IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි


 
රංජිත් රාජපක්ෂ                      
 
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සිට නුවරඑළිය දක්වා ස්ථාන කිහිපයකම තවදුරටත් ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම රථ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා කර ඇත.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ පස්කඳු කඩා වැටෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.


රථවාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමාකර ඇති පස් කඳු කඩා වැටුණු  ස්ථානවල රථවාහන ධාවනය කිරිමේදී සැළකිලිමත් ලෙස ඉවසීමෙන් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ආරම්භ කර ඇත.


තවදුරටත් මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර ඇත.


 



අදහස් (0)

හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site