(සනත් ගමගේ)
මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරිම සඳහා සූදානම් කරමින් තිබූ හුංගම නගරයේ පිහිටි පෞද්ගලික වෙළඳසැල් හිමියකුට අයත් ගබඩාවකට අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සීල් තබන ලදී.
ලුණු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ලෙසින් හා ලුණු ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන ගොස් ඇති මෙම ස්ථානය කාලයක් වසා දමා තිබූ අතර එහි ගබඩා කැර තිබූ ලුණු තොග දැඩි ලෙස අපිරිසිදු වී තිබී ඇත.
ගබඩාව විවෘත කර ලොරි රථයකට ලුණු පැටවීමට සූදානම් කරද්දී ලද තොරතුරක් මත මෙම ස්ථානය වැටලීමට ලක්කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු සඳහන් කරති.
ගබඩාව තුළ තිබූ ලුණු තොග මත බල්ලන් මළ පහ පවා කර තිබූ බව නිරීක්ෂණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ගබඩාව තුළ කල් ඉකුත් වූ ලුණු පැකට් විශාල තොගයක් තිබූ අතර දැඩි ලෙස අපිරිසිදුතාවයට පත් වූ මිනිස් පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නොවන ලුණු විශාල තොගයක් ද තිබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.
අම්බලන්තොට ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය යූ.පී මාලක මහතාගේ උපදෙස් මත, හුංගම කොට්ඨාස මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.ඒ.සී.එච් කුමාර, ජී.එන් චන්දන කුමාර, කේ.ජී නිශාන්ත, එම්.එම් ඉමාෂුදින් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම වැටලීමට සහභාගී වූහ.




2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හුංගම ලුණු ගබඩාවට සීල් තබයි