(සනත් ගමගේ)
හුංගම නගරයට හා මිණිඇතිලිය ගමට හැමූ තද සුළඟින් හානියට පත් වූ නිවාස වෙනුවෙන් නිවාස ලාභීන් 52 දෙනෙකුට රුපියල් පන් ලක්ෂ විසි දහසක මුදලක් දීම ඊයේ (14) සවස සිදු කළ බව අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් එච්.තිලකවර්ධන මහතා කීය.
ආපදා කලමනාකරණ ඒකකයේ ප්‍රතිපාදන යටතේ එක් පවුලක් සඳහා අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 10000 බැගින් මුදලින් ප්‍රතිලාභීන් 52 දෙදෙනාට ලබාදීම හුංගම ප්‍රජා ශාලාවේ දී ධීවර හා ග්‍රාමීය යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි සහ දකුණු පළාත් සභාවේ ඇමැති එච්.ඩබ් ගුණසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd