේ කනයා ගොඩ.

:       0       7

Hafeel Thursday, 13 July 2017 01:59 PM

බ්‍රසීලයේ එහෙම වුනාට ලංකාවේ එහෙම නැහැ.

:       27       51

vidya Thursday, 13 July 2017 02:19 PM

මේත් කොමිනිස්කාරයෙක්. දුප්පත් මිනිසුන් උසිගන්වල බලයට ඇවිත් බලය ලැබුනහම ලංකාවේ වගේම මහජන දේපල සොරකම් කරනවා.

:       3       148

kumara Thursday, 13 July 2017 03:00 PM

ලංකාවෙත් ඔය ක්‍රමයමයි තියෙන්නේ.

:       7       8

පිටිගල මිලානෝ Thursday, 13 July 2017 03:49 PM

මහජන මුදල් කොල්ලකාපු ලෝකයේ ගොඩක් රාජ්‍ය නායකයෝ දඬුවම් වින්දා. කෛරාටික කම නිසාම සමහරු ඉන් බේරුනත් ඒ අයට ස්වභාවධර්මය උන්මත්තකයන් සේ වෛරය වපුරවමින් ජීවත් වෙන්න සලසලා තිබෙනවා.

:       201       133

K Perera Thursday, 13 July 2017 04:09 PM

ලංකාවෙත් මේවගේ නිතිය ක්‍රියාත්මක වෙනවනම් මේ රටේ ජනතාව කොතරම් වාසනාවන්තද!

:       38       31

Perera Thursday, 13 July 2017 07:21 PM

බ්‍රසීලයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

:       1       0

MAWBIMA LANKA Thursday, 13 July 2017 09:41 PM

කොහොමත් ඇත්ත හොරුන්ට මිනීමරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ, ලුලාට, ආජන්ටිනාවේ හිටපු ජනාධිපතිනියට ඉදිරිපත් කළ චෝදනා නීත්‍යානුකුලව ඔප්පු කිරීම සම්බන්දව ගැටළු තියෙනවා, ලතින් ඇමරිකාවේ ඇමරිකන් ගැති දක්ෂිණාශක පක්ෂ විවිධ කුමන්ත්‍රණ හරහා බලයට පත්ව අධිරාජ්‍යවිරෝධි ප්‍රගතිශීලි නායකයන් දඩයම් කරමින් ඉන්නවා, හෙට මදුරෝ ජනාධිපතිවරයාට අදාළවද එසේ විය හැක.

:       0       83

gihan Friday, 14 July 2017 01:20 AM

බ්‍රසීලයේ කොහෙද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ රට පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ. ඒ අයගේ සල්ලිත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ. හමුදාවේ 30000 ක බල ඇණියක් යොදවලත් සමහර ප්‍රාන්තවල ජාවාරම්කාරයො අල්ලන්න බැරි වුනා. පොඩ්ඩක් ලෝකය ගැන කියවල බලන්න මහත්වරුණි.

:       0       31

vipula Friday, 14 July 2017 03:03 AM

ලංකාවේ මෙහෙම නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. අඩු ගානේ පාරේ යනකොට මාර්ග නීති උල්ලංගනය කරලා පොලිස්සිය නීතිය ක්‍රියාත්මක කරනකොට අරෙහෙට මෙහෙට කෝල් කරලා බේරෙන්න හදනවා. එහෙම නැත්නම් ඔලුව කසලා බේරෙන්න හදනවා. ජනතාවගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ

:       0       36

Padmini Friday, 14 July 2017 04:08 AM

ලංකාවේ නීතිය මගින් කිසිදාක හොරු අහුවෙන්නේ නැහැ. හොරුන්ගේම කටින් කියමින් යන්නේ " කෝ ,හොරු ඇල්ලුවද? අපි අභියෝග කරනවා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා". එහෙම රටක නීතිය... ගැන කුමන බලාපොරොත්තුවක්ද?

:       51       169

duminda Friday, 14 July 2017 08:28 AM

මේවා ඔක්කොම දේශපාලන පළිගැනීම්...

:       149       89

kumar (galf) Sunday, 16 July 2017 08:37 AM

ලංකාවෙත් මේ වගේ පවුල් පිටින් වැරදිවලට රජගෙදර බෝඩිමට යවන්න ඕනේ...

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site